Archive | News RSS feed for this section

ලංකාවට නව යුගයක්

යහපාලන ආණ්ඩුවේ දින 100 අවසානයේ මෛත‍්‍රිපාල සිරිසේන පැවැත්වු, බොහෝ විචාරකයන්ට අනුව ඓතිහාසික කතාවකැයි සැළකෙන දේශනයේදී, ලෝක ඉතිහාසයෙන් උගත හැකි අගනා කරුණු කිහිපයක් ගෙනහැර දක්වන ලදි. රූපවාහිනිය සහ ගුවන් විදුලිය ඔස්සේ විනාඩි 30 ක කාලයක් තුළ දසලක්ෂ සංඛ්‍යාත ජනතාවකට සජීවීව ආමන්ත‍්‍රණය කෙරුණු එම කතාව, ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සිදුවීමක් කෙරෙහි අපේ අවධානය යොමු කැරැවුණි. එනම්, ලක්ෂ සංඛ්‍යාත […]

තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යස්ථාපිත කිරීමේ යෝජිත විධිවිධාන දුර්වලයි, ව්‍යාකූලයි.

තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාපිත කිරීමට 19 වැනි ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ කටයුතු යෙදීම හොඳ දෙයක් වන නමුත් ඒ සඳහා යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත් වගන්තිවල ඇති අනුමාන අවිශද ස්වාභාවය අවශ්‍ය තරම් අවධානයට ලක් වී ඇති බවක් නොපෙනේ. තොරතුරු දැන ගැනීමේ අයිතිය ලබා දීම පිණිස කෙතරම් හොඳ පනතක් කෙටුම්පත් කළ ද තොරතුරු ලබාගැනීමේ අයිතිය නිර්ණය […]

19 ට අදාළ අධිකරණ තීන්දුව ගැන ඇතැමුන් නගන ඔල්වරසන්

19 යනු, ගැලවෙන්ට ඔන්න මෙන්න කියා තියෙන කිරි දතක් වගේදැයි දැන් සිතෙන ගානයි. ඒ තරමට, විපක්ෂයේත්, ආණ්ඩුවේ ඇතැම් කොටස්වලත් විවිධාකාර මුරුගකම්වලට එය මුහුණදෙමින් සිටී. මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයක්ද සමග එක විට ගෙන එන්නේ නම් මිස 19 ට ඡන්දය නොදෙමියි කියා පටන් ගත් විපක්ෂයේ විරෝධය, මේ වන විට, මහින්ද රාජපක්ෂගේ දූෂණ ගැන සොයා බැලීමට ගන්නා ප‍්‍රයත්නයත් 19 […]

මහින්ද රාජපක්ෂ යළිත් කොරන්න ඉල්ලීම සහ සාධාරණ නයාගෙන් දරමිටි බැදීම!

ආන්ඩු කරන්න බැරි නම් ඉවත් වී යන ලෙසත් තමන් කෙරන හැටි දන්නා බැවින් කරලා පෙන්වන්න පුළුවන් බවත් මහින්ද රාජපක්ෂ 22දා ගම්පහ පෙදෙසේ පන්සලකදී පවසා තිබේ. ඔහු කරන්න බැරි නම් දීලා යන්න යැයි කියන්නේ බහුතර ජන්දයෙන් හය වසරකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේනට ය. රාජපක්ෂගේ මේ කතාව සිහි ගන්වන්නේ ‘ නයා සාධාරණ වූ විට වැදි කොල්ලන් නයාගෙන් […]

‘දින 100න් පසු පුරවැසි වගකීම ඉතා වැදගත්‘ – ආචාර්ය උදන් ප්‍රනාන්දු

‘‘දැන් දින 100 දින 98ක් ගිහිල්ලා තියනවා. නමුත් එහි දේශපාලන වැදගත් කම් කිහිපයක් තියනවා. එකක් තමයි එහි තියන සාපේක්ෂ නවතාවය. අපේ මැතිවරණ ප්‍රකාශවල තියනවා අහවල් දේ කරනවා, යනාදී වශයෙන්. නමුත් මේ දින 100 වැඩසටහන තරම් නිශ්චිත යම් කාලයකට සීමා වූනු වැඩපිළිවෙලක් මීට පෙර දේශපාලන ප්‍රවාහයේ අවිල්ලා නැහැ. දින 100ක් කියන්නේ අවුරුදු 5ක් තරම් දීර්ඝ කාල […]

දින 100 සහ ඉක්බිතිව

මහ බැංකුවේ අධිපතිවරයාව අල්ලස් කොමිසම ඉදිරියට කැඳවා පැය හයක් තිස්සේ ප‍්‍රශ්න කෙරුණි. තුන් මසක් යන තෙක් රටින් පිටවීම ඔහුට තහනම් කෙරුණි. ජනවාරි 8 වැනි දා සිට අප ලබා ඇති ප‍්‍රගතියේ යම් තරමක් එම තනි සිද්ධියෙන් පෙන්නුම් කෙරේ. රාජපක්ෂ පාලනය අවසන් කළ දා සිට, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, වගවීම සහ නීතියේ ආධිපත්‍යය දක්වා ගොස් ඇති ගමන පරිපූර්ණ නැත: එය […]

හොරකංකිරීමටත්, අපරාධකිරීමටත් නියම ලැයිසොං එක

Image Credit: Sathya Adahara /FB රාජපක්ෂවරු දැන් අන්දුන්කුංදුන් වී ඇති නමුත් දැන් ලෝකෙටම තවත් ඉතාමත් ඉහළ ආශ්චර්යක් පෙන්වමින් තිබේ. එයට මූළික පදනම වී ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුලු පිරිසක් අල්ලස් කොමිසම හමුවට කැදවා තිබීමයි. කොහේදෝ යන වැස්සකට ඉස්කෝලෙකට ගොඩ වී ‘මම පාසල් ගියා‘ කිව්වා සේ එක්තරා විශේෂ අවස්ථාවක නීතිඥයෙකු වීමට වරම් ලැබූ අය ජනාධිපතිලා […]

ප්‍රතිවිප්ලවය අත‍ළඟ: ජනාධිපති සිරිසේන, මොර්සිගෙන් ඉගෙන ගන්න

ඊජිප්තුවෙහි ජනප්‍රසාදිත වසන්ත විප්ලවයෙන් පසු පැවැති මහා මැතිවරණයෙන් ජනාධිපති බවට පත් මොහොමඩ් මෝර්සි ප්‍රති විප්ලවය මගින් බලයට පැමිණි යුද හමුදා ආන්ඩුව අද විසි වසරකට සිර ගත් කළේ ය‍. මහත් අපේක්සා ඇතිව එකී විප්ලවයේ නායකත්වය හෙබවූ යෞවන පරම්පරාව ද අද සිර ගත කොට හෝ මරා දමා හෝ තිබේ. විප්ලවයක් බාගයට කිරීම යනු තමන්ගේම මිනීවළ හාරා ගැනීමක් […]

හොරු නොඅල්ලනු!

රටේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර යවනු ලබන්නේ රටක සම්පත්, ජාතික දේපළ ආරක්ෂා කර ඒවා වැඩි දියුණු කර හදාවඩා ජනතාවගේ උවමනාවන් සඳහා, සමාජයේ ඉදිරි සංවර්ධනය සඳහා ක්‍රමවේදයන් සකස් කර සොර සතුරන්ට ජාතික දේපළ සොරකම් කර ගැනීමට ඇති ඉඩකඩ අහුරා, එසේ ජාතික දේපළ හොරකම්කළ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙනඒම තුලින් රටේ ජනතා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහායි. […]

‘මේ ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කර ගැනීම වෙනුවෙන් එක දිගටම වැඩ කරනවා.’’ | ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

ආණ්ඩුවේ ව්‍යවස්ථා කෙටුම්පත් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියට කී පරිදි, ජනමත විචාරණයකින් තොරව ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කර ගැනීමේ අවකාශය මේ අධිකරණ තීන්දුව හරහා විවරව ඇත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශයට පත්කළ මතය ගැන ඔබේ ප‍්‍රතිචාරය මොකක්ද? අධිකරණ මතය තුළ දකින්න තියෙන වැදගත්ම දේ තමයි, ආණ්ඩුක‍්‍රම […]

මංත්‍රීවරුනි, ‘එළැඹ ඇති සුවිශේෂී දේශපාලනික පෙළගැස්ම, යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට මාහැඟි අවස්ථාවක්සේ සළකා සාධාරණය ඉටුුකරන්න‘ – SLAPA

ලංකාවේ මේ වන විට එළඹ ඇති සුවිශේසී දේශපාලනික පෙලගැස්ම මහඟු අවස්ථාවක් කොට ගෙන 19 වෙනි සංශෝධනයට සහාය ලබා දී තම මව්බිමට සාධාරණය ඉටුකරන ලෙස සියළු මහජන නියෝජිතවරුන්ගෙන් ශ්‍රී ලංකා විද්‍යාර්ථීන්ගේ හා වෘත්තිකයන්ගේ සංගමය(SLAPA) ආයාචනා කරනු ලබයි. ශ්‍රී ලංකා විද්‍යාර්ථීන්ගේ හා වෘත්තිකයන්ගේ සංගමයේ(SLAPA) සභාපති, මහාචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් […]

ප්‍රජාතන්ත්‍රවාදයේ වගකීම ෆැසිස්ට්වාදය පැරදවීමයි

ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලන බලවේගයන් තම බලය අහිමි වූ විට එම බලය කුමන ආකාරයකින් හෝ නැවත තමන් වෙත ලබා ගැනීමට සටන් කරනු ලබයි. ෆැසිස්ට්, ඒකාධිපති හෝ වැඩවසම් බලවේගයක් අත තිබූ රාජ්‍ය බලය පෙරළා දැමූ පසු ඔවුන් ඕනෑම විනාශයක් රටට, සමාජයට කර හෝ නැවත බලය අත්පත් කර ගැනීමට මාන බලති. ඔවුන් බොහෝ විට ඒ සදහා පාවිච්චි කරනුයේ […]

19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට හොඳම වෙලාව දැන්

ශ‍්‍රී ලංකාවේ දේශපාලනික වෙනස්කම් කෙරෙහි මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වන්නේ අසහාය දායකත්වයකි. තමාට අභ්‍යාස කළ හැකිව තිබෙන, වර්තමාන විධායක ජනාධිපති ව්‍යවස්ථාවේ අඩංගු බලතල සෑහෙන ප‍්‍රමාණයක් පාර්ලිමේන්තුවටත් අගමැතිවරයාටත් පැවරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඔහු බෙහෙවින් උර දුන්නේය. 1995 සිට බලයට පත්වූ සෑම ජනාධිපතිවරයෙකුම මේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ප‍්‍රතිඥා දී තිබේ. එහෙත් ජයග‍්‍රහණයෙන් පසු ඒ සෑම […]

රටේ අනාගතයට රාජපක්ෂලා ඕනෑද?

මෙතරම් අවබෝධයකට පසු, මොන සමාවක්ද? – ටී. එස්. එලිඔට් (ජෙරෝන්සන්) අපි අවබෝධ කරගත් මූලික කාරණයක් තිබේ. ඒ වූ කලී, ‘ප්‍රජාතන්ත්‍රවාදයට’ මුවා වී රටේ ජනතාවගේ මූලික අයිතීන් කොල්ල කෑමෙන් සිදුවන විනාශය සහ තම කොල්ල කෑම “දේශහිතෛශී” ප්‍රචාරණ උපායන් මඟින් වසා දැමිය හැකි සීමාවන්ය. රාජපක්ෂලා දේශපාලනික වශයෙන් මුළු රටට පමණක් නොව ලෝකයටම ප්‍රායෝගිකව තේරුම් ගැනීමට අවස්ථාව ලබා […]