සිංහල, Colombo, Democracy, Featured Articles, Features

මැරයින්ගේ බාධා සහ මහවැසි නොතකා විශාල ජනතාවක් දෝෂාභියෝගයට විරැද්ධව පාගමනට එක්වෙයි.[Video]

01

IMG_0556

IMG_0557
‘‘අද අලුත්කඩේට උදේපාන්දර ආවාහම අපි දැක්කේ මැරයො පොලු අරගෙන ආණ්ඩුවේ ආරක්ෂාව යටතේ සිවිල් ආරක්ෂක බලකාය සිවිල් විදිහට ඇදගෙන පහර දෙන්න බලාගෙන හිටියා. අපි ඒ වගේම දැක්කා ඒ හැමදෙනාටම රාජ්‍ය ආරක්ෂාව ලැබුනා.‘‘ යැයි ඊයේ(10) දෝෂාභියෝගයට විරැද්ධව පැවති විරෝධතා පාගමනේ දී අදහස් දැක්වූ නීතිඥ සංවිධාන එකමුතුවේ, නීතිඥ ජේ. සී වැලිඅමුණ මහතා ප්‍රකාශ කළේය.

නීතිඥ සංවිධාන එකතුව, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන මෙන්ම වෘත්තීයවේදීන් ඒක්ව රාජපක්ෂ ආණ්ඩුව විසින් අගවිනිසුරැවරියට විරැද්ධව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගයට විරැද්ධව පැවති විරෝධතා පාගමන මහ වැසි මෙන්ම මැරයින්ගේ බාධා කිරීම් හමුවේ විශල ජන සහභාගීත්වයකින් අද පැවැත් විය.

උදෑසන සිට මැරයින්ගේ බාධා කිරීම් සිදු වුවද අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ සිට විශාල ජනතාවක් හිල්ටන් හෝටලය අසල වටරවුම දක්වා පැමිණියේය. විරෝධතා පාගමනට ඉන් ඉදිරියට යාමට පොලීසිය විසින් අවහිර කිරීමෙන් පසු එම ස්ථානයේ රැස්වීමක් පවත්වා නැවතත්, අලුත් කඩේ උසාවි සංකීර්ණයට පැමිණ එම විරෝධතාවය අවසන් කලේ ය.

මේ එම විරෝධතාවයේ අවස්ථාවන් පිළිබදව ‘විකල්ප‘ තබන රෑපමය සටහනක්.

[youtube]https://www.youtube.com/watch?v=Nl7gIKEtroo[/youtube]

සම්පූර්ණ ඡායාරෑප සටහන