Democracy, Features, Governance, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation

‘‘රජය කියන පුනරුත්තාපනය අපි දන්නේ නෑ. සිංහල නම් ඉගැන්නුවා.’’

‘‘රජය කියන පුනරුත්තාපනය අපි දන්නේ නෑ. අපිව රදවලා තිබුනූ දවස්වල සිංහල විතරයි අපිට ඉගැන්නුවේ.’’ යැයි වැලිකන්ද පුනරුත්තාපන කදවුරේ රදවා සිට නිදහස ලැබූ යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ලේකම් පී දර්ශානන්ත්, උදයන් පුවත සමග කල සාකච්ඡාවක දී අදහස් ප්‍රකාශ කොට තිබෙනවා. ත්‍රස්ත මර්ධන ඒකකය විසින් පසුගිය වසරේ දෙසැම්බර් පළමු වැනිදා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන මාස දෙකකට වැඩි කාලයක් වැලිකන්ද හමුදා රැඳවුම් කදවුරේ පුනරුත්තාපනයට යැයි පවසමින් රඳවාතබාගෙන සිටි යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යින් සිව් දෙදෙනාගෙන්, දෙදෙනෙකු නිදහස් කිරීමෙන් පසු, අවසන් සිසුන් දෙදෙනා පසුගිය 13 වැනිදා නිදහස් කරන ලද අතර එම සිසුන් නිදහස කරන ලෙස බලකරමින් දේශීයවත්, ජාත්‍යන්තරවත් විශාල බලපෑමක් රාජපක්ෂ ආණ්ඩුව වෙත එල්ලකරමින් තිබිනි.

jaffna_dharshanath

කෙසේ නමුත් එසේ නිදහස් කරන ලද දර්ශානන්ත් තවදුරටත් පවසන්නේ….

‘‘පසුගිය දෙසැම්බර් 1වන දින උදෑසන ත‍්‍රස්ත මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට පත් වූ අපි හැම දෙනා ව්ව්නියාවට රැගෙන ආවා. එහි ත‍්‍රස්ත මර්ධන ඒකකය විසින් දින 10ක් රදවා පරීක්ෂණයට ලක් කරා. අපෙන් ටීඅයිඞී ය හැම වෙලාවේම අපි දන්නේවත් නැති ප‍්‍රශ්න අපෙන් ඇහුවා. නමුත් අපි බය නැතිව පැහැදිලිව කිව්වේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් කවුරුත් දේශපාලනය කරන්නේ නෑ කියලා.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබද අරගලයේ දී ජීවිතක්ෂයට පත් වූ අපේ ඥාතීන් සිහිකර මහවිරු දිනයේ දී අපි පහන් පත්තු කරා. ඒ සිහිකිරීම් උත්සවය නිසා අපේ සිසුන් වෙත හමුදාව එල්ලකර ප‍්‍රහාරයට එරෙහිව අපි සාමකාමීව විරෝධතාවයක් කරා. ප‍්‍රචණ්ඩත්වය ඇවිලෙන විදිහට අපේ සිසුන් මුකුත්ම කරේ නෑ.

පිටරට සිටින කොටි සාමාජිකයින් සමග සම්බන්ධයක් තියනවද?, පිටරට ගිහිල්ලා ආයුධ පුහුණු ලබලා තියනවද? කියලා ටීඅයිඞී එක අපෙන් ඇහුවා. අපි ඒවා මුකුත් දන්නේ නෑ. අපි නෑ කියලා කිව්වා.

විමුක්ති කොටි සංවිධානයේ නායකයා පණ පිටින් ඉන්නවා කියලා අපි කවදාවත් කියලා නෑ. ටීඅයිඞී ය එකත් අපෙන් ඇහුවා. අපි නෑ කියලා කිව්වා. අපිව පරීක්ෂණය කරන කොට අපිට වද දුන්නේ නෑ. ව්ව්නියාවේ දින 10ක් තියාගන ඉදලා වැලිකන්ද කදවුරට මාරු කරා. එහිදී අපිට පුනරුත්තාපනය දෙන බව කියා සිටියා. එහි මාස 2කක් රදවා තියාගන හිටියත් රජය අපිට පුනරුත්තාපනය කියලා මොනවද දුන්නේ කියලා අපි දන්නේ නෑ. එහි සිටි බොහෝ දවස්වල සිංහල භාෂාව විතරයි අපිට ඉගැන්නුවේ.

වැලිකන්ද කදවුරේ හිටපු කොටි සාමාජිකයන්ට දෙන උපදේශණ සේවාවලටත් අපිට සහභාගි වෙන්න කිව්වා. මේවා හැර කිසිම පුනරුත්තාපනයක් අපිට ලැබුනේ නෑ. අපේ නිදහස වෙනුවෙන් රටෙනුත්, ජාත්‍යන්තරවත් හඩ නැගූ අත්අඩංගුවට ගැනීම හෙළා දැකපු, උද්ගෝෂණය කර, රජයට බලපෑම් කර සෑම දෙනාටම අපි ස්තූතිය පුදකරනවා.’’

@Uthayan

[Image Credit: www.jdslanka.org]