Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

අධිකරණයට පයින් ගසා කිරිබත් කෑම හෙවත් බිහිසුණු හෙට

3

නීතියට පයින් ගසා කිරිබත් කෑමට පැමිණි ඇමතිවරැන්
නීතියට පයින් ගසා කිරිබත් කෑමට පැමිණි ඇමතිවරැන්

ආණ්ඩුව විසින් අගවිනිසුරැවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේදී ඊයේ(11) සම්මත් කර ගත්තේ ය. ඒ, එය නීතිවිරෝධී යැයි කියමින් ලබා දුන් අධිකරණ තීන්දුවටත්, ඒ පිළිබදව රට තුළ ඇතිව තිබූ බුද්ධිමත් සහ විචාරශීලී සංවාදයන්ටත් පයින් ගසාය.

එපමණක් ද නොවේ නීතිඥයින්, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුලු විශාල ජනතාවක් දෝෂාබියෝගයට විරැද්ධව පැවති සාමකාමී විරෝධතාවයන් ද රෙජීමය ඔවුන්ගේ පොලු හමුදාව යොදා මර්ධනය කරන්නට උත්සහ කළේ ය. නීතිඥයින්ට තර්ජනය කිරීම් ද, අධිකරණ කොමිසමේ ලේකම්වරයාට පහර දීම ද දෝෂාබියෝගයේ මග දෙපස ඇති බිහිසුනු සටහන් විලින් කිහිපයකි.

ඒ බිහිසුනු සටහන් මතින් දෝෂාබියෝගයේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අවසන් වූ වහාම කොළඹ පිහිටි අගවිවනිසුරැවරියගේ නිවස අසළ ඇමතිවරැන් ඇතුලු විශාල පිරිසක් සුපුරුදු ලෙස කිරිබත් කෑවේය. නැටුවේ ය. කන් බිහිරි කරවන රතිඥ්ඤා ගිණිබත් කළේය.

නමුත් දෙමළ ජනයා මරා දමා හංදියක් හංදියක් ගානේ කිරිබත් කෑ දකුණේ ජනයාට පසුගිය කාලය පුරාම ඒ දෙමළා මරා දැමූ තුවක්කුවෙන්ම වෙඩි කන්නට සිදුවිය. බැටන් පොලු පහරවල් කන්නට සිදුවිය. ඒත් ඊයේත් ඔවුන් නැවතත් කිරිබත් කෑවේය. ආණ්ඩුවේ මැතිඇමතිවරැනුත්, අගවිනිසුරැවරියගේ නිවස අසල කිරිබත් කමින් ඒ ජෝගියට සම්මාදම් වූයේ වීරයන් ලෙසිනි.

නමුත් ඒ වීරයන් දන්නා නමුත් නොදන්නා ලෙස සිටින එක් කරැණක් ඇත.

එය නම් ඔවුන් ජෝගි දමා ගිලදැම්මේ කිරිබත් නොව මේ රටේ උත්තරීතර අධිකරණය හා නීතිය බවයි. අනෙක් නම් මේ සෙල්ලමෙන් රාජපක්ෂ ආණ්ඩුව ජයගෙන තිබේ. නමුත් සටන අවසන් වන්නේ නැත. රාජපක්ෂ ආණ්ඩුව විසින්ම තම වල තමන්ම හාරා ගැනීමේ නැකත ඊයේ උදා විය. එබැවින් ඔවුන් කිරිබත් කෑවේ ඒ නැකත සමරා වන්නට ද බැරි නැත.

2

4

5

6

7

8

9
[මේ සියලු ඡායාරෑප අගවිනිසුරැවරියගේ නිළ නිවස ඉදිරිපිට ඊයේ(11) රාත්‍රිෙය් ලබාගත් ඒවාය]