සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation

‘වගවීම’ යනු මරණ 40,000කට හේතු දැක්වීමයි – දරුස්මාන්


ලංකාව පැහැදිලි කළයුතුයි යුද්ධයේ අවසන් දිනයේදී ඝාතනයවූ සිවිල් ජනයාගෙන් 40,000 කට වුනේ කුමක්ද යන්න, යනුවෙන් එක්සත් ජාතීන්ගේ ලේකම්වරයා විසින් පත්කළ විශේෂ විද්වත් කමිටුවේ ප්‍රධානී මරුසුකී දරුස්මාන් පවසා සිටියේ ඉන්ටර්සිටි ප්‍රේස් පුවත් සේවයේ වාර්තාකුරුවකු අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමිනි.

තවදුරටත් එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටු වාර්තාවේ ‘වගවීම’ යන වචනයේ තේරුම කුමක්ද පිළිබද පසුගිය සිකුරාදා පැහැදිලි කිරීමක් කළ එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවේ ප‍්‍රධානියා ප‍්‍රකාශ කර සිටියේ තමන් ඇතුළු කමිටුව විසින් අවසානයේ ලේකම්වරයා වෙත භාරදුන් වාර්ථාවේ වගවීම යනුවෙන් සඳහන් කරනු ලැබුවේ ඝාතනය වූ 40,000 ක සිවිල් ජනයාට සිදුවූයේ කුමක් ද යන්නයි.

යුද්ධයේ අවසන් දිනයේදී පමණක් 40,000ක දෙමළ සාමාන්‍ය ජනයා ඝාතනය වූ බව එක්සත් ජාතීන්ගේ ලේකම්වරයා විසින් පත්කරන ලද විශේෂ විද්වත් කමිටු වාර්තාවේ සඳහන් වෙයි.

ඒ ජනඝාතනය සම්බන්ධයෙන් විඩියෝ සාක්ෂිද තිබෙන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය ද නිළවශයෙන් පසුගිය දිනකදී සඳහන් කර සිටින ලදී.

@LNW