සරොජිනී අම්මා
May 16, 2013 by Karapoththa
Filed under Colombo, Poems, Puravasi Katha
අම්මාවරුන්ගේ දිනයක් ආවා ය
මව්වරුනට දරු උණුසුම දැනුනා ය
අම්මා මතක් වී මා සිත හැඩුවා ය
සරස්වතී අම්මා සිහි වූවා ය
වයස හැත්තෑ පහයි
උපන්දිනේ දන්නේ නෑ
දරුවන්ගේ නම් මතකයි
පින්තූර මුකුත් නෑ
ස්විස්ටර්ලන්තයට ඇවිත් අව්රුදු තුනයි
යාපනයේ ගම්මානෙක උන්නාය
ගොවිතැන් බතින් දුෂ්කර දිවි ගෙවුවාය
දරුවන් පස් දෙනෙක් මෙලොවට දුන්නාය
අම්මා සරස්වති දෙමළය වයසකය
යුද්දේ භයංකාරයි
ගමින් ගම ගෙයින් ගෙට ගිනි බිදුනි
දරුවෝ එකා එකා රට හැර ගියහ
ලොකු පුතා කැනඩාවේ
දෙවැනියා ප‍්‍රංශයේ
පුරුෂයි තවත් පුතෙක් ජර්මනියේ
එක්කෙනෙක් නොර්වේ, බාලයා ස්විස්ටර්ලන්තයේ
මං සරෝජිනී අම්මා බලන්න ගියේ අනාථ කඳවුරේ සහායිකාවගේ ඉල්ලීම නිසා.‘‘ඔබ ලංකාවෙනෙ. මං බාරයේ ලංකාවේ අම්ම කෙනෙක් ඉන්නවා. කතා කරන්නවත් කව්රුවත් නැහැ. දවසම ඉන්නේ ඇගේ කාමරේ. මව්වරුන්ගේ දවස එනවනේ. බැරිද ඇවිල්ල පොඞ්ඩක් කතා කරල යන්න? හැබැයි ඇය ඉන්නේ ඔබ ඉන්න ජිනීවා වල නොවෙයි, අනාථ ජිනීවාවල’’
දරුවන් ලොකු මහත් කර පිට රට යැවුවාය
බිරිදන් සොයා කරකාරෙට දුන්නාය
ඉද හිට එවූ චොකලට් රස වින්දාය
ගේ දොර ඉඩ කඩම් උකසට ගෙවුනාය
දරුවන් ලෝක ප‍්‍රජාවේ කොටස්කාරයෝ
ජර්මන්, ප‍්‍රංශ, ඉංගිරිසි, නොර්වීජියන් බස් දොඩන.
ඒත් අම්මා ඉන්නේ ජිනීවා අනාථ කදවුරක
අඩි අටක් පළල අඩි 10ක් දිග පුංචි කාමරයක.
අන්තර් ජාතික වූ දරුවෝ දැන් දෙමළ අම්මාට ගෙදරට ගන්න කැමැති නෑ.
සරස්වතී අම්මා ඉන්නෙ අසනීපයෙන්.
අනාථ කඳවුර රට රටින් ආ ජනයගෙන් පිරිලා.
පවුල් 20කට එක කුස්සියයි. වැසිකිළියක් හවුලේ.
පැල්පත් නොවන පැල්පත්, සත් මහල් කොන්ක‍්‍රීට් කැලයක. ඇයගේ දේශපාලන රුකවරණ ඉල්ලීම ප‍්‍රතික්ෂේප වෙලා, ඉන්නේ තාවකාලික අවසර පත‍්‍රයෙන්. ජීවත්වෙන්න ලැබෙන්නේ සොච්චමයි.
සතියේ දිනය හෝ කවදා දැයි නොදනී
දරුවන් එනු නැතැයි වත කඳළින් පෙඟුනී
දෙන දේ මිසක් රස අහරක් නොවුනී
ගෙන ආවේ ඇයි ද යන්නේ කවද ද පුතුනී?
කඳවුරේ දෙමළ දන්නා එක කෙනෙක්වත් නෑ.
සරෝජිනී අම්මා දෙමළ හැර අන් බසක් දන්නේත් නෑ.
උයාගෙන කන්න හයි හත්තියකුත් නෑ.
කාමරය බැලූ බැල්මටම හඩු ගඳයි.
අප ගිය විගස ඇය එළියට ආවාය
මුහුණේ සිනහවක් විකසිත වූවාය
මගේ පුතත් මේ වගෙමයි කීවාය
අහස බලා දෙවි පිහිටයි මැතිරීය
ඇයට දෙමළ බසින් කතා කරන්නවත් කෙනෙක් නෑ.
දහස් ගණනින් විමුක්ති ධජ පතාක රැගෙන
දෙමළ අරගලයේ කාහළ නාද නැංවෙන
මේ ජිනීවා පුරවරයේම
ඒ දෙමළ අම්මා දෙමළෙන් වචනයක් අසන්නටවත් කියන්නටවත් නැතිව
මේ මව්වරුන්ගේ දවසේත් බැලූ අත බලා ගෙන
ඉන්න ඇති.
මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා, මගේ කන් දෙකෙන්ම ඒ කතාව ඇහුවා
ඔන්න ඔහොමයි අම්මා කෙනෙක් දවසරින්නේ දරුවන් ‘සීතල යුරෝපයේ සැප විදින‘ අතර.
සිංහලද දෙමළද කියා නෑ වෙනසක් ඩයස්පෝරාව කියන්නේ ආත්මාර්ථයේ ජායාවටයි
දෑසට පෙනෙන හැම හිම කැටයක් තුළම
මට පෙනෙනවා අම්මා හිච්චි කියන
අම්මා සමඟ එක පැදුරේ නිදන
සිහිනය පෙනෙයි මා සතුටින් තියන
කඳවුර සීතලෙන් ගල් කර පතිත හිම
අම්මේ සරස්වතී, කීවද ඔබට කිසිත්?
හිච්චි පුතා
12.05.2013
බොදු බල බයිලා නොහොත් සාදු ජන රාව
April 21, 2013 by Karapoththa
Filed under Colombo, Poems
දුනු ඊතල කැති තුවක්කු අතට ගනිල්ලා
සිවුරු දාපු හමුදාවක් බඳව ගනිල්ලා
අපි සිංහල වංශේ බව හිතට ගනිල්ලා
බුද්ධාගම රැක ගන්නට බිලි දීපල්ලා
සාදු සාදු සාදු මහන කරමු සාදු
සාදු සාදු සාදු වැඩම කරමු සාදු
සිංහල දීපේ සිංහල එකම බසයි මේක
බුදුන් ඉපදුනත් දඹදිව දහම රකිනු සේක
දෙවියන් හට භාර කරල බුදුන් ගියපු සේක
ඉතිරි හරිය සිංහලයට ලියා දුන්නු සේක
සාදු සාදු සාදු මරමු කොටමු සාදු
සාදු සාදු සාදු අපි අපි වෙමු සාදු
අභිධම් වින සූත්‍ර බණ දියකර හරිමු
පත අට ගෙන හිඳ බිඳ බිඳ ඉන් වෙඩි තියමු
සිහල නොවන සිඟාලයින් තොලොංචි කරමු
සක්වල ගල මුදුනට නැග කිරිබත් උයමු
සාදු සාදු සාදු උතුර දකුණ සාදු
සාදු සාදු සාදු සිංහල රට සාදු
මියන්මාර සඟ පුත් බොදු බල සේනා බල
දිරි සවි ලැබ රජ පහසින් සිඳ රුපුගේ ගෙළ
සතර අතින් කහ කනේරු මල් පාවඩ එල
රටට මල්වඩම වඩමනු හැටි සිහලුනි බල
සාදු සාදු සාදු අපි සිංහල සාදු
සාදු සාදු සාදු රට සිංහල සාදු
උදය ආර්. තෙන්නකෝන්| Udaya R. Thennakoon
ගම්ලත් ගියා බැසගෙන
March 31, 2013 by Karapoththa
Filed under Colombo, Poems
සඳකි ලොව අපමාන
March 8, 2013 by Karapoththa
Filed under Colombo, Poems
(ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි)
බාල චන්ද්‍ර මෙනෙහි කළ ධර්මපාල ජාතකය
February 25, 2013 by Karapoththa
Filed under Jaffna, Poems
මහ රජ
එකල්හි සිරිලක
උතුරු බිම් කොටුකර
පැවැතියේ ඔබගේ යුද්ධය යි
…………………..
ඔබ විසින් ජය ගත්
නසා විධවංශනය කළ
දෙමළාව ශුද්ධ කළ භූමිය යි
…………………..
අප අත ඇතැති
ඔබගේම ගැත්තකු ගෙන ඇති
පසුව අප හට දී ඇති
පිංතූර බල මැනව
…………………..
දොළොස් හැවිරිදි
ප්‍රභා කොටි නායකගෙ පුත්
බාල පුත් බාල චන්ද්‍රන්
…………………..
පපුව පසාරු කර ගෙන
හිල්කර ගිනි හීය කා ගෙන
බිම වැටී නිදියන
බාල චන්ද්‍රන් නොවේ දැයි බල මැන
…………………..
නැත නැත
මෙය පිළි ගත නො හැක
අප කළේ මානුෂික මෙහෙයුමකි
යටත් වූ කිසිවකුට
භාර වූ හතුරෙකුට
යුධ ධර්මයෙන් එපිටට
නොකළාහ අනිටු දෑ කිසිවිට
…………………..
එබැවින් මේ නිදන දරුවා
බාල චන්ද්‍රන් විය නොහැක
පපුව සිදුරු කළ
සැකසූ ව්‍යාජ පිංතූර විය හැක
…………………..
අප කළේ මානුෂික මෙහෙයුමකි
මේ අලුත් රූපය ඇත්තකි
පංච සීලය රකින සෙබලුන්
රැක ඇත සතුරන්ගෙ වුව දරුවන්
…………………..
බන්කරයේම රැකගෙන
බිස්කට් වතුර දී ගෙන
සරමක් පොරවාන
සිටිනා අයුරු බල මැන
…………………..
ඒ අපේ මෙහෙයුමයි
අප දම්පල් පරපුරයි
නපුරක් කිසිවකුට නොකරයි
අකාලේ කිසිවකු මිය නොයයි
…………………..
මේ බාල චන්ද්‍රන්
අපට කවුරුත් දරුවන්
අනක් ලැබ සෙබලුන්
නසනු නැත මේ සොඳුරු කුමරුන්
උදය ආර්. තෙන්නකෝන් | Udaya R. Thennakoon
මාතෘකාවක් නැති මාතෘභූමිය දෙමළට පරිවර්ථනය වේ
මංජුල වෙඩිවර්ධන විසින් 2010 දී එළිදැක්වූ මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි කාව්‍ය සංග්‍රහයේ දෙමළ පරිවර්ථනයක් ඉන්දියාවේදී මුද්‍රණද්වාරියෙන් එළිදැක්වී ඇත. එම්. රිෂාන් ෂෙරීෆ් සහ ෆහීමා ජහාන් නම් වන කෘතහස්ත පරිවර්ථකයන් විසින් දෙමළ භාෂාවට නගා ඇති මෙම කෘතිය එක්සත් රාජධානිය කේන්ද්‍ර තරගත් Ezhuna ජනමාධ්‍ය පදනමේ ප්‍රකාශනයකි. මෙම කෘතිය එළිදැනක්වීම නිමිති කරගත්සංවාදයක් අප්‍රේල් මාසයේදී ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතව ඇත.
1997 දී ෂේන් මැකෙල්වි සමග එක්ව සිය ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය වූ ‘‘නිරුත්තර සමාධිය‘‘ එළිදක්වන මංජුල, 2002 වර්ෂයේදී ‘‘පිළිහුඩුවී‘‘ ද ,2008 වර්ෂයේදී ‘‘මධුසදිනි මධුවිත‘‘ ද යන කාව්‍ය කෘති සිය පාඨක සහෘදයා වෙත තිළිණ කළේය. 2009 වර්ෂයේ සිට පිටුවහල් ජීවිතයක් ගත තරන මංජුල වෙඩිවර්ධන 2010 වර්ෂයේදී ‘‘මාතෘකාවක් නැත මාතෘභූමිය හෙවත් දෙමළ කවි‘‘ නම් වූ නිර්මාණ සංග්‍රහයද 2011 වර්ෂයේදී ‘‘ඇහැළ ඇමතුමකට ඇහැරෙමි‘‘ යන කාව්‍ය කෘතියද ප්‍රකාශයට පත් කළේ ය.
ලේඛකයෙකු මෙන්ම ජනමාධ්‍යවේදියෙකු වන මංජුල වෙඩිවර්ධනගේ මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි නිර්මාණ සංග්‍රහය, සිංහල භාෂවෙන් දෙමළ භාෂාවට සම්පූර්ණ පොතක් ලෙස පරිවර්ථතය වූ ප්‍රථම කාව්‍ය සංග්‍රහයයි.
මෙම දෙමළ පරිවර්ථනය එළඹෙන හා තවත් කෘති කිහිපයක් නිමිති කරගත් සංවාදය, අප්‍රේල් මාසයේදී ලන්ඩන් නුවරදී පැවැත්වීමට සමගාමීව නොර්වේහි දී ද සාක්ච්ඡා සභාවක් පැවැත්වෙන බවත්, මැයි මාසයේදී කැනඩාවේ සහ ස්විට්සර්ලන්තයේදීද මෙම ක්‍රියාවලිය සිදුකිරීමට නියමිත බවත් ezhuna ජනමාධ්‍ය පදනම පවසා සිටියි.
දැනට මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වී ඇති මෙම දෙමළ කෘතියේ පිටපත් පහත ලිපිනයෙන් ලබාගත හැකි බව එම සංවිධානය වැඩි දුරටත් පවසා සිටියි.
Discovery Book Palace (P)Ltd
No.6, Magavir Comlex, 1st Floor
Munusamy Salai, K K Nagar West
Chennai – 600078
Tamil Nadu, India.
(Near Pondichery Guest house)
Phone +91 44 65157525 , Cell +91 9940446650
දියවන්නා උත්තම ගීතිකාව
February 5, 2013 by Karapoththa
Filed under Colombo, Poems
කඩින් කඩ අලූතට ඔප දමන
කුට්ටමකි බූරුවා ‘කිසි-කිසි’ ඇනුම දෙන
යස රගකි – පනස් සතරක් පත් සමගින
‘ජෝකර්හු’ ද අයත් ඊට ම.
මහ බූරුවා පොළකි හුරුබුහුටි
දෙසිය විසිපහක
පඩත්තල රෑනක අත්වැලැ‘ති
සාටක-ටයි පටි
සරම්-කලිසම්, ඔසරි ද පැළැදි;
සුවැති අසුන්-රසමසවුළු
ඩුරු පාක්කුඩම් සත්වරිගෙට ම
යෙහෙන් ගෙන දෙන
මහ බූරුවා පොළකි
ගම්භීර පරම අධිපති බල රැදුණ.
‘වන්නාට අවසරයි..!
ඉතින් ගසමු බූරුවා,
තම තම අසුන් මත සිට
කැමැත්තේ නම් සරම ද කැසපොට-
ගසමු ගසමු බූරුවා..! ’
අණ දෙයි මහ පඩත්තල තැන
ඉසුඹුලන අසුනට බර දෙමින.
‘බදු කන’ අවැසි පඩත්තල රොත
ඉක්බිත්තෙන්
වැද නමස්කාර කොට ‘ගජමුතුවට’
පිරිනමා ප‍්‍රශස්තිය ‘මහදනට’
සැරසෙත් නො කැළල් බූරු කෙළියට.
‘උතුමාණනී මහ පඩත්තල…
අද කුමන නම් කෙළියක්
කෙළවම් ද කුට්ටමෙන් බූරුවා..! ’
හිස කද ‘ජොල්’ බඩ ද නමා පෙරට
අසයි නිතියෙන් බාරකාර පඩත්තල.
‘කැමැත්තක් කෙළෙත්වා !
හැබැයි
බහුතරයට තැන දෙන !
නො වේ නම් එලෙස
සදනු බහුතරය
තුනෙන් දෙකේ
‘සාටක’ බැතියෙන ! ’
සුවච කීකරුව අණ කරට ගෙන
උත්තරීතර පඩත්තල රොතම
යුහුසුළු වෙත් කෙළින්නට බූරුවා !
‘නමෝතස්ස භගවතෝ අරහතෝ
දෙවියනි ගැළැවුම්කාරයාණෝ නුඹයි
ඉෙරෙවන් තුනෛ පුරිවාරාහ
නාමයෙන් පරම දයාලූ අල්ලාහුගේ ’
එපිට-නො පිට ඇසෙන ලෙසින
ගැයේ-වැයේ නිරතුරුව ම
පඩත්තල ගීතිකාව ;
‘අයෙක් නටත් සුරා මතින්
පංචකාම තුරුලූ කරන් ’
ජෝඩු-ජූස්, බූරු-හෝමි
ගජරාමෙට සෙල්ලම් නම් ගැනුණු
වුව එපවත් – ‘හෝමියට’ වැඩි නැඹුරු.
ගජ සෙල්ලම් බහුතරයේ මන පරිදි
බලා සිටිත් සෙසු සෙස්සෝ
බහුතරයේ වරම් අහිමි.
මාතු පාදං-පීතු පාදං
උත්තරීතර දියවන්නා
මදිය නම් එක කුට්ටමක්
‘අනනු-අනනු ඇති පදමට
කුට්ටම් තව-තව ගෙන’
මහතැනගේ කරුණාවයි නිරතුරු !
ජෝකර්වරු අවැසි නැත
මහ පඩත්තල සහ පරිවා තැන
අරක්ගෙන සිටින බැවින.
‘හෝමියට’ හතර දෙනයි
බූරු පොළම හෝමි ගෙයක්
කැට දහය ම ඉවර වුණත්
බූරු පොළේ සයවසරක් !
මයිනර් ෆෝර්ඞ් ලාන්සර්
ඒ ඉස්සර
බෙන්ස් පැජරෝ ප‍්‍රාඩෝ
මේ මෑතක
ලැම්බෝගිනි
දැන් අලූතෙන්
අගේ-අගේ හරිම අගේ
පඩත්තලයෝ එකා-එකා
බූරු පොළට ඇදී එතේ.
බැතට පස්වන ජන ගිගුම
යුද මරණ බිය දෝංකාර;
යකඩ මත පණ අදින
ඒ මිනිස් මර ලතෝනිය;
පැමිණියේවතුදු නිදිවරා මහබරට
බූරු කෙළිත්-බූරු කෙළිත්
පඩත්තලයෝ බූරු කෙළිත් !
‘මං දින්නා – උඹ දින්නා
උඹ දින්නා – මං දින්නා’
අයෙක් නටත් සුරාමතින්
පංචකාම සැප ගනිමින්.
ඇණ ගසා – වෙඩි තියා
දෙබා කෙරුමට කම්කරු හිස්
යෙහෙකි
කෙළසන්නට
කන්‍යාවිය නීතියේ
පඩත්තල බහුතර තෙදින්
උත්තරීතර !
මරේ මරුය ‘හෝමි’ කෙළිය
දින්නත් දිනුම් – පැරැදුණත් දිනුම්
හරි හරියට පිටමැතුරුම් !
ආසි-හේර-පොරව-බූරු
කැට විස්සයි දෙපැත්තට ම;
කැපූ එකා තුරුම්පු කී
කියල පරාදේ දඩත් හිමි;
සෙපෝරුවට මොකුත් නැතේ
ඊළග අත දඩත් දෙතේ;
කපෝතියක් වැදුණෝතින්
සුනේ සුන් හතර හතේ;
තුරුම්පු හතට ඉතින්
යට ය කොයි කෝකත්;
කියල-වහල-ඇදල ගැහුව
බාල්දුවට-පිටවාසියි
වල් ආසියා ගොඩ දැම්මා;
මහ වැළකි සද්ද කෝසේ..!
‘අවසරයි මහ පඩත්තලයාණනී..,
පහ කරන්නට ඇති බැවින මළ මූත‍්‍ර
අහවර කොට මේ බූරු කෙළිය අද
කල් දමනු මැන පසු දිනට ’
‘බිය නොවන්න බත්බැලයනී..,
සිටින තැන ම පහරනු
මළ-මූත‍්‍ර යන ලෙසින
බේද කිසිත් අපට නැතේ
කෙළිනු බූරුවා දිගට ම
නො බා දිරිය පසුපසට ! ’
ඉනික්බිත්තෙන්
නැළැවෙන හඩට සැළලිහිණි සර ගෙන
පහරන්නට විණි පඩත්තල රෑන ම
උනුන් පරයා සිටි තැන මැ.
‘බත්බැලයනී බිය නො වන්න..!
පහරපු රෙදි කඩ යළි වේලන
ස`ග වෙද ගුරු ගොවි කම්කරු ‘වැල්’ යායක්
එපිට පැත්තේ බූරු පොළේ
හද බැතියෙන්
හරි හරියට මොර දෙන සැටි
නො පෙනේ ද
ඉතින් නුඹට ! ’
උතුමාණන් මහ පඩත්තලගේ
තප්පුලෑම
මහ දිරියකි බූරු පොළට.
එහෙයින්
එය එසේ ම
නො නැවැතී බූරු කෙළිය
යතේ මහබරට ඉදිරියට ම;
සකල දන මන පොබයන
අලූත් පඩත්තලයන්ට ද
ඉඩ දී යහපත් වන්ට
පත එකට සි`දවා !
සදුන් යාපා කරුණාරත්න
අපි මාර මිනිස්සු
January 18, 2013 by Karapoththa
Filed under Colombo, Poems
Rizana’s family in Muttur , (file photos taken by Amadoru Amarajeewa) and Picture Courtesy: wikipedia.org
අස්ථිකරණයට මත්තෙන්
පුවත් එන උණුහුමින්
පුවතක් උනත් කිව යුතු
නොකියා ඉන්න මා සිතු
|
එවෙලේම කිව්ව නම්
වැළපුණු මගෙ හිතට හරි නෑ
නින්දට ගියපු නුඹගේ
වැලි කතර සොහොනට හරි නෑ
|
නුඹ ගැන නොවේ නැඟනී
කියන්නට නම් අවැසී
දුක්වුණ දනෝ වැළපී
පුදුම හදවත් අපිට තිබුණී
|
කුරානය කිය කියා
තත්පරය මරු එන තුරා
ගැහෙන හදවත් නෙත් අයා
ශාප කර දෙස් දීම නොව මුසා
|
ඇස් බැඳ නිරුවත්ව
දක්කන් ගිහින් තිරිසන්ව
වෙඩි තිය තියා හිනැහෙත්ම
වැළපෙන්න බැරි වුණේ කිම
|
හදවත් හරිම උභතෝකෝටිකයි
වැලපෙනා හිත් චතුස්කෝටිකයි
හිත් නම් ඉතින් ශරියා නීතිය යි
කර බා ගත්ත බොදු බැති ජාතියයි
|
මර මරා දහස් ගණනින්
උතුර නොව දකුණත් අඳුරින්
නොමිනිස් අඩකට හිලව් කරමින්
අපි තවම දුටු ගැමුණු දරුවන්
|
උතුරේ මරපු මිනිසුන්
ධම් චක්‍ර දැති පහරින්
ඒ වීඩියෝ බලමින්
අමතක වුණේ වෙන්න මිනිසුන්
|
මොන තරම් සැපයක් ද සැබෑවක් වේ නම්
December 21, 2012 by Karapoththa
Filed under Colombo, Poems
මායා වරුන්ගේ මායාව
සැබෑවක් වේ නම්
මොන තරම් සැපයක් ද
භේදයක් නැතිව
එකට නින්දට යන්න
|
කළුවර විසින් දක්කන
ඉර ගිලෙන බටහිර
පසු දා අරන් පෙරමුණ
දනී මතුවන පෙර දිගින් නව ඉර
|
එන්නට හිතුණෙ නැති නම්
ගිල්වන්න අඳුරෙ හැකි නම්
නපුර පරදා ලබන ජය නම්
වේය නිර්වානෙ ලබන මනරම්
|
ඇති වී පැවත නැති වීම
අලුතින් යමක් එක් වීම
කියන්නට හදන පාඩම
නිමා කළ හැකි ද හැමටම
|
මැරී මැරී වමාරන
අසමාන බරවා ජීවිත
කුසට අහරක් නැතුව
ශාපයෙන් වැළලෙන
|
කොල්ල කා ගත් මහා
නිදන් ධන සාගරය
බෙදා ගන්නට සිතක් නැති
ලෝකය කුමට දකිනා මේ දෑස
|
හැකිනම් හැමට යන්නට
චාරිකාවකි නොඑන්නට
දුකක් නොමැතිව විඳින්නට
මරණය සමානව ලබන්නට
|
සැබෑවක් වේ නම්
මොන තරම් සැපයක් ද
භේදයක් නැතිව
එකට නින්දට යන්න
රටා දමා අරගලයේ පැදුර වියනු මැන
September 24, 2012 by Karapoththa
Filed under Colombo, Poems
‘මේ බිමට නුඹ ඉපැද්දවූවාට සමාවෙන්න’
July 27, 2012 by Karapoththa
Filed under Colombo, Poems



Repost This Article



























