සිංහල, Colombo, Democracy, Governance, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

මොකද්ද වලංගු, තුන, දහතුන, දහතුන ප්ලස්


ආණ්ඩුවේ අන්තවාදී දේශපාලන ගුණ්ඩුවෙන් තමන්ගේ දේශපාලන පැවැත්ම වඩාත් ශක්තිමත්ව තහවුරු කරගත් මැකියාවෙලියානු කෛරාටක නරියෙක් පසුගියදා 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දහතුන ප්ලස් තබා දහතුනවත් වලංගු නැති බවයි. ඒ නිසා මොන ප්ලස් එක ගැන කතා කළත් දැන් වැඩක් නැති බව මෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනුගත වන ලෙස හෙතම තවදුරටත් කිව්වේය. ආරක්ෂක ලේඛම් වරයාට හුළං ගසා පුම්බමින් නටවනු ලබන්නේ මෙකී අන්තවාදී කඳවුර මිස ආරක්ෂක ලේඛම්වරයාගේ නිවසේ ඉදිරිපිට ඇති ලොකු බුදු පිළිමය දුටු විට ඔහු කෙරෙහි තිබු බිය වෙනුවට ශාන්තිය ඇති වුනා යැයි කියූ කුමාරන් පදමනාදන් නොවේ.

කෙසේ වෙතත් 13 ගැන මෙකි පිරිස සඳහන් කළ කතාව සහතික ඇත්තය. රටේ කිසිවක් වලංගු නැත, වලංගු වී ඇත්තේ රාජපක්ෂගේ හෝ ඔහුගේ ඥාතීන්ගේ වචනය සහ ඔවුන්ගේ නියෝග පමණි. මෙය රටේ පවතින සත්‍ය තත්වයයි. මීට පිටින් ගිය දෙයක් රටේ ක්‍රියාත්මක වන්නේ නම් ඒ අපි කතා කරන්නේ රාජපක්ෂකරණය කරනු ලැබූ ශ්‍රී ලංකාව ගැන නොවේ. බලයට පැමිණෙන විට රටේ අයිතිකාරයා නොවේ භාරකාරය වෙම් යැයි, මම එයම පිළිපැද කටයුතු කොරඥ්ඥයි, කියූ රාජපක්ෂම මේ වන විට රටේ බහිරවයා බවට පත් වී සිටියි. ඔහු ඇතුළු ඔහු වටා සිටින බහිරවයින්ගේ වචනය හැරෙන්නට රටේ කාලාන්තරයක් තිස්සේ සම්මත වී ඇති නීතීන් හෝ අණපනත් ක්‍රියාත්මක වන්නේ නම් එයද සිදු වන්නේ බහිරවයින්ගේ දොළ පිදේනී වලට අවශ්‍ය බිලි දීම සඳහා හෝ චීනුන්ගේ නූතන වෙළඳ ගැට බාධාවකින් තොරව සිදු කර ගැනීම සඳහාය. ඒ බැවින් දහතුන ප්ලස්, දහතුන මයිනස් හෝ දහතුන තබා, වරක් ඇත්ත පුවත්පත මැතිවරණ ප්‍රතිපලයක් ගෙන හැර දැක් වූ ආකාරයෙන්, මෙරට මේවන වින මොන තුනවත් වලංගු නැත.

මෙම යතාර්ථය තේරුම් නොගෙන කටයුතු කිරීමට යාමෙන් සහ බෙදී වෙන් වී වල් මී දෙනුන් මෙන් කුලල් කා ගන්නා අයවලුන්ගෙන් සමාජ වෙනසක් බලාපොරොත්තු වීම දවල් හීනයක් පමණක් වන අතර ඉන් සිදුවන්නේ පවතින බලයම තවදුරටත් ශක්තිමත් වීමය. මේවන විට දේශපාලන පක්ෂ මෙන්ම බොහොමයක් කණ්ඩායම් තම දේශපාලන පැවැත්ම තහවුරු කරගැනීම සඳහා දේශපාලන මාතෘකා සොයමින් සිටිති. රාජපක්ෂ විකිණීමට හැකි උපරිමයෙන් අන්තවාදය දේශීය දේශපාලන වෙළඳපොලේ විකුණා ඇති අතර ඔහු රටේ සැබෑ කඩා වැටීම වසා දමා ඇත්තේ චීනය විසින් සිදුකරන ණය ව්‍යාපෘතීන් හරහාය. මෙය චීනය ලංකාවේ පමණක් නොවේ අප්‍රිකානු රටවල මහා පරිමාණයෙන් අත්හදා බලන ගෝලීය දේශපාලනික ආක්‍රමණයේ එක ක්‍රමෝපායක් පමණි. ඊට අමතරව එක් එක් තෝරාගත් රටවල දුෂිත දේශපාලනඥයින් චීන කොමුනිස් පක්ෂ අරමුදල භාවිතකරමින් අල්ලසට මිළදී ගනිමින් සිටිති. මෙය චීනය විසින් සිදුකරන අතිශය ඵලදායක ක්ලියෝපට්‍රියානු දේශපාලන මූලධර්මයේ එක් අංගයක් පමණි. ඊට අමතරව ලෝකය පුරා ක්‍රියාත්මක වන ත්‍රස්ත කල්ලි වලට නිතී විරෝධීව අවියුධ සැපයීම සඳහා එක් එක් රටවල දේශපාලන සහ ආරකෂක රූකඩ නිර්මාණය කිරීමද එම කාසියේම අනෙක් පැත්ත වේ.

කෙසේ වෙතත් ලෝකයේ ඇතැම් රටවල් මෙන්ම චීනය සතුවම පවතින ඇතැම් ස්වංපාලන ඒකකයන් සමඟ වඩාත් වැදගත් දේශපාලන ක්‍රමෝපායන් භාවිත කරමින් ගනුදෙනු කිරීමට චීනය පරෙස්සම් වේ, මන්ද ඒවායේ තවමත් නීතියක් , ඒම නීතිය නිවැරදිව ක්‍රියාත්මක වීමේ වටිනාකමක් දන්නා දේශපාලනයෙන් වියුක්ත වී සිටින අහිංසාවාදීව සටන් කළ හැකි සාමන්‍ය ජනතාව සිටින බැවිනි. අනෙකාව පාලනය කිරීම සඳහා තමා බාවිතා කළ යුතු ශක්තියේ ප්‍රමාණය ගැන චීනයට අවබෝධයක් තිබෙන සැටියෙකි. එබැවින් ලංකාවේ රාජ්‍ය සංස්ථා දියකරමින් ඒවායේ ක්ෂාරය උරාබී පැවතිය යුතු තත්වය පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් විනාශ කිරීම සඳහා වරද ඇත්තේ මෙරට තුළම මිස ඊට අතදමන භාහිර බලවේග වල නොවේ.

මේ වනවිට රට තුළ මතුවෙමින් පවතින 13 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කළ යුතු යැයි මතුවෙන හා හූව තුළ හඳුනා ගත හැක්කේ කිසිවක් නොවේ; එනම් 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙක් කරගත හැකි නොවූ දෑ ඉදිරියේ එන 19 වන සංශෝධනයෙන් සිදු කර ගැනීම සඳහා වලංගු බාවයක් ලබා ගැනීමය. ඊට ඇතිවිය හැකි සමාජ ප්‍රතිරෝධය වැළක්වීම සඳහාය. එය 18 දී කළාක් මෙන් රාජපක්ෂ, පිපාසිත මිනිසුන්ට වතුර පෙන්වා ඇසිඩ් පානය කිරීමට දීමක් වූ ආකාරයෙන්ම සිදු කරනු ඇත. එහි බරපතල කම වැටහෙනු ඇත්තේ එකිනෙකා මැරී වෙටෙන විට වන අතර එතෙක් සියල්ලම දේශප්‍රේමී උන්මාදයෙන් සිදු කොට ඇති සමාජ මර්ධනය සාධාරණීකරණය කර ගණන්ව පමණක් නොව ඊට එරෙහිවන්නට නොයෙක් මාදිලියේ ලේබල් අලවා අපහාසයට ලක් කරනු ඇත. එපමණකට අපි දක්ෂයෝ වෙති. නමුත් අපි පුරුදු වී ඇත්තේ අතීශාරයට අඹුඩ ගැසීමට බව තේරුම් ගැනීමට දීර්ඝ කාලයක් ගත වනු ඇත. ආණ්ඩුවේ මේ සියලු කතා බහ වල සැබෑ අර්ථය වන්නේ රටේ සාධනීය විපක්ෂයකට ඇතිවිය හැකි ඉඩ අහුරුවා ලීම මිස වෙන කිසිවක් නොවේ. එමඟින් රටේ පවතින සැබෑ පීඩනය මතුපිටට ගලා ඒම වැළක්විය හැකිය.

මෙම තත්වය හමුවේ සරත් ෆොන්සේකා වූ කලී වික්‍රමබාහු දේශපාලන කඳවුර නමැති කාසියේම අනෙක් පැත්ත වනු ඇත. එහිදී ඔවුන්ට අවසානයේදී ඉතුරුවන්නේ සාමාජය මෙන්ම ජනතාව ගැන විප්‍රතිසාරයක් පමණි. එය රාජපක්ෂ වැනි බෞද්ධ නාමය දේශාපාලන අවශ්‍යතාවයන් සඳහා අනුගමනය කරන හින්දු අන්තවාදී බමුණු අවලුන්ට උපහාසයට අනෙකාව නිග්‍රහ කිරීමට පමණක් හේතු වැනි ඇත. එය නැති කර දැමීමට නම් එකිනෙකා පෞද්ගලිකව අවධි වී, තමාගේ ස්වෙච්චා දායකත්වය ලබා දීම අතිශය වැදගත් වේ. එය සිදු නොවෙන තාක් දුරට උතුරේ කේ.පී. වැනි අයත් දකුණේ රාජපක්ෂ වැනි අයත් නියතයක් වනු ඇත. සමාජ සහ බාෂාවේ අපිළිවෙල හාස්‍යට කාරණයක් කරගන්නා සාමාජ ප්‍රවණතාවය හමුවේ කිසිවෙකුටත් නිශ්චිත ඉලක්කයක් නොපෙනෙනු ඇත. එවැනි අන්ධබාවයක් පැවතීම පවතින ආණ්ඩුවට වඩාත් ඵලදායක වන්නක් වන අතර අපි විසින් අඳුරු කරන ඊළඟ පරම්පරා සංඛ්‍යාව කොපමණද යන්න මෙහිදී සිතා ගැනීමටවත් නොහැකිය. මෙම ප්‍රවණතාවය හමුවේ, ඊයේ ගාල්ලේදී මහ සෙනඟක් ඉදිරිපිට පුද්ගලයෙකු කපා කොටා මරා දැමූ ආකාරයේ දෑ දෛයිනික ජීවිතයේ කොටසක් මිස වෙනත් ආකාරයේ මනුශ්‍ය ජීවිතයට ගරු කරන කිසිවක් බලාපොරොත්තු විය නොහැකිය. මතක තබා ගත යුත්තේ ගැට විශාල සංඛ්‍යාවක් ඇති පැටලුනු නූල් බෝලයක ගැට මතුපිටට පෙනීම වැලක්වීමට එය එක් ලොකු ගැටකින් වසාදමා ඒ මත රමණය කිරීමට පුරුදු වීම හෝ ඉඩහැරීම සැනසීම නොවන බවයි.

නිලන්ත ඉලංගමුව[Nilantha Ilangamuwa]