Vikalpa

කොළඹ සිට ජයග‍්‍රහණය සමරණ අතරේ, කුමක් සිදුවීද යන්න මන්නාරමෙන් මතකයට නගාගත හැකි විය
[ Image Credit: www.commercialappeal.com|AP Photo/Eranga Jayawardena]

මැයි 19 යුද්ධයේ විජයග‍්‍රාහී දිනය වශයෙන් සහ රටේ දෙවැනි නිදහස් දිනය වශයෙන් සැමරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ශ‍්‍රී ලාංකීය ජනතාව දෙපසට බෙදීමේ තවත් පියවරකි. රටේ භූමි ප‍්‍රදේශය නැවත එක්සත් කළ ආණ්ඩුවම, අහම්බෙන් හෝ සැලසුම් සහගතව රටේ ජනතාව අතර භේද වැපිරීමේ වාහකයකුත් වී තිබීම, උත්ප‍්‍රාස ජනක ය. රටේ නූතන ඉතිහාසයේ තීරණාත්මක ලක්ෂ්‍යයක් සනිටුහන් කළ එම දිනයේ මන්නාරමේ සිටි මට, ශ‍්‍රී ලාංකීය ජනතාව ආකල්පමය වශයෙන් බෙදී වෙන් වී ඇති සැටි පෙනුණි.

ආණ්ඩුව ත‍්‍රිවිධ හමුදා පෙළපාලි සහ සංදර්ශන සහිතව කොළඹ සිට ජයග‍්‍රහණය සමරණ අතරේ, යුද්ධ කාලයේ කුමක් සිදු වී ද යන්න මන්නාරමෙන් මතකයට නගාගත හැකි විය. අවසාන සටනේ දී ජීවිතක්ෂයට පත් අයවළුන් සිහිපත් කිරීම සඳහා රැස් වූ එක්තරා පිරිසක් සන්නද්ධ හමුදාවේ සහ පොලීසියේ තුවක්කු එල්ල කොට වළක්වන ලදි. ඔවුන්ගෙන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, පසුව එදා මහ රෑ ඇප පිට නිදහස් කර හරින ලද බවත් වාර්තා විය. එවැනි සැමරුම් රැස්වීම් පැවැත්වීම නීති විරෝධී වන බවත්, එවැනි උළෙලකට සහභාගී වන අයවළුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, ඊට කලින් රජයේ මාධ්‍ය හරහා ප‍්‍රචාරය කොට තිබුණි.

කෙසේ වෙතත්, අවසාන සටනේ දී මියගිය පිරිස් තමන් ස්මරණය කළ බව, විපක්ෂයේ දෙමළ දේශපාලන පක්ෂ කීය. එල්.ටී.ටී.ඊ. නායකත්වය ඝාතනය කෙරුණේ ඒ සටනේ දී ය. සැමරුම් සම්බන්ධයෙන් පැවති ඒ ගැටුම්කාරී තත්වය තුළ, යුද්ධයේ සකල වින්දිතයන් සැමරීමට පල්ලිය ගෙන තිබූ තීරණය ප‍්‍රායෝගික ය. තම හිතෛශීන්ගේ මරණ සිහිපත් කිරීමට දෙමළ ජනතාව උත්සාහ ගත් සෑම විටෙකම ඒවා වැළැක්වීමට ආණ්ඩුව පියවර ගෙන තිබුණි. ජීවිතක්ෂයට පත් සිවිල් වැසියන් අනුස්මරණය කිරීමේ නියාවෙන් එල්.ටී.ටී.ඊ. සාමාජිකත්වයේ මරණ සැමරීම ගැන, විශේෂයෙන් හමුදාව සැලකිලිමත් වන්නේය. කෙසේ වෙතත්, යථාර්ථය වන්නේ, මියගිය එල්.ටී.ටී.ඊ. සහ සිවිල් ජනතා කණ්ඩායම් එකිනෙකාගෙන් වෙන් කිරීම පහසු නැති බවයි. විශේෂයෙන්, යුද්ධයේ අවසාන දින කිහිපයේ දී, වයස අවුරුදු 12 තරම් වන ළමුන්ව පවා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් බලහත්කාරයෙන් බඳවා ගන්නා ලදි. ඊට මන්නාරමේ ළමුන් ද අයත් විය.

විසංසන්දනීය යථාර්ථයන්

ජනගහනයෙන් බහුතරය කතෝලික වන, ලංකාවේ එකම දිස්ත‍්‍රික්කය මන්නාරම ය. සුවිශේෂී සංස්කෘතික ලක්ෂණ සහිතව, රටේ ආගමික සහ සංස්කෘතික විවිධත්වයකින් සජ්ජිත වීම ශක්තියක් වශයෙන් මිස දුර්වලතාවක් වශයෙන් නොගත යුතුය. මියගිය දෙමළ ජනතාව සැමරීමට පෙළගැසෙන්නැ යි දෙමළ දේශපාලන පක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටිද්දී, මන්නාරමේ පූජාප‍්‍රසාදීතුමා ඉල්ලා සිටියේ, මියගිය සියලූ වැසියන් වෙනසකින් තොරව සැමරිය යුතු බවයි. එහි අරුත වන්නේ, දෙමළ වින්දිතයන්ට සීමා නොවී, යුද්ධයෙන් මියගිය සිංහල සහ මුස්ලිම් සිවිල් ප‍්‍රජාව පමණක් නොව, සටනේ දී මියගිය ආණ්ඩුවේ මෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අයවළුන්ව පවා සැමරිය යුතු බවයි. ජනාධිපතිවරයා පත්කළ ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශවලට අනුකූලව, මියගිය සියලූ ජීවිත සැමරීමට සුළු වාර්ගික කණ්ඩායමක් තීරණය කරනු ලැබීම, ශ‍්‍රී ලාංකීය විවිධත්වයේ ශක්තිය පෙන්නුම් කිරීමකි.

මේ වසරේ ආණ්ඩුවේ විජයග‍්‍රාහී උත්සවය තුළ උත්කර්ෂවත් කෙරුණේ හමුදාවේ වික‍්‍රමයත්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අන්ත පරාජයත් ය. හමුදා ආචාරය පිළිගත් ජනාධිපතිවරයා, රට බෙදීමට ඉඩක් නැවත නොතබන බවට සපථ කෙළේය. ‘ඔබේ ජීවිත පරිත්‍යාගයෙන් දිනා ගත් බිමෙන් එක අඟලක්වත් ආපසු ගැනීමට මම ඉඩ නොතබමි’ යි ඔහු කීය. ඉස්සර දවසක බෝම්බ සහ රුධිරය සමග ගෙවුණු කාලයත්, එය නිමාවට පත්වූ ආකාරයත් පිළිබඳ චිත‍්‍රයක් පසු ගිය දෙසතියක පමණ කාලය තුළ මාධ්‍ය හරහා ගොඩනැංවුණි. ඒ කාලය අවසන් කොට ගොඩනගා ඇති වර්තමාන සාමකාමී තත්වය හේතුවෙන් තවත් කාලයකට ඡන්ද ලබා ගැනීමට ඔහුට හැකි වන්නේය.

එහෙත් අවාසනාවන්ත යථාර්ථය වන්නේ, යුද්ධයේ විජයග‍්‍රහණය සහ එහි මධුපානෝත්සවය කෙරෙහි දකුණේ බහුතර ජනතාව දක්වන සහයෝගයට සමාන සහයෝගයක් උතුරේ ජනතාවගෙන් නොලැබීමයි. ඔවුන් ද, යුද්ධයේ නිමාවෙන් ව්‍යුත්පන්න සාමකාමී වාතාවරණයේ ප‍්‍රතිලාභීන් ය. බලහත්කාරයෙන් ළමුන් බඳවා ගැනීමේ අවදානමෙන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත‍්‍රස්ත ක‍්‍රියාවන්ගෙන් ඔවුන් ද දැන් නිදහස් ය. එහෙත් තවදුරටත් ජීවතුන් අතර නැති සිය නෑ හිතවතුන් වෙනුවෙන් දුක් වීමට සහ ඔවුන්ට සිදුවුණේ කුමක් දැ යි දැන ගැනීමට ඔවුන්ට උවමනා ය. එසේම, එක සමාන අයිතීන් භූක්ති විඳීමේ සිහිනය සඵල කරගන්නට ඔවුන්ට උවමනා ය. මේ සියල්ලට අදාල නිර්දේශ, ආණ්ඩුව පත්කළ ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ මගින් යෝජනා කොට තිබුණත් ආණ්ඩුව ඒවා ක‍්‍රියාත්මක කරන්නේ නැත.

ඉදිරි මග

ආණ්ඩුවේ නායකයන් පොරොන්දු වූ දේශපාලන විසඳුම, යුද්ධය අවසන්ව සිව් වසක් ගතව ඇතත් තවම ඉදිරිපත් කොට නැත. එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවට ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ හමුදා එහි බින්න බැස ඇත. සිවිල් පරිපාලනය සමග එම ජනතාව අද පාලනය කෙරෙනු ලැබෙන්නේ ඔවුන් විසිනි. යුද්ධයේ ප‍්‍රථම වෙඩි පිපුරුණු සහ අවසාන සටන්කරුවන් මියගිය උතුරට, රටේ වෙනත් පළාත්වලට හිමි සීමිත බලතල යටතේ වුව, තමන්ගේම වන පලාත් සභාවක් පත්කර ගැනීමට අවස්ථාවක් නැත. මේ අතර, ආණ්ඩුවේ එක් පාර්ශ්වකරුවෙක්, බලය බෙදාහැරීමේ ක‍්‍රමය මුළු රටෙන්ම අවලංගු කරන්නැ යි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී. මේ තත්වය යටතේ, පොරොන්දු වූ පරිදි උතුරට මේ වසරේ සැප්තැම්බරයේ දී පළාත් සභා ඡන්දයක් පැවැත්වේ ද යන්න පවා අවිනිශ්චිත ය.

සිවිල් යුද්ධය අවසන් වී වසර හතරක් ගෙවී ගොස් ඇතත්, ප‍්‍රාර්ථනා කළ සංහිඳියාව හෝ යුද්ධයේ තුවාල සුව වීමක් හෝ දකින්නට නැත. දැනට පෙනෙන්නට තිබෙන්නේ, නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් රට ආපස්සට යන බවකි. අගවිනිසුරුවරියගේ දෝෂාභියෝගය තුළ නීතියේ ආධිපත්‍යය ඛාදනය වූ අතර, ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට තිබූ අයිතිය පැහැර ගැනුණි. එය, නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් පමණක් නොව, මානව හිමිකම් රැකවරණය සහ දේශපාලනික වගවීම කෙරෙහි ද නරක අන්දමින් බලපා තිබේ. මේ අතර අන්තර්-ආගමික ගැටුම්කාරී තත්වයන් ද ආණ්ඩුවේ පාර්ශ්වකරුවන්ගේ පැත්තෙන් උසිගැන්වෙන බවක් පෙනෙන්ට තිබේ. මුස්ලිම් ප‍්‍රජාව ඉලක්ක කරගත් බෞද්ධ අන්තවාදයේ නැගීම, එම අන්තර්-වාර්ගික අසහනයේ නව මානයකි.

මේ වන විට ශ‍්‍රී ලංකාවට මීට වඩා වෙනස් රටක් වීමට හැකියාව තිබුණි. යුද්ධය අවසන්ව ඇතත්, දේශපාලන සාකච්ඡා මාර්ගයෙන් සියල්ලන් ඇතුළත් කරගන්නා සංහිඳියාවේ මාවතක් සොයාගත යුතුව තිබේ. යුද්ධයේ තුවාල සුව කිරීමට අව්‍යාජ ප‍්‍රයත්නයක් ගත යුතුව තිබේ. ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ අනුගමනය කෙළේ නම්, රටේ ගමන් මග ගිය වසරේ දී වෙනස් කරගත හැකිව තිබුණි. එසේ විණි නම්, ආණ්ඩුවේ නායකයන් වාර්ගික ජයග‍්‍රහණයක් ගැන කතා කිරීමෙන් වැළැකී, අර්ථ විරහිත යුද්ධයෙන් මියගිය සියල්ලන් සැමරීම සඳහා යොමු වෙනු ඇත. ලේ වැගිරීම් නැවත කිසි දවසක සිදු නොවන බවට වගබලා ගැනීමේ අධිෂ්ඨානයකට මැයි 19 වැනි දිනය යොදාගැනීමට තිබුණි. එවැනි සැමරුමක්, බහු-වාර්ගිකත්වය, සමාන අයිතීන් සහ සියල්ලන්ගේ ගර්වය සහ ආරක්ෂාව රකින සකල ශ‍්‍රී ලාංකිකයන්ට සහභාගී විය හැකි, එක්සත් ශ‍්‍රී ලාංකීය ජාතියක සැමරුමක් විය හැකිව තිබුණි.

ජෙහාන් පෙරේරා| Jehan Perera

2013 මැයි 21 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Make all People part of War Commemoration  ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන් | Editor Note: ලිපියේ මාතෘකාව, ලිපියේ අන්තර්ගතයෙන් උපුටා පල කර ඇත.

‘රාවය’ට ආදරය කරන මිනිසුන්ගෙන් ඉල්ලීමක් !
රාවයේ අයිතිය වෙනස් වීමක් ගැන පසු ගිය සති කිහිපයක කාලයේ පළවූ විවිධ ප‍්‍රවෘත්ති ඇතැම් විට අතිශයෝක්තියට නැගුණු අතර ඒ නිසාම නොමග යවන සුළු ගතියක් කියාපෑවේය.

වසර විසි පහකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ සමාජ-දේශපාලනික කතිකාව තුළ විකල්ප සළකුණක් තැබූ එකම පුවත්පත රාවය බව අපේ විශ්වාසයයි. එම කතිකාව, වෙන කවරදාටත් වඩා, අදටත් මින් මත්තටත්, මේ රටට අවශ්‍ය කරන්නේය. එය, වර්තමාන තත්වයන් තුළ තබා සැලකිල්ලට ගන්නේ නම්, රාවයට ආදරය කරන සියල්ලන්ගේ පරිශ‍්‍රමය සක‍්‍රීය ආකාරයකින් අවශ්‍ය කෙරෙන විශාල අභියෝගයකි.

එම අභියෝගය ජය ගැනීම සඳහා රාවයේ වර්තමාන ආර්ථික සහ මූල්‍යමය පදනම වර්ධනය කොට ශක්තිමත් කිරීම අනිවාර්ය කෙරී ඇත. ඒ සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 20 ක මුදලක් මේ අවස්ථාවේ දී අවශ්‍ය කෙරේ. එම තත්වය තුළ, රාවය මෙතෙක් පවත්වාගෙන ආ ස්වාධීන අනන්‍යතාව මතුවටත් රැකෙන ආකාරයෙන්, රාවයේ අයිතියෙන් කොටසක් එහි පාඨකයන්ගේ සහ රාවයේ අනාගත අභිවෘද්ධිය පතන ස්වාධීන සමාජ කොටස් වෙත විවෘත කිරීමට රාවයේ පාලනාධිකාරිය එකඟත්වය පළ කොට තිබීම අපේ සතුටට කාරණයකි.

දැන් පැමිණ ඇත්තේ, ඉහත සඳහන් මුදල සම්පාදනය කර දීමෙන් රාවයේ ආර්ථික ස්ථායී භාවය සුරැකීමේ ඔබේ වාරයයි. එහි දී, රාවය හරහා මෙතෙක් ගොඩනැගූ විකල්ප කතිකාව මතුවටත් නඩත්තු කරන පාර්ශ්වකරුවන් බවට ඔබ පත්විය යුතු යැයි අපි සිතමු.

එය, රුපියල් 1000 ක සිට රුපියල් 500,000 ක් දක්වා වන සම්මාදම් දායකත්වයක් සැපයීමෙන් හෝ රාවයේ කොටස් හිමිකාරීත්වයට පත්වීමෙන් හෝ කළ හැකිය.

ඒ පිළිබඳ සියළු විස්තර පහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයන් වෙත යොමු කිරීමෙන් හෝ දුරකථන අංකවලට  කතා කිරීමෙන් හෝ දැනගත හැකිය.

1. 0777664757 -gviyangoda@hotmail.fr

2. 0773508328  -kusal.perera@gmail.com

3. 0714204092  -chulananda65@gmail.com&

පහත අත්සන් කරන අප, රාවයේ මේ තීරණාත්මක මොහොතේ, ඔබේ යහපත් ප‍්‍රතිචාරය අපේක්ෂාවෙන් සිටිමු.

1.  ධර්මසේන පතිරාජ

2.  ධර්මසිරි බණ්ඩාරනායක

3.  ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

4.  ප‍්‍රසන්න විතානගේ

5.  අශෝක හඳගම

6.  මහාචාර්ය සරත් විජේසූරිය

7.  ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

8.  ගාමිණී වියන්ගොඩ

9.  කුසල් පෙරේරා

10. විජයානන්ද ජයවීර

11. චූලානන්ද සමරනායක

12. විමුක්ති ජයසුන්දර

13. චන්ද්‍රගුප්ත තේනුවර

14. සුදර්ශන ගුණවර්ධන

15. අනෝමා රාජකරුණා

16. ජනක ඉනිමංකඩ

17. උදාන් ප‍්‍රනාන්දු

රාජපක්ෂලාගේ ‘වෙබ් භීතිකාව‘ නැවතත් කරළියට
Image Credit:www.demotix.com

අපූරැ ප්‍රකාශයක් ඊයේ(23) ලංකා සී නිව්ස් වේබ් අඩවියේ පළවිය. එම ප්‍රවෘත්තියේ සදහන් වනුයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා(මොහු රාජ්‍ය නිළධාරියෙකි) වන ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශයකි. ”වෙබ් අඩවිවලින් මෙරට බෞද්ධයා ගැන ලෝකය පුරා වැරදි මත යවනවා” යන ශීර්ය යටතේ පළවු එම පුවතින් දක්වා සිටියේ ‘අපේ බෞද්ධයා‘ ගැන ලෝකය පුරා වැරදි මත යවනවා. වෙබ් අඩවි හරහා මේ දේවල් සිදුවෙනවා. වසර 30 ක් තිස්සේ වැරදි මත වෙනස් කිරීමට වැදගත් වෙනවා. අද තරුණ පරපුර බුදු දහම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනනවා. බුදුදහම ඉගෙනුමට ජනතාව පෙළඹිලා තියෙනවා’ යන්නයි.

මෙහි, මෙම ‘අපේ බෞද්ධයා‘ ගැන ලෝකය පුරා වැරදි මත යවනවා. වෙබ් අඩවි හරහා මේ දේවල් සිදුවෙනවා.‘ ප්‍රකාශය ගැන වඩා වැඩි අවධානයක් යොමුකිරීම වටී. එසේ වන්නේ එය මේ මොහොත් ඒ තරම්ව වැදගත් නිසාය.

මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමට පදනම් විය හැකි යැයි සිතිය හැක්කේ, පසුගිය දා චන්ඩි භික්ෂුන් විසින් විවිධ ආයතනයන්ට ගල් ගැසීම් සහ සාමකාමී විරෝධතාකරැවන්ට වෛරී සහගත ලෙස බැන වැදි පොලීසිය සමග එක්වී ඔවුන්ව එළවා දැමීම වැනි සිදුවීම් පිළිබද, සිදු වුනු දේ එළෙසින්ම එවේලේම වෙබ් අඩවි ගණනාවක් වීඩියෝ පට ද සමග ප්‍රචාරය කිරීම විය හැකිය.

ඇත්ත, දැන් මේවා බැලීමේ දී ඔහු කියන ලෙස ‘අපේ බෞද්ධයා‘ ගැන ‍ලෝකයා කුමක් සිතනු ඇති ද? ලංකාවේ ඔය කියන අපේ බෞද්ධයා අශිලාචාර ගති ඇති, ප්‍රචණ්ඩ භික්ෂුවකැයි ඕනෑම ශිෂ්ඨ සමාජයක් සිතනු ඇති. ප්‍රචණ්ඩ පිරිසක් සමග ගොස් වෛරී සහගත ලෙස බැණ වැදී ගල් ගැසීමේ වීඩියෝ පට නැරඹීමේදී ඕනෑම අයෙක් එසේ සිනු ඇති. රෑ දෙගොඩහරියේ අරක්කු බීලා, කිසිදු ලැයිසන් එකක් නැතිව, මහපාරේ කාර් එකක ගමන් කරමින්, වාහනවලද සිය කාරය හප්පා, නොනවත්වා ධාවනය කරමින් පසුව අධිකරණයෙන් වැරදිකරැ ලෙස පිළිගනිමින් හැසැරැනු භික්ෂුන් දෙසන බණත් කරන වැඩ ගැනත් ශිෂ්ඨ සමාජය කෙසේ සිතනු ඇති ද?

එබැවින් එසේ ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන ‘අපේ බෞද්ධයා‘ගේ ඒ නොමනා ක්‍රියාකාරකම්වලට දඩුවම් ඒ ‘අපේ බෞද්ධයා‘ විදිය යුතු නොවේ. ඒ ප්‍රචණ්ඩ හැසිරීම්, අබෞද්ධ හැසිරීම්, වෛරීසහගත හැසීරීම් සත්‍ය ලෙසම ප්‍රචාරය කරන රාජපක්ෂලාගේ හුරතල්ලු නොවන වෙබ් අඩවි විදිය යුතුය. එබැවින් වැරදි කරන්නා නොව, එම වැරැද්ද ශිෂ්ඨ සමාජයට නොහොබිනා බැවින් එය තවත් ඉදිරියට සිදු නොවීය යුතු යැයි කල්පනා කරමින් ඒවා පිළිබදව විවේචනය කරන මාධ්‍ය වැරදිය.(එබැවි එයින් හැගෙන්නේ ප්‍රසිද්ධියේම ගල් ගසන වීඩියෝ පටය බොරැ බව?, බීලා, කාරය හප්පලා අධිකරණයෙන් වැරදි කරැ වී නැතිද? සාමකාමී විරෝධතාකරැවන්ට වෛරීසහගත ලෙස බැන වැදුනේ නැතිද?)

වරද තිබෙන තැන හොදින් දැන දැනත් මෙවන් ප්‍රකාශකරන නිළධාරීන් සිටින රටක ජනයාට කියන්නට ඇත්තේ දෙයියන්ගේම පිහිටයි යනුවෙනි.

රාජපක්ෂලාගේ ‘වෙබ් භීතිකාව‘

මෙයින් පැහැදිලිවන කරැණ නම් රාජපක්ෂලාගේ ‘වෙබ් භීතිකාව‘ ය. මේ වන විට මුද්‍රිත සහ විද්‍යුත් නාලිකා ඉතා  සම්පූර්ණයෙන්ම වාගේ රාජපක්ෂ සහ රාජපක්ෂ හිතවතුන්ගේ හුරතල්ලු වන විට රාජපක්ෂලාට බොහෝ විට පාලනය කළ නොහැකි එකම මාධ්‍ය වෙබ් අඩවිය. ඒත් ඒවා මර්ධනයටත්, තමන්ගේ යටත්වැසියන් බවට පත්කර ගැනීම සදහාත් පසුගිය කාලය පුරාම දත කෑවේය. නීති්‍යානුකූළ නොවන ලෙස වෙබ් අඩවි ලියාපදිංචි කරමින් ඒවා තමන්ගේ පාලනයට නතු කර ගැනීමට උත්සහ කළේය. වේබ අඩවි ලංකාව තුළ අවහිර කරමින් අනියමින් තර්ජනය කළේය. ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් පසුගිය සතියේ ද ‘ගොසිප් ලංකා නිවුස්’ හා ‘ගොසිප් ලංකා’ යන වෙබ් අඩවියක් අවහිර කළේය.

මෙසේ වෙබ් අඩවි අවහිර කිරීම මූළික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයි පවසමින් මූළික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට සිදු වූයේ කිසිදු හේතුවක් නොදක්වා අධිකරණය විසින් එම මූළික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභා කිරීම නිසා එම ක්‍රියාවලිය නතර කර දමන්නටය. එයින් නිරාවරණය වූයේ ආණ්ඩුවේ මෙම වෙබ් භීතිකාවට අනියමින් සහය වෙමින්, පුරවැසියාගේ දුක්ගැනවිලි ඉදිරිපත් කරන්නට තිබෙන අවසාන තැනත් සොදාපාලුවට ලක්ව ඇති බවය. මේ තත්ත්වය නිසා විනාශ වී යන්නේ මහජනතාවගේ තොරතුරැ දැනගැනීමේ අයිතියයි. තොරතුරැ දැන ගැනීමේ අයිතිය ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට අත්‍යවශ්‍යම කරැණකි. බොහෝ මාධ්‍ය රාජපක්ෂ හුරතලුන් වී ඇති මොහොතේ යම් හො සාධනීය සාකච්ඡාවන් මෙන්ම, සත්‍ය දැනගැනීමට තිබූ වෙබ් අවකාශය නැවත වරක් මර්දනය කිරීමට ‘අපේ බෙෘද්ධකම‘ නමින් කරළියට එමින් තිබේ. මේ සිදුකරන අදහස් වලින් වෙබ් අවකාශයේ තිබෙන සාධනීය තත්ත්වය මර්දනය කිරීමට දැන් අලුත් වටයකින් පාලකයන් සූදානම් වෙමින් තිබේ. එබැවින් ලංකාවේ මේ ගමන නැවත වරක් අපට මතක් කර දෙන්නේ ඉඩී අමින් වැනි පාලන ක්‍රමවේදයක් වෙත නොවේ ද?

මළවුන් සිහිකරමින් පහන් දැල්වූ මිනිසුන් TIDට මුහුණදීමේ ඛේදවාචකය
මුල්ලිවායිකාල් ව්‍යවසනය සිහිපත් කිරීමත් සමඟම දෙමළ දේශපාලන පක්ෂ ප්‍රධානීන් සහ ක්‍රියාකාරීන් දිගින් දිගටම ප්‍රශ්ණ කිරීම්වලට මුහුණදීමට සිඳුවී තිබේ. මන්නාරමේදී අත්තඩංගුවට පත්වී ඇප මත මුදාහැරුනු දෙමළ ජාතික ජනතා පෙරමුණේ මහ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුලු තවත් ක්‍රියාකාරීන් ම් වනවිට ත්‍රස්ත මර්දන අංශයේ ප්‍රශ්ණ කිරීම් වලට කැදවා ඇතැයි වාර්තා වෙයි..

මේ ඒ පිළිබදව ‘විකල්ප‘ සමග අදහස් දැක්වූ සෙල්වරාසා ගජේන්ද්‍රන් මහලේකම්වරයා,

‘‘අපි මුල්ලෙවෛක්කාල් සිහිකිරීම් උත්සවය දිස්ත්‍රික්ක 3ක තියන්න සැළසුම් කරලයි තිබුණේ.වව්නියාවේ සිහිකිරීම කරන්න සැළසුම්කරලා තිබුණේ ඒ සිහිකිරීම් පිළිබදව ස්මාරක හදලා තියන ස්ථානයේ. ඒත් ඊට පෙර දවසේ කිසියම් පිරිසක් මේ ස්මාරක කඩා දාලා තියනවා. අපි සැක කරනව මේ ස්මාරක කඩා දැමීම පසු පස ආරක්ෂක අංශ ඉන්නවා කියලා. කොහොම උනත් අපි එතන පොඩි සිහිකිරීමක් කරලා මන්නාරමේ සිහිකිරීම් උත්සවයට ගියා.

මන්නාරමේ සිහි කිරීම් උත්සවය සංවිධානය කරලා තිබුණේ පෙරියකඩේ ප්‍රදේශයේ. එහි ග්‍රාම නිළධාරීවරයාත් දැනුවත් කරලා, ඔහුගේ ගොඩනැගිල්ලක තමයි අපි ඒත 18වනදා පවත්වමින් හිටියේ. එක් පාරට පොලීසියේ 25ක් විතර ඇවිල්ලා, ‘ඔය සිහිකිරීම් කරන්න දෙන්න බෑ. අපි ඔබලාව අත් අඩංගුවට ගන්නවා‘ යැයි කියමින් අපි අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ අපි නිදහස් කරලා ඊයේ(20) අපි ආපහු ත්‍රස්ත විමර්ෂන ඒකකයට කැදෙව්වා.

මගෙන් හවස 3ඉදන් 6.30 වෙනකන් ප්‍රශ්ණ කරා. අපේ පක්ෂයේ තරැණ අංශය භාරව ඉන්න සත්‍යශිලන්ගෙන් හවස 2.30 ඉදලා හවස 6.30 වෙනකන් ප්‍රශ්ණ කරා. පක්ෂයේ නියෝජ්‍ය නායක, සිවපාදම් ගජේන්ද්‍රකුමාර්ගෙන් උදේ 9 ඉදලා 12වෙනකන් ප්‍රශ්න කරා. තවත් අපේ සාමාජිකයෙක් වන වසන්තරෑබන්ගෙනුත් මේ ආකාරයට ප්‍රශ්න කරා.

සමහර මාධ්‍යවල අපි දැක්කා අපේ සැමරැමේදී ප්‍රභාකරන්ගේ පොටෝ තිබුනා කියලා. අපි ළග කගේවත් පොටෝ තිබුණේ නෑ. අපි ප්‍රදර්ශනය කරේ බැනරයක් විතරයි. එකේ තිබුනේ, ‘දෙමළ ජන සංහාරයේ දිනය මැයි 18‘‘ කියලා විතරයි. පොලීසියෙන් අපෙන් අහනවා, ‘‘කවුද කියන්නේ ජන සංහාරයක් සිදු උනා කියලා. එහෙම ලියන්න පුලුවන්ද? ඇයි අනුස්මරණයට 18 තෝරගත්තේ කියලා‘‘ මේවා මහ පුදුම ප්‍රශ්ණ.

කොහොම උනත්, ජන සංහාරය කියන එකට ආණ්ඩුව කැමති නෑ. දකුණේ යුද ජයග්‍රහණය තියන මොහොතේ මුල්ලෙවෛක්කාල් අනුස්මරණය කරන එකටත් ආණ්ඩුව කැමති නෑ. දෙමළ ජනයා වෙනුවෙන් සටන් කරන අපිව මැඩපවත්වලා ජනතාවගෙන් ඇත් කරන්න තමයි ආණ්ඩුව මේ අකාරයන් අපිව මර්දනය කරන්න උත්සහ කරන්නේ.“

කෙසේ නමුත් යුද්ධයෙන් වසර 4ක් ඉක්ම ගොස් සිටියදී මළවුන් සිහිකිරීම් උත්සවයක්වත් පැවැත්වීමට නොදී දෙමළ දේශපාලන ක්‍රියාකාරීන් මෙසේ මර්දනය කිරීම තුළ රාජපක්ෂ ආණ්ඩුවේ උතුරේ දේශපාලන මර්දනය ඉතාමත් මැනවින් පිළිබිබු වෙයි. උගත් පාඩම් ජනාධිපති කොමිසන් වාර්තාවෙන් නිර්දේශ කොට ඇති මළවුන් සිහිපත් කිරීමේ අයිතිය රජය විසින් උල්ලංඝනය කරමින් සිටින බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන් පෙන්වා දෙන අතර, ජාත්‍යන්තරයට පෙන්වීමට මෙම උගත් පාඩම් ජනාධිපති කොමිසන් වාර්තාව සැකසුවත් දැන් එහි තවත් ඇත්ත එළිවෙමින් තිබෙනව බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

කසේ නමුත් හියමුන් රයිට්ස් වොච් සංවිධානය උපුටා දක්වමින්, බිබීසී වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, ‘‘ශ්‍රී ලංකාවේ උතුරේ ජීවත්වන ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස පිලිබඳ තත්ත්වය යුද්ධය අවසන්ව ගතවූ වසර හතර තුල තවදුරටත් පහල වැටුණු බවයි. සිදුවූ යුධ අපරාධ පිලිබඳ වගකිවයුත්තන් සොයා බලා වරද කරුවනට දඬුවම් පැමිණවීම සඳහා ක්‍රියාත්මක වීමට එරෙහි වන බවට ශ්‍රී ලංකා රජය වෙත චෝදනා එල්ල කරන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය, දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි වලට පොරොන්දු වූ පරිදි විසඳුම් ලබා දීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය අසමත්ව ඇති බවද පවසයි. බිහිසුනු යුද්ධය අවසන්ව වසර හතරක් ගතවී ඇතත් අතුරුදන්වූ ඥාතීන් පිලිබඳ තොරතුරු ලැබී නැති බවත්, හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කටයුතු භාර අධ්‍යක්ෂවරයා පවසන බවත් එහි වැඩිදුරටත් සදහන් වෙයි.‘‘

රාජපක්ෂ ආණ්ඩුවේ සාමය, වෛරයෙන් තෙත් වුනු ක්‍රියාවලියක් බවට මේ වන විට පත් වෙමින් තිබේ. ඒ නිසා, දෙමළ ජනයාට මළවුන් වෙනුවෙන් වැලපීම තහනම් කරමින් ඔවුන් දිගින් දිගටම ‘මර්දනයම‘ එකම විසදුම බවට පත් කරමින් යන ගමන සමස්ත ලංකාවේම අනාගතය තවතවත් අදුරැ ආගාධයකට ඇද දමනු ලබයි.

ශී‍්‍ර ලංකාව අඳුරු යුගයට පසුබසී
[ඡායාරෑපය- මානසික රෝගියෙකුට පහරදී මරා දමමන ලංකා පොලීසිය | Image Credit:jdsrilanka.blogspot.com]

ජනතාවට දරාගත නොහැකි විදුලි බිලක් සමග ආලෝකයේ දීප්තිය පහවී රජයන අඳුර, අපේ සමාජය මුහුණදී ඇති අවදානම තර්ජනීය ආකාරයෙන් සංකේවත් කරන්නකි. මෙසේ වන්නේ, දේශපාලනික බලපුලූවන්කාරයන්ගේ නිෂ්ඵල සාටෝප වෙනුවෙන් ජනතාවගේ ධනස්කන්ධය නැති නාස්ති කරන අතරතුරේ ය. ජාත්‍යන්තර ගුවන් සේවා තවදුරටත් නොපැමිණෙතැ යි වාර්තා වන, ආරම්භයේ දී මහත් උත්කර්ෂයෙන් විවෘත කළ දකුණු ඉමේ ජාත්‍යන්තර ගුවන් තොටුපොල ඉන් එකකි. අධි-සුඛෝපභෝගී වාහන සහ එළැඹීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව සඳහා වන අති විශාල වියපැහැදැම්, මේ වේදනාකාරී විලාසිතාවේ තවත් පැත්තකි.

ඇත්ත වශයෙන්ම අප, එදා ඉඩි අමීන්ගේ කාලයේ උන්මත්තක උගන්ඩාවට සමීප වෙමින් සිටින සෙයක් පෙනේ. අඩුවකට ඇත්තේ, එකල මහත් සේ ප‍්‍රසිද්ධියට නැංවූ එම රටේ මිනීමස් කෑම මෙහි නැති කමයි. ඒ වෙනුවට, වෙනස් අදහස් දැරීම පාගා දැමෙයි. නැත්නම්, ඝනීභූත කරයි. ආණ්ඩුවේ ආයතන රාජ්‍ය බැංකුවලට ණය වන මහ ධනස්කන්ධයේ නොදැරිය හැකි බරෙන් ආර්ථිකය කෙඳිරිගායි. ඒ අනුව, අපේ අඳුරු අනාගතය පුරෝකථනය කිරීමට සාත්තරකාරයෙකු විය යුතු නැත.

විපක්ෂයේ ප‍්‍රගාමී චින්තනයක අඩුව

මේ සමස්ත ව්‍යාකූලත්වයේ කොටසක් වශයෙන්, ප‍්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ විවේචකයන්ට තවත් තුරුම්පුවක් දුන්නේය. එනම්, පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියට, විධායක ජනාධිපති ක‍්‍රමයේ වෙනසක් ඇතුළු නොවන බවයි. ඒ වෙනුවට කෙරෙන බව කියන්නේ, එම ධුරය සතු බලතල සමහරක් කප්පාදු කිරීමකි. එසේම එම ක‍්‍රමයේ මුලින් පැවති චාරිත‍්‍රමය අංග සමහරක් එක්තැන් කරමින්, බලයේ සිටින තැනැත්තා දේශපාලනයෙන් විශ‍්‍රාම ගත යුතු බව ද යෝජනා කෙරේ.

එක්සත් ජාතික පක්ෂය විසින්ම නිර්මාණය කරන ලද සහ එදා පටන් මේ දක්වා මොන තරම් රටට වින්නැහියක් වී දැ යි කවුරුත් අත්දැකීමෙන්ම උගත් මේ තනතුරට පත්වීමට තමාටත් ඇතැ යි සිතන අයිතිය අතහැරීමට වර්තමාන පක්ෂ නායකයා අදිමදි කරනවා විය හැකිය. ජනතාව තුළ මේ පක්ෂය ගැන පැවති විශ්වාසය බරපතල ලෙස පලූදු වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන්, කලක් යෝධයෙකු වන් මේ පක්ෂය අද වන විට අබ්බගාත තත්වයට පත්ව තිබේ. මේ නිසා, බරපතල දේශපාලන ගැම්මක් සහිත මේ සා වැදගත් කාරණයක් එම පක්ෂය විසින් එසේ අතහැර දැමීම පුදුමයක් නොවේ.

අවධානය වෙනතකට හැරවීමේ ආණ්ඩුවේ ප්‍රෝඩාවට ප‍්‍රතික‍්‍රියා කිරීම

ජනතා අවධානය වෙනතක හැරවීම සඳහා ආණ්ඩුව විටින් විට යොදාගන්නා උප්පරවැට්ටිවලට දුර්වල ආකාරයෙන් උත්තර බැඳීම හැරෙන්නට, තමන්ගේම වන මූලෝපායක් හරහා ආණ්ඩුව ඇවිස්සීමට විපක්ෂය (දේශපාලන පක්ෂ සේම, සිවිල් සමාජය ද) අසමත්ව සිටීම, වර්තමාන පාලකයන්ට සැපයී ඇති විශාලතම වාසියයි. ඒ අර්ථයෙන් ගත් කල, දූෂණය, වැරදි කළමනාකරණය සහ අස්සක් මුල්ලක් නෑර කාන්දු වන හමුදාකරණය වැනි දැවෙන ප‍්‍රශ්නවලින් ජනතා අවධානය වෙනතකට හැරවීම සඳහා ආණ්ඩුව විසින් බොදුබල සේනා පාවිච්චියට ගැනීම හොඳම උදාහරණයකි.

දින කිහිපයකට පෙර වාර්තා වු අන්දමට, වෙසක් සංකල්පයට වැරදි අරුතක් දෙතැ යි කියන වෙසක් කාඞ්, වෙසක් කූඩු ආදිය ප‍්‍රදර්ශනය කරන කඩකාරයන්ට තැලීමට බොදුබල සේනා සාමාජිකයන් වේවැල් අරගෙන පාරට බසින්නේ ලූ. රටේ ඉහළම තැන්වල පාලකයන්ගේ ආශීර්වාදය මෙවැනි ක‍්‍රියාකලාපයන්ට නොලැබෙන්නට, බොදුබල සේනාවේ මෙකී ක‍්‍රියා විකාරයක් වශයෙන් පැත්තකට දැමිය හැකිව තිබුණි. වෙසක් සමයේ සම්ප‍්‍රදායික ආලෝක විභූතියෙන් සංකේතවත් කෙරෙන්නේ, බුදුදහමෙහි එන සුපිරිසුදු, අභ්‍යන්තර ශාන්තිය බව අපි දනිමු.

රස්තියාදුකාර පෙනුමක් ඇති භික්ෂූන් පිරිසක් බුද්ධාගමට ‘උචිත’ නැතැ යි තමන් විශ්වාස කරන හැසිරීමකට අනුගත නොවන තවත් පිරිසකට පහර දීමට වේවැල් අරගෙන පාරේ යාමේ රූපකය මොන තරම් ජුගුප්සා ජනක ද/ මේ අනුව, බුද්ධාගමට ‘උචිත’ වන්නේ කුමක් ද, නැත්තේ කුමක් ද යන්න තීරණය කළ යුත්තේ, විකෘතියෙන් පෙළෙන බොදුබල සේනා පිරිසක් යැයි අපි විශ්වාස කරමු ද? කෙසේ වෙතත්, මෙවැනි උචිත අනුචිත කම් සොයා බැලීමට දැනටමත් නීතිරීති ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඒවා වර්තමාන ආණ්ඩුවට අදාළ වන බවක් පෙනෙන්ට නැත.

නිදහස සුරැකීමේ වගකීමෙන් පසුබැසීම

කෙසේ වෙතත්, මේ වන විට නීතිරීති ඒවායේ අරුත්වලින් විතැන් කොට ඇත. මීට කලකට පෙර, පුද්ගල අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් තිරසාරව පෙනී සිටි අධිකරණය, පුද්ගලයන් සහ රාජ්‍ය ආයතන අතර ප‍්‍රශ්න ඒ දෙපාර්ශ්වය අතර බේරුම් කරගත යුතු බවට දැන් අනුශාසනා කරන තරමට අද පල්ලම් බැස ඇත. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ඉදිරියේ, හිටපු අගවිනිසුරුවරිය ගර්හාවට ලක්කෙරෙන අතරේ එම ආයතනය රජයේ බලවතුන්ගේ යෝධ දුෂණ සහ අක‍්‍රමිකතා කෙරෙහි අන්ධව සිටීම මගින් කියාපාන්නේ අප ආධ්‍යාහාරයෙන් මෙන්ම වාච්‍යාර්ථයෙන් ද අඳුරු යුගයකට පියවර තබමින් සිටින බවයි.

අන්ධකාර යුගය, මධ්‍යතන යුරෝපයේ පැවති, විචාර බුද්ධියෙන් තොර, එක් කාල පරිච්ෙඡ්දයකි. එදා බුද්ධිමත්තු විරල වූහ. සියල්ලට බලපෑවේ ආගමික අන්ධ භක්තියයි. මීට ප‍්‍රතිපක්ෂව ඊළඟට පැමිණි පුනරුද යුගයේ දී, හේතුවාදය පැතිර ගොස්, සාපේක්ෂ වශයෙන් ගත් කල, ආගමික සහ සංස්කෘතික නිදහස ද ස්ථාපිත කෙරුණි.

‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ අපභාවිතයට ගැනීම

එහෙත් තමන්ගේම වන පුනරුද යුගයක් උදා කර ගැනීමට ශ‍්‍රී ලංකාව උත්සුක වන බවක් නම් නොපෙනේ. මුස්ලිම් දේශපාලඥයෙකු වන අසාද් සාලිව මේ පනත යටතේ අත්අඩංගුවට ගත් අවස්ථාවේ නියාලූ අයුරින් විස්මයට පත් අයවළුන් මතක් කරගත යුතු කාරණයක් තිබේ. එනම්, මේ පනත 1979 දී මුලින් පැනවූ අවස්ථාවේ ඊට ගොදුරු වු මුල්කාලීනයන් අතර සිංහල ජාතියේ වාම දේශපාලන ක‍්‍රියාධරයන් ද සිටි බවයි. ඉන් පසු එම පනත ඉතා අසාධාරණ අන්දමින් පාලකයෝ සිය සේවයට ගත්තෝය. ත‍්‍රස්තවාදය පිළිබඳ සැකයට පාත‍්‍ර දෙමළ ජාතිකයන් පමණක් නොව, වෙනස් මතධාරී සිංහල සහ මුස්ලිම් අයට එරෙහිව ද එය යොදාගන්නා ලදි. එහෙත් ඇතැම් නිර්භීත අවස්ථාවක, අපේ ශ්‍රේෂාඨාධිකරණය එය මෙල්ල කිරීමට ඉදිරිපත්ව සිටි බව අප අමතක කළ යුතු නැත.

එක් කැපී පෙනෙන අවස්ථාවක් වුණේ, ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම, සාධාරණ සැකයක් තහවුරු කොට නැති තත්වය තුළ, ව්‍යවස්ථානුකූල නොවන බවට අධිකරණය තීන්දු කිරීමයි. එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිතාමතාම වැරදි තොරතුරු ආරක්ෂක අමාත්‍යවරයාට (එදා සිටි ජනාධිපතිනියට) සපයා තිබුණි. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමේ ඇගේ නියෝගය නොමග යාමක් බව අධිකරණය තීන්දු කෙළේය. තවදුරටත්, ඇගේ විනිශ්චය ස්වාධීනව අභ්‍යාස කළ දෙයක් නොවු බව ද අධිකරණය පෙන්වා දුනි.

පැහැදිළි පූර්වාදර්ශ කාටත් සමාන ආකාරයකින් භාවිත කිරීම

මේ පැහැදිළි පූර්වාදර්ශ භාවිතයට ගත යුත්තේ, පවතින පාලනයේ පාට අනුව නොවේ. අධිකරණයේ භූමිකාව ප‍්‍රශ්න කරන මහජන සුපරීක්ෂාවට අදාළව මේ කොලම කියවන පාඨකයෙකුගේ වැදගත් ප‍්‍රශ්න කිහිපයක් මගේ මිතුරෙකු ගිය සතියේ මට ලියා එවා තිබුණි. හදිසි වැදගත්කමකින් යුත් ඉන් එක ප‍්‍රශ්නයක් වන්නේ, අධිකරණමය තීන්දුවක නෛතික හරි වැරැද්ද ගැන, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ලක්වීමේ බියකින් තොරව, ප‍්‍රසිද්ධියේ සාකච්ඡා කළ හැකි ද යන්නයි. මීට පෙර ඒ ගැන මේ කොලමේ සාකච්ඡා කොට ඇතත්, නැවතත් කිව යුතුව ඇත්තේ, තීන්දුවක් පිළිබඳ යුක්ති සහගත සහ සාධාරණ විවේචනයක් කිරීමට ඇති අයිතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලියේම කොටසක් වන බවයි. ‘‘යුක්තිය ඉටු වීම පමණක් නොව, යුක්තිය ඉටු වන බව පෙනෙන්ට ද තිබිය යුතුය’’ යන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයට අරුතක් ලැබෙන්නේම, විනිශ්චය ක‍්‍රියාවලියක තිබිය යුතු විවෘත භාවය පදනම් කරගෙන ය. ඒ ආශ‍්‍රයෙන්, වැදගත් අභිලාෂ තුනක් ගම්‍ය කෙරේ. ඒවා වන්නේ, අපක්ෂපාතීත්වය, සේවයේ විවෘත භාවය සහ කාර්යසාධකත්වය යි. එසේම, අධිකරණය ගැන කෙරෙන ප‍්‍රසිද්ධ නිරීක්ෂණ හේතුවෙන් මහජන බලය හසුරුවන විනිසුරුවරුන් කෙරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ද ඇති කෙරේ.

තර්ක බුද්ධිය තුළින් මෝහය දුරැලීම

කෙසේ වෙතත්, අධිකරණයේ විනිශ්චයන් පරීක්ෂාවට ලක්කිරීමේ හැකියාව ඇතත්, අධිකරණය ගැන කෙරෙන අයෝග්‍ය සහ අශිෂ්ට විවේචනයන්ට ඉඩක් ලැබෙන්නේ නැත. මේ ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීමේ දී, අධිකරණය සහ අධිකරණ විනිශ්චයක් ගැන විවේචනය කිරීමට පුද්ගලයෙකුට ඇති අයිතිය සහ යුක්තිය පසිඳලීමේ ආරක්ෂාව සඳහා වන සාමූහික අවශ්‍යතාව අතර සියුම් තුලනයක් පවත්වාගත යුත්තේය. මේ වැදගත් ප‍්‍රතිපත්ති, අධිකරණයට අපහාස කිරීමේ නීතිය තුළට අන්තර්ග‍්‍රහණය කර ගැනීමට මීට කලකට පෙර යම් ප‍්‍රයත්නයක් ගැනුණි. එය තවම ඵලදායී වී නැත. එහෙත් ඉන්දියාවේ එවැනි නීතියක් ඇත. අධිකරණ විනිශ්චයන් ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීම ඉන්දියාවේ මෙන්ම, නේපාලයේ, පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ ද සරුවට කෙරෙයි. එහිදීත්, ශ‍්‍රී ලංකාව ඉන්නේ ඒ සෑම රටකටම පිටිපස්සෙනි.

අතීතයේ අඳුරු යුග අවසන් කෙරුණේ බුද්ධියෙන් සහ හේතුවාදයෙන් පමණක්ම බව නිගමනාත්මකව කිව යුතුව තිබේ. අද පවතින අඳුරු කාල පරිච්ෙඡ්දයේ දී ශී‍්‍ර ලංකාවට අවශ්‍ය කරන්නේ, නොනැමෙන නිර්භය භාවයෙන් යුත් ගැහැනුන් සහ පිරිමින් ය. සමහර විට එදාට, අපේ රටටත් පුනරුදයක් බිහි වන්නට පිළිවන. අඩු වශයෙන්, එවැන්නක් අපේක්ෂා කරන්නටවත් පිළිවන.

කිෂාලි පින්තු ජයවර්ධන

2013 මැයි 19 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ Sri Lanka Retreats in to the Dark Ages ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

සාමයේ රුදුරු සන්තාපය
පින්තූරය, සංකේතීය මූර්තියකි: ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ වසර 52 ක ක‍්‍රියාකාරීත්වයක් සහිත, වයස 83 ක වයෝවෘද්ධයෙකු වන අලෙවි මව්ලානා, දෙකට නැමී, ජනාධිපතිවරයාගේ අත සිඹියි.

ශ‍්‍රී ලංකාවේ වර්තමාන යථාර්ථය, විවිධ තලවලවලින්, මේ පින්තූරය හරහා හෙළිදරව් කෙරේ. රාජපක්ෂ පාලනය යටතේ පුරවැසියෙකුට සමෘද්ධිය කරා යා යුතු නම් කෙසේ හැසිරිය යුතු ද යන්න ඉන් එකකි. මහින්ද රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකුට ඉහළට යා යුතු නම් කෙසේ සිටිය යුතු ද යන්න තවත් එකකි. ඊළඟට, සුළුජාතික ප‍්‍රජාවේ කෙනෙකුට තම අභිවෘද්ධිය සඳහා කෙසේ කටයුතු කළ යුතු ද යන්න තවත් එකකි.

කොටි සංවිධානය පරාජය කිරීම මාර්ගයෙන්, ශ‍්‍රී ලංකා වාසී ජනතාවට සහ ජනතාව සමග තමන්ට රිස්සක් කිරීමේ අයිතිය තමන්ට පැවරී ඇතැ යි රාජපක්ෂලා විශ්වාස කරති.

යුද්ධයේ ස්වභාවය, යුද්ධයෙන් පසු එළැඹෙන සාමය කෙරෙහි බලපෑම, අනිවාර්ය කොන්දේසියකි. වැඩියත්ම, සාමයේ කළමනාකරුවන් වන්නේත් යුද්ධයේ ජයග‍්‍රාහකයන්ම නම්, එය තවදුරටත් තහවුරු වන්නේය.

යුද්ධයෙන් පසු ලංකාව අත්කරගත් සාමය, නොපවතින දේවල්වල හෙවත් අහිමිවීම්වල සාමයකි.

උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවට එය, සාමාන්‍ය ජීවිතයකින් තොර සාමයකි: හමුදාව ප‍්‍රායෝගිකව කඳවුරු බැඳ ගත් දේශයක ඔවුන් ගැටගසා ගන්නා ජීවිතය ගර්හිත ය. අයිතිවාසිකම් රහිත ය.

මුස්ලිම් ප‍්‍රජාවට එය, ආරක්ෂාවක් නැති සාමයකි. තම ප‍්‍රජාවට එරෙහිව ඊළඟ ප‍්‍රහාරය එල්ල වන්නේ කවදා ද සහ එසේ වන්නේ මන්ද යන්න නොදැන ඔවුන් ජීවත් වන්නේ අනියම් බියෙනි.

සිංහලයාට එය, අස්වැන්නක්/ප‍්‍රතිලාභයක් නැති සාමයකි. ඔවුන්ගේ ආර්ථික අදෝනා දිනෙන් දින උග‍්‍ර වෙයි. දේශපාලන අයිතීන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස ඔවුන්ට අහිමි කොට තිබේ. නීතියේ ආධිපත්‍යය වෙනුවට පාලකයාගේ නීතියකින් මෙහෙයවෙන රටක ජීවත් වීමට ඔවුන්ට බල කෙරී තිබේ. ප‍්‍රධාන වෙනසකට ඇත්තේ, බොහෝ සිංහලයන් තුළ තවමත් යහපත් අනාගතයක් ගැන නීවී යාමට ආසන්න තුනී ගිනි දැල්ලක් වන් යම් අපේක්ෂාවක් තිබීමත්, බොහෝ දෙමළ ජනයාට සමහර විට එවන් අපේක්ෂාවක් කිසි දවසක නොතිබීමත්, මුස්ලිම් ජනයාට බලාපොරොත්තු අතහැර ගැනීමට බල කෙරෙන වාතාවරණයක් සකස් වෙමින් තිබීමත් ය.

යුද්ධය වෙනත් මාර්ගවලින් ඉදිරියට ගෙන යාමේ දේශපාලනයක් රාජපක්ෂලා මේ වන විට කරලියට ගෙන ඇත. ජනවාර්ගික ප‍්‍රශ්නයක් ඇතැ යි ඔවුන් තවදුරටත් විශ්වාස නොකිරීම තුළ, දේශපාලන විසඳුමක් ගැන උනන්දුව ඔවුන් තුළින් වියැකි ගොස් ඇත. ‘උතුරේ ප‍්‍රශ්නය’ ඔවුන්ට, හුදෙක් ‘ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයකි’: ත‍්‍රස්තවාදීන් අතුගෑවී ගොසිනි. ඒ මදි ද? වෙන ප‍්‍රශ්නයක් නැත. සාමය ගොඩනැගීම කෙරෙහි වන ඔවුන්ගේ ආකල්පය, සම්මුතිකාමී නොවන, ප‍්‍රජාතාන්ත‍්‍රීය නොවන, ප‍්‍රවේශයකි. සුළුතර ජනවර්ග, සිංහල-බෞද්ධ දේශයක අමුත්තන් වශයෙන්, තමන්ගේ ද්වීතීයික ස්ථානය, ස්තුති පූර්වකව පිළිගත යුතුය. එසේ නොමැතිව, සාමකාමීව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව, ඊට විරෝධය පාන්නන් ජාතිවාදීන් සහ දේශද්‍රෝහීන් වශයෙන් සැළකෙනු ලැබේ.

අනිත් අතට, සිංහල-බෞද්ධයන් සුළුතර ජනතාවට ඉහළින් තමන්ට ආරෝපණය කෙරී ඇති මහේශාක්‍ය මායාවෙන් සන්තෘප්ත විය යුතු යැයි රාජපක්ෂවරු අපේක්ෂා කරති. රුදුරු ආර්ථික කස පහරින් තැලූම් කන්නට ඔවුන්ට සිදු වීම, එකී අපරාජිත සිංහල කම වෙනුවෙන් තමන් දැරිය යුතු මිලක් බව ජනතාව පිළිගත යුතුය. ස්පර්ශ කළ හැකි සාමයේ ප‍්‍රතිලාභයක අඩුව සහ වෙනත් අසන්තෘප්තීන් වෙතින් සිංහල=බෞද්ධයාගේ අවධානය ඉවතට හරවනු වස්, නිරන්තර සතුරන් සහ ඔවුන්ගෙන් එල්ල විය හැකි තර්ජන ගර්ජන පිළිබඳ දෛනික පෝෂණයක් ඔවුන්ට කවනු ලැබේ. මේ වර්ගවාදී/විදේශභීතිකා කතාන්දරයට අනුව, ඊලාම් යුද්ධය ජයග‍්‍රහණය කොට ඇතත්, කොටියා නැසී නැති බව දත යුතුය. අපේ සතුරෝ මහා සේනාවකි. විජාතික අශිෂ්ටයෝ අපේ දොරකඩම සිටිති. ‘මානව හිමිකම්’ සහ ‘මාධ්‍ය නිදහස’ නමින් වෙස්වළාගෙන එන එවැනි මළපුඩු ගැන අප සුපරීක්ෂාකාරී විය යුතුය.

විජයග‍්‍රහණයේ සැමරුම් දේශනය කරමින්, ‘මානව හිමිකම්’, ‘මාධ්‍ය නිදහස’ සහ ‘අධිකරණයේ ස්වාධීනත්වය’ යනු, ‘අපේ මාතෘ භූමිය ගිල ගැනීමට එකී (විදේශ) බලවේග යොදාගත්’ සංකල්ප වශයෙන් ජනාධිපතිවරයාම හඳුන්වන විට, ඔහුම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂාව සහ මානව හිමිකම්, බෙදුම්වාදයට සම කරන විට සහ එසේ කරන විට ඔහුගේ මුහුණේ ඇඳෙන කෝපයේ දාහය දකින විට, ලංකාවේ අනාගතය ලියැවිය හැකි ආකාරය, සයනයිඞ් කරලක් තරමට ප‍්‍රත්‍යක්ෂ වන්නේය.

මේ ශ‍්‍රී ලංකාව තුළ, වෛරය-සහ භීතිය-නැතිවම බැරි දෙයක් බවට පත්ව ඇත.

සාමය සඳහා සුළු ජාතීන්ගේ ස්වේඡාව අවශ්‍ය යැයි නොසළකන තාක් කල්, ඊට මුක්කුවක් වශයෙන් සර්වව්‍යාපී හමුදාවක් අවශ්‍ය වන්නේය. රටේ බහුතරය මෙල්ල කොට තබා ගැනීමටත් එය අවශ්‍ය කෙරේ. එබැවින්, පිම්මේ යන හමුදාකරණය, මේ අසමාන, අසාධාරණ සහ නපුරු සාමයේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්වෙයි. ලංකාවේ හමුදාකරණය නියාමක-හමුදාකරණයකි. පාලක සහෝදරයන්ට යටත්පහත් වන එය, පවුල් පාලනයේ මෙවලමක් වශයෙන් ක‍්‍රියා කරයි. ප‍්‍රත්‍යුපකාරයක් වශයෙන්, හමුදාවට තමන්ටම අයත් ආර්ථික/ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනගා ගැනීමට ඉඩ හැරේ. ‘හමුදා ගොවීන්’ නිර්මාණය කිරීම එහි මෑතම පියවරයි: ‘‘හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට, ශ‍්‍රී ලංකා හමුදාවට ගොවීන් වශයෙන් බඳවා ගත් පිරිස් මැයි 12 වැනි දා සිය රාජකාරි පටන් ගත්හ’’ (ශී‍්‍ර ලංකා මිරර්/16.05.2013). මෙසේ හමුදාකරණයට ලක්කළ සිවිල් වැසියන්, කොටි සංවිධානයෙන් අත්පත් කරගත් කන්ඩාකඩු ගොවිපොළේ සේවයේ යොදවා ඇත. ඊළඟට, නාවික හමුදා-ධීවරයනුත් නිර්මාණය කෙරේවි ද?

මේ හමුදාකරණය, සුළු ජාතීන්ට මෙන්ම මහ ජාතියට ද එක සේ අනර්ථකාරී ය. ඒ, ආර්ථික හේතු නිසා පමණක්ම නොවේ. හමුදා සේනාවාස ගොඩනැගීම සඳහා උතුරු වලිකාමම් පෙදෙසේ වෙසෙන දෙමළ ජනයාට අයත් ඉඩම් අක්කර 6400 ක් හමුදාවට පවරාගන්නා අතරේ, අම්පාර දිස්ත‍්‍රික්කයේ පානම ප‍්‍රදේශයේ සිංහලයන්ගේ ඉඩම් අක්කර 200 ක් ද, හමුදා කඳවුරු සහ හෝටල් ගොඩනැගීම සඳහා පවරා ගැනේ. මේ අසාධාරණ ද්විත්ව ක‍්‍රියාවල සංකලනය තුළ, අයිතින් අහිමි ශ‍්‍රී ලංකාවේ අතිබහුතරයේ අනාගතය පෙරදැකීමට අපහසු නැත.

වෛරය සහ අවනම්බුව සිංහාසනාරූඪ කැරැවීම

අත්කර ගත්තා යැයි කියන සාමයේ අති වැදගත් එක අංගයක්, වන්නි දිස්ත‍්‍රික්කයේ හමුදා ආඥාපතිවරයා විසින් ඒ පළාතේ දෙමළ වැසියන්ට ගිය සතියේ මතක් කර දුනි. එනම්, මළගිය ඇත්තන් වෙනුවෙන් වැළපීම සාපරාධී ක‍්‍රියාවක් වන බවයි: ‘‘ ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ මියගිය හිතෛශීන් සැමරීමට පුලූවන්. ඒත්, ආණ්ඩුවට ද්‍රෝහී වූ ත‍්‍රස්තවාදීන් සැමරීමට කිසි කෙනෙකුට අයිතියක් නැහැ. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිහිපත් කරන්නට යම් කෙනෙක් සැරසෙනවා නං, ඒක රාජද්‍රෝහී ක‍්‍රියාවක්. ඒ වගේ දේකට සම්බන්ධ වෙන  ඕනෑම කෙනෙක්ව අපි අත්අඩංගුවට ගන්නවා.’’ (නිව්ස්.එල්කේ/18.05.2013).

වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සහ වෙනත් නායකයන් සැමරීම වෙනම කාරණයකි. එහෙත් ලක්ෂ ගණනක් දෙමළ වැසියන් ඔවුන්ගේ නෑසියන් සැමරීමෙන් තහනම් කරනු ලැබීම ඊට හාත්පසින් වෙනස් ය. දකුණේ ඇති වු දෙවැනි කැරැල්ලෙන් පසුව, ජනතා විමුක්ති පෙරමුණේ මියගියවුන් ගැන ළතවෙන සහ සමරණ ඔවුන්ගේ ඥාතීන්ට එවැනිම තහනමක් පනවා, එම ඥාතීන්ව අත්අඩංගුවට ගත්තේ නම් දකුණ ඊට කෙසේ ප‍්‍රතික‍්‍රියා දක්වනු ඇත් ද? එය පාර කපනු ඇත්තේ සංහිඳියාවකට ද, එසේ නැතහොත්, තව තවත් වෛරයකට ද?

තම දරුවා කොටියෙකු වූ පමණින් එම දරුවාට ආදරය කිරීමෙන් මවක් වැළැකිය යුතු යැයි අප අපේක්ෂා කළ යුතු ද? මවක් හෝ පියෙකු, බිරිඳක් හෝ සැමියෙකු, දරුදැරියක් හෝ සහෝදර සහෝදරියක්, මුත්තෙකු හෝ මිත්තනියක්, කොටි සංවිධානයේ සටන් කළ ස්වකීය හිතෛශියෙකු වෙනුවෙන් වැළපීම නිසා ද්‍රෝහියෙකු වන්නේ ද? එවැන්නෙකු වෙනුවෙන් වැළපීමට අවසරයක් නැති මනුෂ්‍යයෙකුට කෙසේ නම් සාමයක් දැනෙන්න ද? එවැනි වැළපීමකින් තොරව කෙසේ නම් නිමාවක් දකින්න ද? සිහිපත් කිරීමකින් තොරව කෙසේ නම් අමතක කිරීමක් කරන්න ද?

මෙය මොන විදිහේ සාමයක් ද? සමහර විට, කොටි සංවිධානය තමන්ගේ පරිභෝජනයට ගනිතැ යි ඇති සැකය මත, ඉහළ පෝෂ්‍යදායී විස්කෝතුවක් යුද කලාපයේ වෙසෙන දරු දැරියන්ට සැපයීමට විරුද්ධ වූ නායකයෙකුට බිහි කළ හැකි එකම සාමය එවැන්නක් විය හැක.

සොෆොක්ලීස්ගේ ‘අජැක්ස්’ නාට්‍යයේ නාමදායී ජෙනරල්වරයා ද්‍රෝහියෙකු වී අනිත් ග‍්‍රීක නායකයන් ඝාතනය කිරීමට සැලසුම් කොට අවසානයේ සියදිවි නසාගනී. ඔහු ගැන කෝපයෙන් දැවෙන ග‍්‍රීක හමුදා නායකයෝ, ‘ද්‍රෝහියාව’ ගෞරවාන්විතව මිහිදන් කිරීම තහනම් කරති. ඔඩිසියස් එම නියෝගයට විරුද්ධ වෙයි. එසේ විරුද්ධ වන්නේ මන්දැ යි අගමෙම්නොන් ප‍්‍රශ්න කළ අවස්ථාවේ ඔහුගේ පිළිතුර වන්නේ මෙවැන්නකි: ‘‘අභිමානයට කැලැල් විය හැකි ප‍්‍රතිලාභයෙන් කුල්මත් නොවන්න’’. සීමාවක් නැති වෛරය නිසා යුක්තිය පාගා දැමීම ඔහුගේ විරෝධයට හේතුවයි.

රාජපක්ෂ සාමය, වෛරයෙන් විස කැවුණු, අවනම්බුවෙන් කැලැල් කෙරුණු, තත්වයකි. ඒ නිසා, සාමාන්‍ය දෙමළ ජනයාට මළවුන් වෙනුවෙන් වැලපීම තහනම් කෙරේ. ඒ නිසාම, ජෙනරාල් ෆොන්සේකාට, විජයග‍්‍රහණය සැමරීමේ උළෙලේ කිසි තැනක් අහිමි වෙයි.

යුද්ධය තමන් ජයග‍්‍රහණය කෙළේ නම් වේලූපිල්ලේ ප‍්‍රභාකරන් දෙමළ ජනතාව මත පටවන සාමයේ ස්වභාවය හිතාගන්න. රාජපක්ෂලා එන්න එන්නම, ඔවුන් පරාජය කළ සතුරාගේ ස්වභාවයට සමාන වෙමින් සිටිති. ඔවුන් ගොඩනගමින් සිටින සාමය, කොටින්ගේ ජයග‍්‍රහණයක් තුළ ස්ථාපිත කළ හැකිව තිබු සාමයකට සම වෙමින් තිබේ: එය, යුක්තිය සහ දයාවෙන් තොර සාමයකි. නින්දනීය සහ නිර්දය සාමයකි. ප‍්‍රචණ්ඩ සාමයකි.

තිසරණී ගුණසේකර | Thissarane Gunasekara

2013 මැයි 19 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ  The Agony of Peace  ලිපියේ සිංහල පරිවර්තනය

‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

තුවක්කු විතරයි ‘පහන්’ බැහැ
යුද්ධය අවසන් කලා යැයි මීට වසර 4කට පෙර රාජපක්ෂ ජනාධිපතිවරයා කීවේ ය. ඔහු තව දේවල් ද කීවේය. ඉන් එකක් නම් ‘දැන් අපි නිදහස් රටක්’ යැයි කියමින් තවත් බොහෝ දේවල් කීවේය. ඒ සියලූ දේ කියූ ඔහු අදත් ඒවැනිම දේවල් නැවතත් කියමින් විජයග‍්‍රහණයේ 4වසර ඊයේ සැමරීය. ඒ සැමරුම කෙසේ ද යත්  ගාලූ මුවදොර ගිගුම් දුන්නේ ය. නිදහස කෙසේ ද යත් ඊට පෙර දින කිහිපයක් අදාල ප‍්‍රදේශයේ මාර්ග සම්පූර්ණයෙන් වසා තැබිණි. කපුටෙකුටවත් ඒ ඉහල අහසේ පියාසර කිරීමට තහනම් වී තිබුණු සේයකි.

2009 මැයි 18වනදා සහ ඊට පෙර වසර ගණනාවක් මිනිසුන් ඝාතනය කළ ලේ තැවරුණු අවිආයුධ ආඩම්බරයෙන් ප‍්‍රදර්ශණයට ගෙනැවිත් තිබිණි. රාජපක්ෂ සියල්ලෝ ද, විචාරයක් නොමැති ආරාධිතයෝ ද ඒවා නරඹන ලද්දේ සාදුමය වස්තූන් ලෙසය. අධිපති මාධ්‍ය ඒවා සිය කැමරා කාචයේ සටහන් කර ගත්තේ ලොව අංක එකේ ඡායාරූපයක් ගන්නවා සේය. එපමණක් ද නොවේ, ලංකාවේ බොහෝ මාධ්‍ය ඒවා ප‍්‍රචාරය කරන ලද්දේ ඒවායෙන් නිකුත් වූයේ මිනිස් හදවත් පසාරු කරමින් යන මූනිස්සම් නොව දසත සුවද විසුරුවන විසිතුරු මල් යැයි සිතා ගෙනය. ඒ සියලූ දේ දකුණේ බොහෝ මිනිසුන් නරඹන ලද්දේ අතිශය ඛේදනීය සංහාරයක සටහන් ලෙස සිතා නොව, ‘ආඩම්බරකාර විජයග‍්‍රහණයක්’ යැයි හොදින්ම පෙනුනේ දෙමළ ජනයාගේ දේශපාලන ප‍්‍රශ්ණයට ‘අපි මාර විදිහට සංවේදී’ යැයි කියන පෙරටුගාමී සමාජවාදීන්ගේ ඇසුරින් දියත්වන වෙබ් අඩවියක් ආණ්ඩුවේ ‘විජයග‍්‍රහණය’ ‘යුද ජයග්‍රහණය අද සමරයි‘ යනුවෙන් වාර්තා කර තිබූ අයුරැ දැකීමෙනි.(නමුත් හලාවත ඇන්ටනී ධීවරයාත්, කටුනායක නිදහස් වෙළද කලාපයේ රොෂේන්වත් මරා දැමුණේ එදා උතුරට එල්ල වූ, අද ආඩම්බරයෙන් නරඹන මෙම තුවක්කුවෙන්ම බව දකුණට අද අමතකව ගොසින් ඇති සේයකි)

කෙසේ නමුත් කවර හෝ සමාජයක් මිනිසුන් දහස් ගණනක් ඝාතනය කල පසු එය විජයග‍්‍රහණයක් ලෙස හෝ පිංසිදු වෙන වැඩක් යැයි කිසිදු ශිෂ්ඨ සමාජයකට පැවසිය නොහැක. නමුත් දහස් ගණනක් සංහාරයට පත් කරමින් එහි අවසානයේ ජයපැන් බීමට තරම් උදේ සවස පංසිල් ගණනවා යැයි පවසන බොද්ධ සමාජයත් එදා මෙන් අදත් පාපතර වී තිබේ.

ඒ ඛේදවාචකය විජයග‍්‍රහණයක් ලෙස දකුණේ සමරණ විට මරා දැමුනු දහස් ගණනක් සිය සමීපතමයින් වෙනුවෙන් පහනක් දැල්වීමටවත් ආණ්ඩුවේ මිලිටරි පාලනය ඊයේ ඒ දෙමළ ජනයාට ඉඩ දුන්නේ නැත. යුද්ධයෙන් පසු සෑම විටම සිදු වූවාක් මෙන් ඒවා මැඩපැවත්වීමට උත්සහ කළේය. මැඩපැවත්වීය. තරජනය කළේය. අත්ඩංගුවට ගත්තේ ය. ලෝකයේ ඕනෑම ශිෂ්ඪ සමාජයක මළවුන් සිහිකිරීමට තිබෙන මූලික අයිතිය, එසේ මිලිටරි සපත්තුවෙන් තලා දැමුවේ කිසිදු හිරිකිතයකින් තොරවය. ඒ ලංකාව යුද්ධාවසානයේ 4වන වසරින් පසුවත් ගමන් කරමින් සිටින දිශාව මනාවට පිළිබිඹු කරමින් ය.

මේ ඉන් බිදකි…

තුවක්කු විතරයි. ‘පහන් බැහැ‘

ඝාතනය වූ සිය සමීපතමයින් සැමරීමට මන්නාරමේ දී සිහිකිරීම් උත්සවයක් සංවිධානය කර තිබිණි. එහිදී මන්නාරම පොලීසිය විසින් 15දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය.

වව්නියාවේදී පැවති මිය ගිය දෙමළ ජනයා සැමරීමේ සිහිකිරීම් උත්සවයට නොඑන ලෙසට ඊට පෙර දිනයේ එම ජනතාවට කිසියම් පිරිසක් තර්ජනය කර තිබිණි. කෙසේ නමුත් එම උත්සවය පැවැත් වූවත් ඒයට නොයෙක් ආකාරයෙන් බලපෑම් එල්ල විය.

එසේම යුද්ධයේ අවසන් කාලයේ මිය ගිය මිනිසුන් සිහිකිරීම පිණිස වව්නියාව, සමන්කුලම ග‍්‍රාමෝධය මණ්ඩල භූමියේ ඉදිකර තිබූ ස්මාරක කිසියම් පිරිසක් කඩා බිද දමා තිබිණි. මෙම සැමරුම් 2010 ඉදිකර තිබූ බවත් සෑම වසරකම මියගිය අයගේ සමීපතමයින් මෙහි පහන් දල්වා ඔවුන් සිහි කරනු ලබයි. නමුත් ලංකාවේ සංහිදියාවේ තරම කියාපාමින් මේ වසරේදි එම ස්මාරක වෛරී සහගත ලෙස කඩා බිද දමා තිබේ.

එපමණක් ද නොවේ, ඊයේ උදෑසන වන විට යාපනය විශ්ව විද්‍යාලය අවට ආරක්ෂක අංශ සාමාජිකයින් විශාල ප‍්‍රමාණයක් සැරිසරමින්, විශ්ව විද්‍යාලය අවට මුරකාවල් තර කරමින් සිටින බවට යාපනයෙන් වාර්තා වූ අතර අදට මාස කිහිපයකට පෙර පහන් දල්වා සිහිකිරීම් උත්සවයක් යාපනය විශ්ව විද්‍යාලය තුල සිසුන් විසින් පැවැත් වූ අතර, ආරක්ෂක අංශ එයට කඩා වැදී සිසුන්ට පහරදී සිසුන් අත්අඩංගුවට ද ගත්තේ උතුරේ මර්ධනයේ තරම කියා පාමිනි.

කෙසේ නමුත්, දකුණේ බිහිසුණු අවි ආයුධ ප‍්‍රදර්ශණය කරමින්, දජ ඔසවා, ගීත කියමින් විජයග‍්‍රහණය සමරද්දී උතුරේ ජනයාට, මරා දැමුනු සිය සමීපතමයින් වෙනුවෙන් පහනක් හෝ දැල්වීමට තිබෙන අයිතිය තලා දෑමීමට ආණ්ඩුවේ මිලිටරිය උත්සහ දැරුවේ එළෙසිනි.

තම සමීපතමයින්ව උදුරාගත් පාපතරයින්ට සාප කරමින් පොල් ගැසූ අම්මලා | කිලිනොච්චිය | 2012 මැයි 18

පසුගිය වසරේදීත් මේ දිනවලම, උතුරේ බොහෝ දේවස්ථානවල දේවමෙහෙයන් සිදු නොකරන ලෙසට ආරක්ෂක අංශ දැනුම් දී ඇතැයි කියැවිණි. එහි දී එක් දේවස්ථානයක, පියතුමෙක් ‘‘ඇයි එහෙම කියන්නේ’’ යැයි ප‍්‍රශ්ණ කිරීමේ දී, ආරක්ෂක අංශ පවසා තිබුනේ, ‘‘ඔබලා පවත්වන්නේ එල්ටීටීඊ සැමරුම්. ඒවා බෑ. යනුවෙනි. එවිට එම පියතුමා පවසා ඇත්තේ, ‘‘අපි සිහිකරන්නේ මිය ගිය අයව, ඔබ කියන්නේ මරා දැමුණු මහල්ලෝ, අත දරු‍වො ඇතුලූ සියලූ දෙනා එල්ටීටීඊ කියලද?, කවුරු උනත් මැරැණහම, ඔවුන් මළවුන්. මළවුන් සිහිකිරීමට අපිට අයිතියක් තියනවා’’ යනුවෙනි. කෙසේ නමුත් එම මිලිටරි තර්ජනයන් හමුවේ බොහෝ දේවස්ථානවල සිහිකිරීම් හෝ කිසිදු පූජාවක් නොපැවැත් වුනු අතර, සිය ගණනක් මව්වරු සහ බිරින්දෑවරු පමණක් කිලිනොච්චි කොවිලේදී පොල් ගසා සිය ආදරණීයන් අහිමි කල උන්ට සාප කළේ ය. එම කොවිලේ පූජාවට ද සිවිල් ඇදුමින් සැරසුණු ආරක්ෂක නිළධාරීන් පැමිණ සිටි බව ලියුම්කරු වාර්තා කලේ පසුගිය වසරේ මැයි 18 දාය.

සංහිදියාව කොහේද?

ආයුධ සන්නද්ධ යුදමය තත්වයකින් පසු සියලූ පාර්ශවයන්ට හිමි වූ දෙයට වඩා අහිමි වූ දේවල් අධික බව ලෝකයේ යුදමය ඉතිහාසයන්ගෙන් ඔප්පු වී හමාරය. එය ලංකාවටත් එක සේ අදාළය. වසර 30කට වඩා පැවති යුද්ධයෙන් හිමි වූ හෝ අත්පත් කරගත් දෙයක් නැත. හිමි වූවානම් හිමි වූයේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුලූ සහෝදර ජනයාගේ දහස් ගණනක් මළකදන් ය. අත් පා නැති මිනිසුන් ය. තම සමීපතමයින් අතුරුදහන් කල සිය ගණනක් පවුල් ය. මේ සියලූ දේත් සමග වසර ගණනාවක් ගියත් සුවනොවෙන වේදනාවන්ය. නමුත් මේ සියලූ වේදනාවන් මතින් රජපක්ෂ ආණ්ඩුව කල්පනා කරන්නේ නම් එය තමන්ගේ ‘විජයග‍්‍රහණයක්’ ලෙස, එතැන සංහිදියාව නැත.(අවම වශයෙන් අනෙකාට මළවුන් වෙනුවෙන් පහනක් හෝ දැල්වීමට තිබෙන අයිතිය පාගා දමමින්) ඇත්තේ සුව නොවන අනෙකාගේ තුවාලය යළි යළිත් පැරීම පමණය. වෙඩි බෙහෙත් ගදට හුරුවූ අධිපති ආණ්ඩුවලට මෙන්ම අනෙකා පිළිබද නොසිතන සමාජයකට,  ඒ තුවාලයේ වේදනාව කිසිසේත් දැනෙන්නේ නැත. ඔවුන්ට දැනෙනුයේ වෙඩි බෙහෙත් ගද පමණය. බර අවි, මූනිස්සම්වල ස්පර්ෂයේ නග්න, අශිෂ්ඨ හැගීම පමණි.

එම අශිෂ්ඨ හැගීම යුද්ධාවසානයේ වසර 4කට පසුත්, ගාලූ මුවදොරින් දසත පැතිරුණේ ඒ ‘දැන් අපි නිදහස්’ යැයි කියු රෙට් , මළවුන් වෙනුවෙන් පහනක්වක් දැල්වීමට නොහැකි නිදහස්(?) රටක ‘සංහිදයාව‘, ප්‍රතිසංධානය, උගත් පාඩම් යනු ගාලූ මුවදොර මුහුදුවැල්ලේ ලියූ අකුරු කිහිපයක් පමණක් යන්න ලොවටම පෙන්වමිනි.

ජනවාර්ගික ප‍්‍රශ්ණය යළිත් රතු කටුව ළඟ
හමුදාව බලෙන් අල්ලාගෙන සිටින තම ගම්බිම් ඉල්ලා විරෝධතාවයේ යෙදුනු වලිකාමම් ජනයා | අප්‍රේල් 29 දා යාපනයේ, තෙල්ලිපලෛයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට | Image Vikalpa file

තිස් වසරක යුද්ධයකට ද ලක්ෂය ඉක්මවූ ජන පිරිසක් ද මරණය කරා යැවූවා වූද ඇදහිය නොහැකි තරමේ මිනිස් සහ ද්‍රව්‍යමය සම්පත් ගිල ගත්තා වූ ද සිල්ලටම වඩා ශ‍්‍රී ලාංකික සමාජය උග‍්‍ර ධ‍්‍රැවීකරණයකට ද නරුම භාවයකට ද පත් කළා වූ ද මෙරට ජන වාර්ගික ප‍්‍රශ්ණය යුද්ධවසානයේ සිව් වසරක් ගත වන මෙම දේශපාලන  මොහොතෙහි දී යළිත් වතාවක් පිපිරෙන සුළු රතු කටුව කරා එළඹෙමින් තිබේ.

මෙරට දේශපාලනඥයින්ගේ හිඟන්නාගේ තුවාලය  නමින් පටබැඳි ජනවාර්ගික යුද්ධය සහ ගැටුම සදහට ම  අවසන් කළේ යැයි තෙරක් නැති ජයපානෝත්සවයන් පවත්වමින් රටට ද ලොවට ද රාජපක්ෂවරුන් කී පූරසාරමෙහි සායම දැන් සේදී යන්නට පටන් ගෙන තිබේ. දැන් රාජපක්ෂවරුන්ම කියන්නේ ‘දෙමළ අන්තවාදය’ යළි හිස එසැවීමට ඉඩ ඇති බැවින් දෙමළ ජන ප‍්‍රදේශ ‘යුද්ධමය පාලනයක්’ යටතේ පවත්වා ගත යුතු බවය. සෞඛ්‍ය සහ අධ්‍යාපනයට කෙරන දළ ජාතික ආදායමේ ප‍්‍රතිශතයක් ලෙස පහළ වැටෙත් දී වියදම රටෙහි ඉහළ යන එකම වැය බවට පත්ව ඇත්තේ යුද්ධ වියදමයි.

යද්ධාවසානයෙන් පසු ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ සිංගප්පූරුව බවට ද ආසියාවේ ආශ්චර්්‍යය බවට ද පත් කරන බවට කළ ප‍්‍රකාශ වැල්ලේ තැනූ සිහින බවට පත්ව ඇති බව පසුගිය දා ඒ.එෆ්.පී අන්තර් ජාතික පුවත් සේවාව කියා සිටියේ ය. පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය යුද්ධ සමයේ සමහර වසරයන්ටත් වඩා පහත වැටෙමින් 6.4 ක් බවට පත් විය. ණය මත කැරෙන දැවැන්ත යටිකල සංවර්ධනයන්ට අනුරූපී අනෙක් ආයෝජන නැතිකමින් එම ගොඩ නැගීම් අංග විකල වී ඇතැයි ද  එම වාර්තාව කිය යි.

යුද්ධය අවසන් කොට සිව් වසරක් ගත වන මෙම 19වන ඉරිදා සනිටුහන් වන්නේ මෙරට දෙමළ ජනයා සාමයෙන් සහ සතුටින් ගත කරන දිවියකින් නොවේ. ගොරබිරම් රකුසකු සේ වර්ධනය වන යුදකරණය මැද  එන්න එන්නම  අවිනිශ්චිත බවට පත්වන දේශපාලන අනාගතයක් අභිමුව ය. දෙමළ ජනයාට විමුක්තිය ලබා දීමට ශපථ කල යුද්ධාවසානයේ සිව්වැනි අනුස්මරණය සංකේතාත්මකව ගතවන්නේ යාපනයේ වළිකාමම්හි පන් දහසක් ජනයාගේ ඉඩම් අක්කර 6000ක් යුද්ධ හමුදාව විසින් බලයෙන් අත්පත් කර ගැනීම මගිනි. තමන් ලබා ඇති නිදහස වනාහී අපේම ඉඩම්වල යුද හමුදාව වගා කරනු ලබන එළවළු අප විසින්ම මිලදී ගැනීමේ නිදහස යැයි යාපනයේ ගොවියකු කියා තිබූ වචන මේ සිව්වැනි අනුස්මරනයේ තවත් අපූරු සංකේතයකි.

මැයි 18/19 දිනයන් උතුරෙහි දෙමළ ජනයාට  යුද්ධයෙන් විපතට පත් සිය නෑසියන් සිහි කැරෙන දවස් ය. එසේ නමුත් මරණයට පත් සිය දරුවන් අනුස්මරණයට දෙමළ ජනයාට තහංචි පනවා ඇති යුද්ධ පාලනය කිළිනොච්චියේ පාසැල්හි දෙමළ  දරුවෝ  සිංහල බසින් යුද්ධ ප‍්‍රසස්ති ගී ගායනා කරවීමට ද  යුද්ධ නායකයින් පිනවනු පිණිස යුද ජයග‍්‍රාහී නර්තන ඉදිරිපත් කිරීමට පසුගිය සතියෙහි යොදා ගත්හ. එවැනි නියෝගයන්ගෙන් පෙන්නුම් කැරෙන්නේ දෙමළ ජනයාගේ වේදනාවන් සම්බන්ධයෙන් සිංහල බහුතරවාදී රාජ්‍ය මතවාදය කොතරම් අසංවේදී වී ඇත් ද යන්න පමණක් නොව එම ජනයා සිය නෑසියන් සිහි කරනු ලැබීම සම්බන්ධයෙන්  ඇති බිය ය. කවරදාක හෝ මෙම ජනයා මත පනවා ඇති යුද්ධ පාලනය ඉවත් වූ කළ මෙම වේදනාවන් මහා ගල් කනුවුව පෙරලා යන මහෝගයක් බවට පත්ව දෙමළ සමාජය සිසාරා නොයනු ඇත් ද ?

එසේ නොවීමට නම් කළ යුත්තේ යුද්ධ පාලනය සදාකාලික කිරීම ය. දැන් යුද්ධයෙන් සිව්වසරක් ගතවන මේ අවස්ථාවේ දී අපට අසන්නට ලැබෙන හොරණෑ හඩින් කියැවෙන්නේ එම සැළැස්ම යි.

රට දෙකඩවීමේ ඉඩ කඩ දැන් පෙරටත් වඩා ශක්තිමත් වී ඇති බව රාජපක්ෂ දේශපාලන කසකරුවෝ  දැන් රටට කියති.  ඔවුන් එසේ අපට කියන්නේ අන් කිසිවක් නිසා නොව මෙරට දෙමළ ජනයා සහ ඔවුන්ගේ දේශපාලන පක්ෂ සදාකාලිකව සැක කළ යුතු බවත් කිසිදු බුරුලක් නොදී එම ජනයා සහ එම ජනයා වාසය කරන ප‍්‍රදේශ යකඩ සපත්තුවෙන් ම පාලනය කළ යුතු බව ඒත්තු ගැන්වීමට ය.  සිහළ ජනයා තුළ දෙමළ ජනයා කෙරෙහි අවිශ්වාශය ජනිත  කරවීම මේ දැවැන්ත ප‍්‍රචාරක ව්‍යාපාරයේ අරමුණ ය.

රාජපක්ෂ පාලනයේ මතවාදය වනාහී යුද්ධයේ ජයග‍්‍රහණයේ  මතවාදය යි. යුද්ධය සිදු කෙරුණේ එල්ටීටීඊයට විරුද්ධව යැයි පෙනෙන්නට තිබුණ ද දැන් අසන්නට ලැබෙන්නේ යුද්ධ ජය රැෙක ගැනීමට නම් දෙමළ ජනයාට කවර හෝ ස්වයං පාලන බලයක් ලබා නොදිය යුතු බවය. එය යුද්ධයේ නූතන මුහුණුවර ය.  මෙම ප‍්‍රචාරයේ ප‍්‍රධානීන් බවට විමල් වීරවංශ කණ්ඩායමත්. ජාතික හෙළ උරුම කණ්ඩායමත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් පත්ව සිටිති. වැඩි දිනක් යෑමට පෙර මෙම ව්‍යාපාරයට මෑත පැන නැඟුණු වෛවාරන්න සිංහල බෞද්ධ සේනාංක ද ඊට එක්වනු නියත ය.

මහින්ද රාජපක්ෂ ද්‍රෝහියකු බවට පත් නොවීමට නම් සැප්තැම්බර් මාසයට නියමිත උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර පළාත් සභාවන්හි බලතල කප්පාදු කළ යුතු බව මෙම පිරිස් කියති. ඊට හේතුව වශයෙන් මෙම බලවේග ඉදිරිපත් කරන්නේ උතුරු පළාත් සභා මැතිවරණයෙන් දෙමළ ජාතික සන්ධානය ජය ලබනු ඇති බවත් ඉන් පසු උතුරු පළාත් සභාව හරහා බෙදුම්වාදී දේශපාලන ව්‍යාපෘතිය ඉදිරියට ගෙනු යනු ඇති බවත් ය. මෙම තර්කයෙන්  තවදුරටත් ඇඟවෙන්නේ බහුතර දෙමළ ජනයා වෙනම රටක් වෙනුවෙන් කැමැත්ත ප‍්‍රකාශ කරනු ඇතියි කියා ද? එසේ නම් යුද්ධය විසින් බෙදුම්වාදය අවසන් කළ බවට කරනා කාලගෝට්ටිය ව්‍යාජයක් නොවේ ද? මෙම ප‍්‍රචාරකයින් නොදැනුවත්ව හෝ කියා සිටන්නේ වෙනම රාජ්‍යක් යන්න ප‍්‍රභාකරන්ගේ හෝ එල්ටීටීඊ යේ සැළැස්මක් නොව දෙමළ ජනයාගේ අභිලාශය බව ය.

පළාත් සභා බලතල මගින් වෙනම රාජ්‍යක් කරා ගමන් කළ හැකිය යන්න අමූලික මුසාවක් වන්නේ ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාව විසින් එවැනි කිසිදු මූලිකත්වයකට ඉඩ නොසලකන නිසා ය. එමෙන්ම වත්මන් ලෝක තත්ත්වය විශේෂයෙන්ම ඉන්දියාව සිය දකුණු දිග වෙනම දෙමළ රාජ්‍යක් ඇති වීමට ඉඩ නොසලසන නිසා ය. මෙම තර්ක ගෙන එනු ලබන්නේ එකම එක අවශ්‍යතාවයක් උඩ ය. එනම් මෙරට දෙමළ ජනයා මර්දන හස්තය යටතේම තබා ගත යුතුය යන්න තහවුරු කිරීම පිණිස ය.

තමන් එක් රටක් තුළ ක‍්‍රියාත්මක වන දේශපාලන විසදුමක් වෙනුවෙන් පෙනී සිටින බව දෙමළ ජාතික සන්ධානය යළි යළි කියා සිටි තිබේ. එනමුත්   මෙම යුද්ධවාදී පළාත් සභා විරෝධී තර්කයෙන් ගම්‍ය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයකින් දෙමළ ජනයා විසින් පත් කරනු ලබන එම නියෝජිතයින් වුව ශ‍්‍රී ලංකාවේ බහුතර සිංහල රාජ්‍ය විසින් විශ්වාස නොකළ යුතු බවයි. එම තර්කයේ ඊළඟ පියවර කුමක් ද? එනම් කිසිම විටෙක මෙරට දෙමළ ජනයා හෝ ප‍්‍රධාන ධාරාවේ දෙමළ දේශපාලන පක්ෂ හෝ සිංහල බහුතර රාජ්‍ය විසින් විශ්වාස නොකළ යුතු බව නොවේ ද?  දැන් එල්ටීටීඊ ය වෙනුවට දෙමළ ජනයාම සතුරකු බවට පත් කොට තිබේ.

බොහෝ විට සිදුවීමට ඉඩ ඇත්තේ මෙම හොරණෑකරුවන් විසින් පළාත් සභා විරෝධී මතවාදය දියත් කළ පසු රාජපක්ෂවරු එය හේතුවක් සේ දක්වා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පළාත් සභා ක‍්‍රමය හප කර දැමීම ය. ඇත්ත වශයෙන්ම නම් දැනටමත් 18වන සංශෝධනය සහ දිවි නැගුම පනත හරහා පළාත් සභා ක‍්‍රමයේ බලතල දිය කර දමා තිබේ. එවැනි තනුක තරන ලද බලය බෙදීමකට පවා විරුද්ධව රාජපක්ෂ හොරණෑකරුවන් විසින් දියත් කර ඇති ප‍්‍රචාරයෙන් අපට පෙනෙන්නේ යුද්ධාවසානයෙන් පසු මෙරට දෙමළ ජනයාට ලබාදෙන බවට පොරොන්දු වූ දේශපාලන විසඳුම මායාවක් බවට පත්ව තිබෙන බවයි. සැප්තැම්බර් මාසයට නියමිත උතුරු පළාත් සභා මැතිවරණය යුද කරණයෙන් තොරව, පළාත් සභාවන්හි බලතල කප්පාදු නොකර, නිදහස් සහ සාධාරණ ලෙස පැවැත්වීමට රාජපක්ෂවරුන් අසමත් වුව හොත්  එය දෙමළ දේශපාලනයේ අන්තර් ජාතික ගතිකත්වයෙහි නව ප‍්‍රවේගයන් ඇති කරනු නියත ය. එම සුළි කුණාටුවෙහි නාභිය පිහිටවෙනු ඇත්තේ යාපනයට සැතපුම් 22ක් නුදුරින් පිහිටි තමිල් නාඩුවේ ය. එහි අරමුණ වෙනු ඇත්තේ වෙනම රාජ්‍යක් හෝ ඊට සමාන විකල්පයකි.

කේපීලා දයා මාස්ටර්ලා හෝ තමිලිනීලා සිය ගණනාවක් පෙළගැස්වුව ද දැනට ක‍්‍රියාත්මක නිෂේධාත්මක පියවරයන්ගෙන් ඇතිවන කම්පන තරංඟ වළක්වා ලීමට නොහැකිවනු ඇත. ශ‍්‍රී ලාංකික රාජ්‍ය විසින් මෙරට දෙමළ ජනයා විශ්වාස නොකරන්නේ නම් එම දෙමළ ජනයාට වෙනත් බලවේගයන් කෙරෙහි විශ්වාශය තබන්නට සිදුවනු ඇත. යුද්ධාවසානයෙන් සිව් වසරකට පසු ජයපානෝත්සව මාසයක්ම ගත කරන ශ‍්‍රී ලංකාව සෙමින් නමුත් නියතවම නව ජනවාර්ගික දිය සුළියක් කරා ඇදී යමින් තිබේ.

සුනන්ද දේශප‍්‍රිය | Sunanda Desapriya

විජයග‍්‍රහණය සහ සංහිඳියාව අතර දුර
තවත් විජයග‍්‍රහණයේ සමරුවක් එළැඹෙයි. 2009 මැයි 18වැනිදා යුද්ධය අවසන්කළ බව ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසු මේ පැවැත්වෙන්නේ සිව්වැනි විජයග‍්‍රහණයේ සමරුවයි. සමරුව සඳහා මේ දිනවල කොළඹ නගරයේ හදවත් ප‍්‍රදේශයෙහි අතිවිශාල වාහන තදබදයක්ද ඇතිකරමින්, මිනිස් පැය ගණන් අසාධාරණ ලෙස කාදමමින් පෙරපුහුණුවීම් පැවැත්වෙයි. ඒ අතර, රටේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් විජයග‍්‍රහණයේ වැදගත්කමත් එහි උත්කර්ෂවත්භාවයත් අළලා විවිධාකාර අදහස්, නිර්මාණ පළකැරෙයි. එවැනි පසුබිමක, විජයග‍්‍රහණයේ සැමරුම තවදුරටත් කුමකටදැ’යි ඇසුවහොත් එය නිසැකවම ජාතිද්‍රෝහී, ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් ලෙස සලකන්නටත්, එසේ අසන්නා ගරහනු ලබන්නටත් හොඳටම ඉඩකඩ තිබේ. එහෙත් අවාසනාවකට මෙන් මේ මොහොතේ කෝටියක් වටිනා ප‍්‍රශ්නයද එයයි. ගෙවුණු වසර හතර තුළ පැවැති සෑම විජයග‍්‍රහණයේ සැමරුමකදීම ආණ්ඩුව විසින් පුන පුනා උත්කර්ෂයට නංවන ලද්දේ සන්නද්ධ හමුදාවන්හි බලපරාක‍්‍රමයයි. එය හැම අතින්ම සමාන වන්නේ කිසියම් රටක් තමන් ආක‍්‍රමණය කරන්නට ආ වෙනත් රටක හමුදාවක් සමග යුද්ධකොට ලත් ජයග‍්‍රහණයක් හෝ වෙනත් රටක් බලහත්කාරයෙන් අල්ලාගැනීමට කරන ලද යුද්ධයක ජයග‍්‍රහණයක් හෝ සැමරීමේ මහා ජයමඟුලකටය.

එහෙත් ලංකා ඉතිහාසයේ එලෙස අන් රාජ්‍යයකට එරෙහි බරපතළ යුද්ධයක්, යුද ජයග‍්‍රහණයක් කිසිදා සිදුවී නැත. සිදුවී ඇත්තේ ලංකාවේම සිංහල -දෙමළ පුරවැසියන්, සහෝදරයන්, දරුවන් විසින් රටේ රාජ්‍ය ප‍්‍රතිපත්තියට හා පාලනයට එරෙහිව කරන ලද සිවිල් අරගල කිහිපයකි. 1971දී, 1989/-90දී, 1983න් පටන්ගෙන 2009 දක්වා වූ ඒ සියලූ අරගල රාජ්‍යයේ ගිනි බලය හා පුද්ගල බලය යොදවා ජයගෙන ඇත්තේය. මගහැරිය නොහැකි සත්‍යය නම්, ඒ ජයග‍්‍රහණයන් සෑම එකකදීම පරාජයට පත්ව ඇත්තෝ, විනාශයට ලක්ව ඇත්තෝ, ඝාතනයට ලක්ව ඇත්තෝ ලංකාවේම සිංහල- දෙමළ සහෝදරයෝ, පුරවැසියෝ බවය. හුදෙක් අවුරුදු හතළිහක කාලයකදී රාජ්‍ය පාලන මොඩලයට එරෙහිව රටේ ජනතාව වෙතින්ම භයංකර කැරලි තුනක් පැනනැගීම අප තේරුම්ගත යුත්තේ විජයග‍්‍රහණයක් ලෙසද? ඛේදවාචකයක් ලෙසද? රටේම පුරවැසියන්ගේ ඒ කැරලි ගිනි බලයෙන් මර්දනය කරන්නට සිදුවීම රටක් ලෙස අප තේරුම්ගත යුත්තේ විජයග‍්‍රහණයක් ලෙසද? ඛේදවාචකයක් ලෙසද? එක් කැරැුල්ලක් පැනනැගී, එය මර්දනය කොට ගතවූ කාලය තුළ එවැනිම කැරැුල්ලක් නැවත ඇතිවීම වළක්වන්නට, මනෝඥ ආකාරයෙන් ක‍්‍රියාත්මක වී ඊළඟ කැරලිවලට හේතු නැතිකරන්නට ජාතියක්, රටක් ලෙස අපට නොහැකිවීම අප තේරුම් ගත යුත්තේ සාඩම්බරයට කාරණයක් ලෙසද? ලජ්ජාවට කාරණයක් ලෙසද?

අප නැවතත් කරමින් සිටින්නේ එයයි. 2009 මැයි 19වැනිදා සටහන් වූයේ රටේ සියලූ දෙනාම එකා මෙන් වගකිව යුතු මහා ඛේදවාචකයක එක් මොහොතක අවසානයයි. ඒ මොහොත තමන් විජයග‍්‍රහණයක් ලැබූ අවස්ථාවක් බව කිසිවකු කියන්නේ නම්, ඒ ගැන සැමරීමට, සව්දිය පිරීමට ඔවුන්ට අයිතියක් තිබේයැ’යි අපි මොහොතකට සිතමු. එහෙත් මේ රට බුද්ධිමත් නායකයන්, ජාතියක් වසන තැනක් නම්, නැවත වාරයක් එවැනි ඛේදවාචකයක් ඇතිවීම වළක්වන්නට වැඩ පටන්ගත යුතුව තිබුණේද ඒ මොහොතේ සිටම නොවේද? ඒ දුරස්වූ ජනවර්ග නැවත එකතු කිරීමේ සංහිඳියාවේ පාලමක් තැනීමට ආරම්භ කරමිනි. එය කරන්නට මුල් පියවර තැබිය යුතුව තිබුණේ තමා ජයග‍්‍රාහකයායැ’යි කියන අය විසින්මය.

එහෙත්, එයින් වසර හතරක් ගෙවෙන මේ මොහොතේදීත් අප කරමින් සිටින්නේ අපේම මිනිසුන් පිරිසක් පරාජයකොට ලත් විජයග‍්‍රහණයක් ගැන අතේ වියදමින් පාරම්බෑම විනා සංහිඳියාව දෙසට එක් පියවරක් හෝ තැබීමක් නොවේ. සංහිඳියාව, සහෝදරත්වය, අන්‍යොන්‍ය විශ්වාසය නැවත ගොඩනගාගැනීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාවන් පවා අපි දැනුවත්වම බැහැරකරමින්, නොසලකාහරිමින් සිටිමු. එවැනි අන්ධකාර මාවතක කෙළවරදී නිසැකවම හමුවනු ඇත්තේ සැණකෙලි නොව තව තවත් ඛේදවාචකයන්ය.

උපුටා ගැනීම – රාවය

[Sunday, May 19, 2013]

Image Credit:jdsrilanka.blogspot.com

”මැයි 18 ලෝක වර්ග සංහාරක දිනය | පුදු​වෛයි කෝ ? ”
Update | 07.36pm

යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාර වූ පසු අතුරැදහන් වුනා පැවසෙන පුදුවෙයි නම් ප්‍රකට කවියා පිලිබදව කිසියම් පිරිසක් විසින් ඔහු කොහේද කියා අසමින් කොළඹ නගරයේ තාප්පවල ලියන ලද වැකි වල වීඩියෝ සටහනයි.(ජංගම දුරකතනයකින් ලබාගත් සංස්කරණය නොකරන ලද දර්ශන බව සලකන්න)

[Havelock city- near the saama vihaaraya]

[Havelock town]

[Havelock town]

පුදු​වෛයි කෝ ? සහ මැයි 18 ලෝක වර්ග සංහාරක දිනය යනුවෙන් තීන්ත වලින් ලියන ලද වැකි අද දිනයේදී කොළඹ නගරයේ තැන් කීපයකම ඇද තිබූ බව වාර්තා වෙයි.

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සංස්කෘතික අංශ නායකයා මෙන්ම ​දමළ කවියකු වන පුදු​වෛයි රත්නතු​රෛයි යුද්ධයේ අවසාන අදියරේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට බාර වූ බව වාර්තා වූ අතර අද වනතරු ඔහු සහ ඔහු සමග හමුදාවට බාරවූ කිසිවෙකු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බව වාර්තා වෙයි.

මේ තත්ත්වයන් තුළ දහස් ගණනක් දෙමළ වැසියන් ඝාතනය කරමින් ඊනියා මානුෂිය මෙහෙයුම අවසන් කළා යැයි ප්‍රකාශ කළ අද(2009 මැයි 18) දිනය වර්ග සංහාරක දිනය ලෙස නම් කරමින්, ඝාතනය කළ සිය ආදරණීයයන්, ලොව පුරා දෙමළ ජනයා අනුස්මරණය කරනු ලබන්නේ යුද්ධයෙන් වසර 4ක් ගෙවී ගියත් සංහිදියාවක සේයාවක් වත් නොපෙනෙන දේශපාලන හා සමාජ තත්ත්වයක සිටයි.

(ඊනියා) ජයග්‍රහණය

එසේ වුවත්, සිව් වසරකට පසු අද ද ශ‍්‍රී ලංකාණ්ඩුව කොළඹ දී ජයග‍්‍රහණයේ දිනය ලෙස සමරනු ලැබන්නේ ස්වකීය යුද ශක්තිය බිය ජනක ලෙස ප‍්‍රදර්ශනය කරමිනි. එපමණක්ද නොවේ සිය මිලිටරි යාන්ත්‍රණය මුලු ලංකාවම පුරා වි්‍යාප්ත කරමින් මිලිටරි රාජ්‍යක් වෙත ළගා වෙමින් තිබෙන අතරතුරය.

කොළඹ එසේ ජයග්‍රහණය සමරද්දී, අනෙක් පසින් යුද්ධයට සෘජුවම මුහුණ දුන් උතුරු පළාතෙහි අද (මැයි 18 දා) සමරනු ලැබන්නේ අනුස්මරණයේ දවස ලෙස ය. ඒ ඝාතනයකළ, අතුරැදහන්කළ, විපතට පත් දහස් ගණනාවක් සිය ජනයා වෙනුවෙන් පිදෙන කදුළු, වේදනාව සහ අධිශ්ඨානය අතරිනි. නමුත් ඒ කදුළු, වේදනාවන් ආඩම්බරකාර පියාට දැනෙන්නේ නැත. යුද්ධය අවසන් වී වසර 4කට පසුත් තම මුල් ගම්බිම්වලට යා නොහැකිව වේදනා විදින දහස් ගණනක් උතුරේ තවමත් සිටියි. සරණාගත කදවුරැ වලින් ගෙනගොස් ගණ කැලෑවේ අතරමං කර සිටින මිනිසුන්ද එමටය. තම නිවෙස්වල පදිංචිවී සිටින හමුදා බටයින් වගේම තම වතුපිටිවල වගා කරමින් ඔවුන්ටම ඒවා විකුණන මිලිටරි පරිසරයක් තුළ උතුරේ ජනයා දිවි ගෙවන්නේ කර කියා ගැනීමට කිසිවක් නැති ලෙසය. මෙවැනි මිනිස් වේදනාවන් පිරැණු භූමියක, දහස් ගණනක් ඝාතනය කල භූමියක සැමරිය යුත්තේ ජයග්‍රහණයද? මිනිසුන් දහස් ගණනක් ඝාතනය වූවාට පසු මිනිස් සමාජයකට එය විජයග්‍රහණයක් වන්නේ කෙසේද? තවමත් ඒ ප්‍රශ්ණය අසන්නට දකුණේ බොහෝ මිනිසුන්ට නොහැකිව ඇත්තේ ලේ තැවරැණු කිරිබතින් මුව පිරී ගොස් ඇති නිසාය.

ඡායාරෑප ස්තූතිය – වන්නිපෝස්ට්.කොම්