Colombo, Featured Articles, Features

UPR | මානව හිමිකම් සහ සිවිල් සමාජය


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්ව කාලාන්තර සමාලෝචන වැඩසටහන සදහා සාමූහික ප්‍රකාශයක් ලෙස ශ‍්‍රී ලංකා සිවිල් සමාජ සංවිධාන වාර්තාවක් යොමුකර ඇති අතර පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ වාර්තාවයි.

—————————————————————————————–

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්ව කාලාන්තර සමාලෝචන වැඩසටහන සදහා ශ‍්‍රී ලංකා සිවිල් සමාජයේ සාමුහික ප‍්‍රකාශය.(14 වන සැසි වාරය – 2012)

විමර්ශනයට ලක්වන කාල සීමාව තුළ ශ‍්‍රී ලංකාව පූර්ණ යුද තත්ත්වයක සිට පශ්චාත් යුද සමයක් දක්වා රූපාන්තරණය වන ලදි.

වාර්ගික දේශපාලනික දුක් ගැනවිලිවලට හේතුපාදක වන කරුණු ආමන්ත‍්‍රණය කිරීමට සුදුසු ඓතිහාසික අවස්ථාවක් රට හමුවේ උදාවී පැවතුණද මෙම කාල සීමාව තුළ සුවිශේෂී තත්ත්වයන් වර්ධනය වෙමින් පැවතුනද මූලික ගැටළු පිළිබඳව පවා ආමන්ත‍්‍රණය නොකිරීම බරපතල සැලකිල්ලක් දැක්විය යුතු කරුණකි. දේශපාලනික විසඳුමක් සම්බන්ධයෙන් බලන කල ආණ්ඩුව 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීමට අසමත් වී ඇති අතරම එයට එහා ගිය විසඳුමක් ලබාදීමටද අසමත් වී ඇත. ප‍්‍රධාන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව ගත් කළ සිද්ධීන් ප‍්‍රමාණාත්මකව සිදුවන පසුබිමක වුවද තත්ත්වය පිළිබඳව ධනාත්මකව බැලිය හැකිය. මානව හිමිකම් උල්ලංඝනයන් සහ අපරාධ නිර්මුක්තිය පිළිබඳ සංස්කෘතිය ආමන්ත‍්‍රණය කිරීමට ඇති මූලික ව්‍යුහයේ සහ ක‍්‍රියාපටිපාටිය තුළ කුඩා වෙනස්කමක් දක්නට ඇති අතර විශේෂයෙන් රජය මගින් ඉටුකිරීමට බැඳී ඇති විශ්ව කාලාන්තර වගකීම් ඉටු කිරීමට සහ කි‍්‍රයාවට නැංවීමට ඇති නොහැකියාව පෙන්වා දෙමින් ඇත.

1. නීතියේ ආධිපත්‍ය පිළිබඳව ඇති සාමාන්‍ය නිරීක්ෂණ

ශ‍්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය වියැකීයාම පිළිබඳව තවදුරටත් සලකා බලන විට විධායකය විසින් බලය ඒකරාශී කරගැනීම ඉහළ යාමද, ස්වාධීන ආයතන දේශපාලනීකරණය වීමද, බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ පරීක්ෂණ කටයුතු කිරීම හා ඒවා පිළිබඳ නඩු පැවරීම අතපසු කිරීමද, අන්තනෝමතික ආරක්ෂක නීති හඳුන්වා දීම ද, නිර්මුක්තියේ සංස්කෘතිය තහවුරු කිරීමට ඉවහල් වී ඇත. දශක තුනක් පුරාවට ඇදී ගිය යුද්ධය විසින් නීතියේ ආධිපත්‍ය දැඩි ලෙස ඛාදනය වීම පිළිබඳව සාධාරණීකරණයක් ලබාදී ඇත. යුද්ධයේ අවසාන භාගයේදී ඉතා තීව‍්‍ර වූ ජාතිකවාදී මනෝභාවය සහ රණකාමීත්වය තවදුරටත් ඉදිරියට ගෙනයන අතර එය පාලන ක‍්‍රමයට හා මහජන සංවාදයට විෂයානුකූලව බලපානු ඇත. ජාතික මට්ටමින් හෝ අන්තර් ජාතික මට්ටමින් මානව හිමිකම් ඉහළ නැංවීම සඳහා කරනු ලබන මැදිහත්වීම් ජාතියේ පරමාධිපත්‍ය, ත‍්‍රස්තවාදය පරාජයට පත් කිරීම, යුද ජයග‍්‍රහණයේ නිර්මාණයට වැනි කරුණුවලට හානි පමුණුවන දේවල් ලෙස සළකා ඉවත දමනු ඇත. මෙම සංදර්භය විසින් පශ්චාත් යුධ සමය තුළදී පවා ආරක්ෂක කටයුතු සංස්ථාපනය කිරීමට සහ විධායකයට ඉතා පුළුල් අන්දමින් බලයක් ලබා දීමට ඉවහල්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් සහ නීති සම්පාදනයට හැකි වටපිටාවක් සකස් කර ඇත.

2. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලැබූ 18 වන සංශෝධනය ස්වාධීන රාජ්‍ය ආයතනවලට….මෙහි සම්පූර්ණ වාර්තාව සදහා පිවිසෙන්නUPR | Sinhala

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්ව කාලාන්තර සමාලෝචන වැඩසටහන සදහා සාමූහික ප්‍රකාශයක් ලෙස ශ‍්‍රී ලංකා සිවිල් සමාජය විසින් යොමුකර ඇති ප්‍රකාශයත් ඒ හා බැදි වර්තමානයේ ලාංකාවේ මානව හිමිකම් පිළිබදව තත්ත්වයත් පිළිබදව පසුගිය 10 වනදා කොළඹ, පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී සමිමන්ත්‍රණයක් පැවැත්වීය. එය සංවිධානය කර තිබුණේ නිදහසේ වේදිකාව වන අතර ආචාර්ය පාක්‍යසෝතිසරවනමුත්තු, නීතිඥ සුදර්ශණ ගුණවර්ධන, නීතිඥ සම්පත් පුෂ්පකුමාර සහ බ්‍රිටෝ ප්‍රනාන්දු යන අය අදහස් දක්වන ලදි.

පහත දැක්වෙන්නේ එම සම්මන්ත්‍රණයේදී දැක්වූ අදහස් කිහිපයක එකතුවකි

[youtube]http://www.youtube.com/watch?v=-Nm2nb4W1Kk&feature=plcp[/youtube]

[youtube]http://www.youtube.com/watch?v=dF87lzAH_n8&feature=plcp[/youtube]