Colombo, Democracy, Features, Media, Media and Communications, Politics and Governance

‛ජනවාරිය – ජනවාරිය, මහින්දලගෙ – මහමාරිය’ | ‛කළු ජනවාරි’ විරෝධය ලිප්ටන් වටරවුමේ

IMG_0811
මාධ්‍ය මර්ධනයට එරෙහිවත්, අවනීතියට එරෙහිවත් ‛කළු ජනවාරි’ විරෝධය ඊයේ(29) ලිප්ටන් වටරවුමේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත් වීය. දේශපාලන පක්ෂ නායකයින්, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, නීතිඥ සංවිධාන මෙන්ම බහුජන සංවිධානවල සමාජිකයින් සහභාගී වූ මෙම විරෝධය ජනමාධ්‍ය සංවිධාන සංවිධාන කරනු ලැබූවේ, විශේෂයෙන් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම් වලට ලක් වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කර වගකිව යුත්තන්ට දඬුවම් ලබා දීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීම පිළිබදව විරෝධය පළ කිරීම සඳහා ය.

එහිදී පසුගිය කාලය තුළදී ජනවාරි මාසය තුළ සිදු කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සිරස මාධ්‍ය ආයතනයට එල්ල වූ ප්‍රහාරය මෙන්ම මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම වැනි බරපතල සිදුවීම් ද, ඝාතනය කළ මාධ්‍යවේදී සිවරාම්, නිමලරාජන්, සුගීධරන් මෙන්ම බරපතල ප්‍රහාරයන් ලක්වූ පෝද්දල, කූගනාදන් වැනි මාධ්‍යවේදීන්ට ද තවමත් යුක්තිය ඉෂඨ නොවීම සලකා අදාල විරෝධතාවය ‛කළු ජනවාරිය’ ලෙස නම් කිරීමට තීරණය කරනු ලැබූ බව විරෝධතාවය සංවිධානය කළ මාධ්‍ය සංවිධාන එකතුව ප්‍රකාශ කළේ ය.

කෙසේ නමුත් පසුගිය කාලය පුරාම විශේෂයෙන් ජනවාරි මස තුළදී පමණක් ජනමාධ්‍යට එල්ලකල ප්‍රහාරයන් අති විශාලය. එමෙන්ම බිහිසුනුය.(මේ එයින් කිහිපයක්. පිවිසෙන්න) නමුත් ඒ කිසිදු සිදුවීමකට වගකිව යුත්තන් නීතිය ඉදිරියට පැමිණ වීමට පිළිගත හැකි පරීක්ෂණයක්වත් සිදු කිරීමට රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම ඊට පෙර පැවති කිසිදු ආණ්ඩුවක් සමත් වී නැත. එබැවින් කළු ජූලිය මෙන් කළු ජනවාරියද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවදාය මෙන්ම මානව හිමිකම්වල තරම මැනවින් කියාපාන මාසයන්ය. ලංකාවේ ආණ්ඩුකරණය පිළිබදව මෙන්ම ලංකාවේ ජනමාධ්‍ය නිදහසේ තරම මැනවින් කියාපාන මාසයන් ය.

එබැවින් පාලකයන්ගේ ආශීර්වාදය මැද, පොලීසිය බලා සිටිය දී ම්ලේච්ඡ ලෙස මිනිසුන් මරා දැමූ ‛කළු ජූලිය’ මෙන් ‛කළු ජනවාරිය’ ද කළුම කළුය.

IMG_0850

IMG_0831

IMG_0817

VIDEO

එම විරෝධතාවයේදී කියූ සටන් පාඨ කිහිපයක්

ජනවාරිය – ජනවාරිය
කලූම කලූයි – ජනවාරිය
ජනවාරිය – ජනවාරිය
මහින්දලගෙ – මහමාරිය

ජනවාරිය – ජනවාරිය
ලසන්ත මැරු – ජනවාරිය
ජනවාරිය – ජනවාරිය
ප‍්‍රගීත් නැති – ජනවාරිය
ජනවාරිය – ජනවාරිය
කලූම කලූයි – ජනවාරිය
ජනවාරිය – ජනවාරිය
මහින්දලගෙ – මහමාරිය

ලසන්තවත් – මරා දැමුවා
තාරකිවත් – මරා දැමුවා
එක්නැලිගොඩ – පැහැරගත්තා
ශිෂ්‍යයන්ගෙ – ඔලූ පැලූවා
යාපනේදී – හිරකෙරුවා

ගැහුවා ගැහුවා – ගල් ගැහුවා
බැරි අයටත් – වෙඩි තිබ්බා
ආණ්ඩුවට – කීකරු නැති
මාධ්‍යවල – කට වැහුවා
ගැහුව ගැහුවා – මඩ ගැහුවා
එහෙයියන්ව – පත් කෙරුවා

ඇත්ත හොයලා – ලියන එවුන්
තෝර තෝර – පලිගත්තා
ගහලා මරලා – බැරි තැනදී
කොන්ද කඩලා – යටකෙරුවා
කාර් දුන්නා – ණය දුන්නා
අල්ලස්වල – හිරකෙරුවා
නිහඩ නොවන – පෑන්වලට
අවලාදෙන් – බැට දුන්නා

මාධ්‍යයට – බය හින්දා
සීල් තියලා – කට වැහුවා
පිට කැපුවා – අත කැඩුවා
බැරි අයගේ – නම කැපුවා
මුද්‍රණාල – ගිනි තිබ්බා

Full Image Collection

මෙම විරෝධතාවය ලිප්ටන් වටරවුමේ දී සිය විරෝධතාවයෙන් පසුව එතැන් සිට මහජන පුස්තකාලය දක්වා පෙළපාලියකින් පැම්ණ සම්මන්ත්‍රණයක් පැවත් වූ අතර මාධ්‍ය සංවිධාන නියෝජිතයින් මෙන්ම විවිධ සංවිධාන වල නියෝජිතයන් එම සම්මන්ත්‍රණය අමතනු ලැබීය.

එම සම්මන්ත්‍රණයේ වීඩියෝ සටහන් ඉතා ඉක්මනින් විකල්ප තුළින් බලාපොරොත්තු වන්න