සිංහල, Democracy, Galle, Governance, Human Rights, Human Security, Peace and reconciliation

තවත් මාරාන්තික ප්‍රහාරයකින් දෙමළ දේශපාලන සිරකරැවෙක් කෝමා තත්ත්වයෙන් රෝහලේ


වව්නියාව බන්ධනාගාරයේ දෙමළ දේශපාලන සිරකරුවන්ට එල්ලකල මාරාන්තික ප්‍රහාරයෙන් පසු වව්නියාවේ නිමලරෑබන් සහ යාපනයේ ඩෙල්රැක්ෂාන් බරපතල ලෙස තුවාල ලබා මරණයට පත් වූ අතර තවත් බොහෝ රැඳවියන් තුවාල ලැබූහ. ඉන් අනතුරුව පසුගිය සතියේ ගාල්ල බන්ධනාගාරයේ තවත් එවන් ප්‍රහාරයක් පිළිබඳ මේ වන විට තොරතුරු වාර්තා වෙමින් තිබේ. එහි ප්‍රථිඵලයක් ලෙස එක් රැඳවියෙකු කෝමා තත්ත්වයට පත්ව ඇති අතර තවත් රැඳවියන් පිරිසක් සැක කටයුතු ලෙස තුවාල ලබා තිබෙන අතර එයින් අතැම් රැදවියන් පමණක් රෝහල් ගත කර තිබෙන බවත් වාර්තා වෙයි.

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සිට පසුගිය 23වනදා ගාල්ල බන්ධනාගාරයට රැගෙන ගිය දේශපාලන සිරකරැවෙක් වන සුන්දරම් සදීශ්කුමාර්(34) හිසේ ඇතුලු සිරැරේ බරපතල තුවාල ලබා කෝමා තත්ත්වයෙන්, ගාල්ල කරාපිටිය රොහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුලත් කර ඇත.

ගාල්ල අධිකරණයේ නඩුවකට පෙනී සිටීම සදහා එක්දරැ පියෙක් වන සුන්දරම් සදීශ්කුමාර්(34) ගාල්ල බන්ධනාගාරයට රැගෙනගොස් ඇත. මොහුගේ සුවදුක් බැලීම සදහා පසුගිය 25වන සෙනසුරාදා ඔහුගේ බිරිද වන කවීතා ගාල්ල බන්ධනාගාරයට ගිය විට සුන්දරම් සදීශ්කුමාර් එහි සිට නැති නිසා බන්ධනාගාර නිළධාරීන්ගෙන් විමසීමේදී ඔහු අසනීප තත්ත්වයේ පසු වූ නිසා රෝහල් ගත කළ බව බන්ධනාගාර නිළධාරීන් දන්වා සිටි බව සදීශ්කුමාර් බිරිද කවිතා පවසයි.

ඉන්පසු කවීතා කරාපිටිය රෝහලට ගොස් ඇති අතර එවිට රෝහල් බළධාරීන් ඇයට තම ස්වාමිපුරැෂයා බැලීමට අවසර ලබා දී නැත. ඉන්පසු පැය ගණනාවකට පසු ඇයව කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට රැගෙන ගිය බන්ධනාගාර නිළධාරීන් සදීශ්කුමාර් බැලීමට අවසර ලබා දී ඇත්තේ හදිසි ප්‍රතිකාර අංශයේ පිටත සිටය. පසුව ඇය ප්‍රකාශ කර ඇත්තේ සදීශ්කුමාර් වන තම සැමියාගේ දකුණු කණ සහ පාදය සම්පූර්ණයෙන්ම බැන්ඩේජ් කර තිබූ බවත්, නාසයය සහ මුඛයට බට දමා තිබූ බවත් පවසා ඇත. එසේම පහරදීමකට ලක්වූවෙකු ලෙස ඔහුගේ සිරැරේ සෑම තැනම ප්ලාස්ටර් දමා තිබූ බවත්, කොළඹ සිට ගාල්ලට රැගෙන යන විට ඔහු හොද සෙෘඛ්‍ය තත්ත්වයෙන් පසු බවත් ඉන්පසු ඔහුට දැඩි ලෙස ප්‍රහාර එල්ලකර තිබීමෙන් මෙවැනි තත්ත්වයක් උදා වී අති බවත්, ගාල්ල බන්ධනාගාරයේදී යම් පහරදීමකට ලක්ව ඇතැයි ද ඇය වැඩිදුරටත් පවසයි. පසුව යම් ශල්‍යෛකර්මයක් සිදු කිරීමට යැයි පවසා සිංහලෙන් ලියන ලද ලියවිල්ලකට අත්සන් කිරීමට බන්ධනාගාර නිළධාරීන් සදීශ්කුමාර් බිරිද වන කවීතාට බලකර සිටි බවත් ඇය එය ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තාවෙයි. (2012 අගෝස්තු 28,තිනක්කුරල් ඇසුරින්)

මේ සිදුවීම පිළිබදව වැඩිදුර වීමසීමේදී කෝමා තත්ත්වයට පත්ව ඇති මෙම රැඳවියා අවුරුදු 34 ක් වයසැති සුන්දරම් සදීස් කුමාර් ලෙස හදුනාගෙන ඇති අතර, ඔහු දස හැවිරිදි දියණියකගේ පියෙකි. 2008 දී කොඩිකාමම් වල පිහිටි ඔහුගේ නිවසින් ශ්‍රී ලංකා හමුදාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්පසු ඔහු ශ්‍රී ලංකා පොලීසියට භාර දී තිබේ. ඉන් අනතුරුව මේ වන තුරු ඔහුට කිසිදු චෝදනාවක් ගොනුකර නැති අතර කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා තබා තිබේ. පසුගිය අගෝස්තු 21 වන දින කොළඹ නව මැගසින් බන්ධනාගාරයෙන් ගාල්ල බන්ධනාගාරයට මාරු කර යවා ඇත. ඉන් පසු මෙම ඛේදනීය තත්ත්වයට පත්ව ඇත.

මේ අතර ගාල්ලේ කරාපිටිය රෝහලේ සිහිසුන්ව ප්‍රතිකාර ලබමින් සිටින දෙමළ දේශපාලන සිරකරුවා කොළඹට මාරු කොට ඔහුට සිහි නැති වූයේ කෙසේ දැයි යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් එම සිරකරුවාගේ ඥාතීහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව බීබීසී ය වාර්තා කර සිටියි.

මේ පිළිබදව අදහස් දක්වන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක, මනෝ ගනේෂන් මහතා,
[youtube]http://www.youtube.com/watch?v=-MuKtwZGdbk&feature=plcp[/youtube]