සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

මුලිතිව්, කොක්කුත්තෝඩුවායි ඉඩම්, දෙමළ ජනයාගෙන් උදුරාගනියි.


මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුත්තෝඩුවායි ප්‍ර දේශයේ සිංහල පවුල් පදිංචි කරමින් පවතින බවත්, එම ප්‍රදේශයට දෙමළ ජනතාවට අයත් අක්කර 500ක කුඹුරැ ඉඩම් ද ඇතුලු ඉඩම්, බෙදා දීමට කටයුතු කරමින් සිටින බවත් එම ප්‍රදේශයේ ජනතාව පවසන බව දෙමළ ජාතික සංධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී සිවශක්ති ආනන්දන් මහතා පවසයි.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වන මංත්‍රීවරයා, ‘මෙම දෙමළ ජනතාවට අයත් එම ප්‍රදේශයේ සිංහල පවුල් පදිංචිකිරීම සදහා පසුගිය සතියේ ඉඩම් වෙන්කර දී තාවකාලික නිවාස 200කට අධික ප්‍රමාණයක් ඉදිකර දී තිබේ. ඒ සමග මෙම නිවාස ගොඩනගා ඇති ප්‍රදේශයේ නව මාර්ග සාදා, විදුලි රැහැන් ඇදීම සදහා අවශ්‍ය විදුලි කණු ද දමා ඇති බවත්, මෙම ක්‍රියාවලිය නිසා මුන්දිරිගයිකුලම්, ආමයියන්කුලම්, එරෙඉච්චිකාඩු ඇතුලු ගම්මානවල ඉඩම් අහිමි වී යන ලකුණුද මේ නිසා පෙනෙන්නට තිබේ. මෙම දෙමළ ජනතාවට අයති ඉඩම්වල සිංහල ජනයා පදිංචි කිරීම පිළිබදව කිසිදු නිළධාරියෙක් එම ගම්වල කිසිදු වැසියෙකුට දැනුම් දීමක් සිදුකර නැති බවත් ඉතා කෂණිකයෙන් පැමිණ මෙම නිවාස ගොඩනගා ඇති බවත් එම ගම්වාසින් පවසන බවත් එම මංත්‍රීවරයා පවසයි.

මෙම පදිංචි කිරීම සම්බන්ධයෙන් මුලතිවු දිසාපතිවරයාගෙන් විමසීමෙදී ඔහු මංත්‍රීවරයාට පවසා ඇත්තේ ‘කිසිවෙකුත් ඒ පිළිබදව තමන්ට දැනුම් දී නැති බවත්, එම ප්‍රදේශයේ කිසිවෙක්වත් ඒ සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි කොට නැති බවත් ය.

දිසාපතිවරයාටවත් නොදන්වා, ඔහුගේ අනුමැතියකින් තොරව මෙම සියලු පවරා ගැනීම් සහ ඉදිකිරීම් සිදු කර ඇති බවත් එම මංත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

කොඉක්කිලායි, කෝට්ටයික්කේනි ගම්මානවල තිබෙන ඝනපති කෝවිල් තුළ දීර්ඝ කාලයක් හමුදාව රැදී සිටිමින්, එම කෝවිල තුළ මස්, මාංශ වැනි දේ ද පිළියෙල කරමින් කෝවිල් භූමිය අපවිත්‍ර කරමින් සිටින බවත් එම ගම්මානවල ජනයා තමන්ට පැමිණිලි කර සිටින බවත් මංත්‍රීවරයා පවසයි.

මෙම ප්‍රදේශයේ පවුල් 200ක් පමණ මීට වසරකට පෙර නැවත පදිංචිකළ මුත් ඔවුන්ට කිසිදු පහසුකම්ක් වත් නැති තත්ත්වයක් තුල මෙම ව්‍යාකූල ත්ත්ත්වය මතු වී තිබෙන බවත් රජය තවමත් තාවකාලික නිවාසවත් ඔවුන්ට සාදා දීමට අපොහොසත් වී ඇති බව ද ඔහු පවසයි.(2012 සැප්තැම්බර්14 වීරකේසරී ඇසුරිනි)

[Map Credit: www.ifsp-srilanka.org]

@VIKALPA