සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Life quips, Peace and reconciliation

අපේ රටේ මිනිස්සු ඇත්තටම එහෙමද?


මේ දවස්වල ලංකාවේ රූපවාහිනි නාලිකාවල අපුරු වෙලද දැන්වීමක් ප‍්‍රචාරය වෙනවා. එක්තරා දුරකථන ජාලයක දැන්විමක් වන මෙය දිග හැරෙන්නේ මෙසේය. විශාල කොස් ගහක් තියෙනව වත්ත මැද්දේ. මේ කොස් ගහ තියෙන්නෙ ඉඩම් දෙකක මායිමේ. ඉඩම බෙදල වැට ගහන්න නම් අනිවාර්යයෙන්ම කොස් ගහ කපන්න වෙනවා කියලා මිනින්දොරු මහත්තයා කියද්දි, අනිත් ඉඩමේ අයිතිකාරය කියනවා කොස් ගහ කපන්න ඕනේ නැහැ, මගේ ඉඩමෙන් කොටසක් ගියාට කමක් නැහැ. කොස් ගහ බේරලා ඒ කොටස ඉඩමෙන් අල්ලලා වැට ගහන්න කියලා.

ඇත්තටම මේ දැන්වීම ලංකාවේ එකක් තමයි. පුදුම හිතුනත් ඒක තමයි ඇත්ත. නමුත් අපේ රටේ මිනිස්සු ඇත්තටම එහෙමද? මේ දැන්වීමේ හොද වෙලාවට ඉන්නේ සිංහලම පවුල් දෙකක්. අනිත් ඉඩමේ දෙමළ පවුලක් හිටියනම් මොනව වෙයිද? වෙළද දැන්වීම අනුව දෙමළ අයටත් ඒ පිළිතුරම ලැබෙයි. ඒත් සැබෑවටම මේ වගේ ප්‍රශ්ණයක් ආවොත් අයෙ අමුතුවෙන් එන්න දෙයක් නැහැ. එහෙම ප‍්‍රශ්නයක් දැනට ලංකාවේ දෙමළ මිනිස්සුන්ට තියනවනේ. සැබෑවටම මෙහෙම දෙයක් සිද්ධ වුනානම් දෙමළ මිනිහට වෙන්නේ ගෙවල් අත ඇරල යන්න.

වැට මායිම ගහන්නවත් අද දෙමළ මිනිස්සුන්ට ඉඩමක් නැනේ. ඒ ඔක්කොම මේ හමුදාවයි, රජයයි කොල්ලකාල ඉවරයිනේ. ඒ ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. ඔයගොල්ලො හැමෝම ඒ ගැන දන්නවනේ. පහුගිය සැප්. 24 වෙනිදා ලොකු උත්සවේකුත් තියලා අනාථ කදවුරෙන් ඒ මිනිස්සු කැලේට අත ඇරල දැම්මනේ. ඒ මිනිස්සුන්ට දැන් කිසිම හවුහරනක් නැහැ. මේ රටේ මිනිස්සුන්ට කොස් ගහ කපන්නේ නැතුව ඉඩමෙන් කැල්ලක් දෙන්න පුඵවන්නම් දෙමළ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ අයිතිය තියන ඉඩම් ටික දෙන්න බැරි ඇයි? ඉඩමි පොලිස් බලතල දෙන්න බැරි ඇයි? ඇත්තටම මේ ප‍්‍රශ්න වලට මම උත්තර හොයනවා.

මේ දෙමළ ප‍්‍රශ්නෙත් හරියට හිගන්නගේ තුවාලේ වාගේ හිගන්න කවදාවත් කැමති නැහැ තමන්ගේ තුවාළේ හොද කර ගන්න මොකද තුවාලේ හොද වුනොත් තමන්ගේ බඩ ගොස්තරේ නැති වෙයි කියල හිගන්න දන්නවා. අපේ රටේ පාලකයොත් එහෙමයි. කවදාවත් දෙමළ මිනිස්සුන්ට විසදුමක් දෙන්නෙ නැහැ. ඒ මිනිස්සුන්ගේ ප‍්‍රශ්නෙ මොකක්ද කියලත් දන්නවා ඒකට විසදුම මොකක්ද කියලත් දන්නවා. හැබැයි විසදුම දෙන්නේ නැහැ. මොකද තමන්ගේ බඩගොස්තරවාදි දේශපාලනය නිසා ඒක නැති වෙයි කියල බයයි. සිංහල ජාතිවාදින්ගේ චුන් එක නැතිවෙලා ගෙදර යන්න වෙයි කියල බයයි. ඒක නිසා පාලකයෝ කරන්නේ ජාතිවාදින් චුන් කරන එක විතරයි. තමන්ට මොන ප‍්‍රශ්නේ ආවත් ජාතිවාදින් ඉදිරියට ඇවිත් තමන්ව බේර ගනනවා කියල මහින්ද දන්නවා. ඒක නිසා හැමදාම ජාතිවාදින් චුන් කර කර ඉන්නවා.
අද දෙමල මිනිස්සු අපා දුක් විදිද්දි සිංහල මිනිස්සුත් ඒ දුකම විදවනවා. එදා දෙමළ මිනිස්සු මැරුණම කිරිබත් කාපු සිංහලයෝ අද ඒ කිරිබත් වාමාර ගන්න බැරුව ඉන්නේ. අද මේ මුඵ රටම අවුල්ජාලාවක් වෙලා ඉවරයි. ගුරුවරු, ආචාරවරු,ළමයි විතරක් නෙමේ විනිසුරුවරු, නිතිඥයොත් අද පාරට බැහැල ඉන්නේ මේ පාලනයට එරෙහිව. මේ ජාතිවාදිනුත් නිසැකවම මේ රෙජිමියට එරෙහිව පාරට බහිනවා.

අද මේ රටේ නීතියක් කියල දෙයක් නැහැ. විනිසුරුවරුන්ට මැති ඇමතිවරු තර්ජනය කරනවා. දෙනෝ දාහක් බලන් ඉද්දි අග නගරෙදි අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට ගහල යස අගේට මැරයො ටික පැනලත් යනවා. අද මේ රටේ නීතිය ඇතුඵ සියලූම දේ ක‍්‍රියාත්මක වෙනනේ විධායකයට ඕන විදියට. විධායකයට අභියෝග ඛරන්න කාටවත්ම බැහැ. ඒ විදියට තමන්ට අවශ්‍ය බලතල අතට අරගෙන විධායක බලතල 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මහින්ද ගානට හදා ගත්තා. ආණ්ඩුවට සම්බන්ධ මැරයෝ වැරදි කරලා ඉද්දි නිතිපති සාක්කි නැහැ කියලා නඩු ඉල්ලා අස්කර ගන්නවා.

20යි 20 මැච්ච එක ඉවර වෙද්දි බඩු මිලත් වැඩි වෙලා. ඒවට දෙන්න උත්තරත් හදා ගෙන ඉවරයි. මේ ආණ්ඩුව පඩි වැඩි කරන්නයි අධ්‍යාපනයට 6% වෙන් කරන්නයි කියලා ආචාරවරු පාරට ආපුවාම ආචාරවරුන්ට මඩ ගහනවා. හැබැයි 6% ගැන කිසි කතාවක් නැහැ. අද මේ රට කොහෙට යනවද කියල මම නම් දන්නේ නැහැ. හැබැයි තියන තියන ජන්දෙන් ආණ්ඩුව දිනනවා. ජාතිවාදින් මොන දේ තමන්ට නැතත් වුනත් ගානට ආණ්ඩුව බේරල මේ රට වළටම ඇද ගෙන යන්න හොද සපෝර්ට් එකක් දෙනවා.

මේකේ තමන්ට අවශ්‍ය විදියට ජිවත් වෙන්න දෙමළ මිනිස්සුන්ටත් අයිතියක් තියෙනවා. අපි ඒ අයිතිය පිළිගන්න ඕනේ. අපි මේ රට මහින්දල වගේ පවුල්වාදින්ගෙන් බේර ගන්න ඕනේ. මොකද මේ රට අයිති අපිට. කොස් ගහ කපන්නේ නැතුව ඉඩමේ කැල්ලක් දීලා බෙදා හදා ගන්න පුඵවන් ජාතියක් කියල ඇත්තටම අපි දැන්වත් ඒ මිනිස්සුන්ට පෙන්නන්න ඕනේ.

දෙමළ තරුණයෝ අවි ආයුධ අතට අරන් ඉල්ලූවේ තමන්ට චිත‍්‍රපටියක රග පාන්න දෙන්න කියලවත් ගාමන්ටි එකක මහන්න දෙන්න කියලවත් නෙමේ තමන්ට මේ රටේ ඇති අයිතිය දෙන්න කියලා. ඒ මිනිස්සුන්ට ආයෙත් ආයුධ අතට ගන්න ඉඩ දෙනවද නැත්ද කියන තිරණය තියෙන්නේ අපේ අතේ ආයුධ අතට අරන් ප‍්‍රශ්න විසදන්න බැරි වුනාට විකල්ප නැති උනාම මිනිස්සු ඒ දේට පෙළබ වෙනවා.

ජාතිවාදින් නොවී එක්සත්වි අපේ රට අපි බේරා ගමු. පවුල්වාදී බඩගොස්තරවාදීන් ගෙදර යවමු මේ ඒකට සුදුසුම කාලයයි.

රොෂාන් චතුරංග[Roshan Chathuranga]