Jaffna, Poems

බාල චන්ද්‍ර මෙනෙහි කළ ධර්මපාල ජාතකය

Image 01
Image 01

මහ රජ

එකල්හි සිරිලක

උතුරු බිම් කොටුකර

පැවැතියේ ඔබගේ යුද්ධය යි

…………………..

ඔබ විසින් ජය ගත්

නසා විධවංශනය කළ

දෙමළාව ශුද්ධ කළ භූමිය යි

…………………..

අප අත ඇතැති

ඔබගේම ගැත්තකු ගෙන ඇති

පසුව අප හට දී ඇති

පිංතූර බල මැනව

…………………..

දොළොස් හැවිරිදි

ප්‍රභා කොටි නායකගෙ පුත්

බාල පුත් බාල චන්ද්‍රන්

…………………..

පපුව පසාරු කර ගෙන

හිල්කර ගිනි හීය කා ගෙන

බිම වැටී නිදියන

බාල චන්ද්‍රන් නොවේ දැයි බල මැන

…………………..

නැත නැත

මෙය පිළි ගත නො හැක

අප කළේ මානුෂික මෙහෙයුමකි

යටත් වූ කිසිවකුට

භාර වූ හතුරෙකුට

යුධ ධර්මයෙන් එපිටට

නොකළාහ අනිටු දෑ කිසිවිට

…………………..

එබැවින් මේ නිදන දරුවා

බාල චන්ද්‍රන් විය නොහැක

පපුව සිදුරු කළ

සැකසූ ව්‍යාජ පිංතූර විය හැක

…………………..

අප කළේ මානුෂික මෙහෙයුමකි

මේ අලුත් රූපය ඇත්තකි

පංච සීලය රකින සෙබලුන්

රැක ඇත සතුරන්ගෙ වුව දරුවන්

…………………..

බන්කරයේම රැකගෙන

බිස්කට් වතුර දී ගෙන

සරමක් පොරවාන

සිටිනා අයුරු බල මැන

…………………..

ඒ අපේ මෙහෙයුමයි

අප දම්පල් පරපුරයි

නපුරක් කිසිවකුට නොකරයි

අකාලේ කිසිවකු මිය නොයයි

…………………..

මේ බාල චන්ද්‍රන්

අපට කවුරුත් දරුවන්

අනක් ලැබ සෙබලුන්

නසනු නැත මේ සොඳුරු කුමරුන්

උදය ආර්. තෙන්නකෝන් | Udaya R. Thennakoon