Colombo, Poems

අපි මාර මිනිස්සු

Rizana’s family in Muttur , (file photos taken by Amadoru Amarajeewa) and Picture Courtesy: wikipedia.org
Rizana’s family in Muttur , (file photos taken by Amadoru Amarajeewa) and Picture Courtesy: wikipedia.org

අස්ථිකරණයට මත්තෙන්

පුවත් එන උණුහුමින්

පුවතක් උනත් කිව යුතු

නොකියා ඉන්න මා සිතු

|

එවෙලේම කිව්ව නම්

වැළපුණු මගෙ හිතට හරි නෑ

නින්දට ගියපු නුඹගේ

වැලි කතර සොහොනට හරි නෑ

|

නුඹ ගැන නොවේ නැඟනී

කියන්නට නම් අවැසී

දුක්වුණ දනෝ වැළපී

පුදුම හදවත් අපිට තිබුණී

|

කුරානය කිය කියා

තත්පරය මරු එන තුරා

ගැහෙන හදවත් නෙත් අයා

ශාප කර දෙස් දීම නොව මුසා

|

ඇස් බැඳ නිරුවත්ව

දක්කන් ගිහින් තිරිසන්ව

වෙඩි තිය තියා හිනැහෙත්ම

වැළපෙන්න බැරි වුණේ කිම

|

හදවත් හරිම උභතෝකෝටිකයි

වැලපෙනා හිත් චතුස්කෝටිකයි

හිත් නම් ඉතින් ශරියා නීතිය යි

කර බා ගත්ත බොදු බැති ජාතියයි

|

මර මරා දහස් ගණනින්

උතුර නොව දකුණත් අඳුරින්

නොමිනිස් අඩකට හිලව් කරමින්

අපි තවම දුටු ගැමුණු දරුවන්

|

උතුරේ මරපු මිනිසුන්

ධම් චක්‍ර දැති පහරින්

ඒ වීඩියෝ බලමින්

අමතක වුණේ වෙන්න මිනිසුන්

|

Udaya R. Tennakoon 100උදය ආර්. තෙන්නකෝන්