සිංහල, Colombo, Democracy, Governance, Peace and reconciliation

අතීතයත්, වර්තමානයත් අමතක කොට අනාගතයට ?

ජනිත් විපුලගුණ
2007 සැප්තැම්බර් 07

අන්තර් ජාතික වශයෙන් ලංකාවට ඇති වැදගත්කම, ශත වර්ෂ ගණනාවක සිට ප‍්‍රකට වූයේ සුන්දරත්වය, සංස්කෘතික වටිනාකම් හා කුළු බඩු ඇතුළු ආර්ථික බවභෝගයන් හි වටිනාකම් මත ය. මෑත ගෙවුණු දශක කිහිපය තුළ එය හාත්පසින් ම වෙනස් මඟකට යොමු විය. ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ ඇස මේ දශක කිහිපයේ යොමු වන්නේ දේශපාලනික කි‍්‍රයාකාරකම් රැුසක් සමඟ ය. විශේෂයෙන් ජාතීන් අතර ඇති වූ විරසකය මිලේච්ඡු ස්වභාවයෙන් යුක්තව ලොව හැඳිනගන්නා සමයකට ලංකාව පත් විය.

ශත වර්ෂ කිහිපයකට පෙර වූ යටත් විජිතවාදයේ හෝ අධිරාජ්‍යවාදයේ හෝ කුමන පරාසයක වුව දේශපාලනික අර්ථයක් නො තිබුණේ දැයි මෙහි දී කෙනෙකුට ප‍්‍රශ්න කළ හැකි වුවත්, වත්මනෙහි අවධානයට පාත‍්‍ර වූ කරුණු හා සසඳන කල ලංකාවේ දේශපාලන ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රමුඛත්වයෙහිලා සළකා ලංකාව පිළිබඳ තීන්දු තීරණ ගන්නා තැනකට අන්තර් ජාතික ඇස යොමු ව තිබීම නොසලකා හැරිය නො හැකි ය.
ප‍්‍රාථමික යුගයේ උගුල්, දුනු ඊ-තල හා මරු වැල් නිමවා සතුරා සමඟ සටන් කළ ලංකිකයන්ගේ භූමිකාවට, බයිනෙත්තුවෙන් පිළිතුරු දුන්
ආක‍්‍රමිණකයා පවා අද මේ දෙස බලන්නේ මහත් භීතියකිනි. එය නිදහසින් පසු ගෙවුණු දශක කිහිපය තුළ සීඝ‍්‍රයෙන් වර්ධනය වූ භයානක තත්ත්වයකි. එයට වගකිව යුතු පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට හෝ ආඩපාලි කීම පමණක් දේශපාලනය ලෙස හඳුනාගෙන සිටින බහුතරයක් නිර්මාණය වෙමින් පැවැතීම නිර්මිත ප‍්‍රස්තූතයට විසඳුම් සෙවීමට බාධාවක් වී තිබේ. මෙය අවම කර ගැනීම උදෙසා වන කි‍්‍රයාකාරකම් අවම වීම ද අර්බුදය උග‍්‍රවීමට හේතු වී ඇත.

ලංකාවේ පවතින ව්‍යවස්ථාමය වපසරිය තුළ ජාතික ප‍්‍රශ්නයට විසඳුම් සෙවීමේ කඩඉමක් ලෙස සර්ව පාක්ෂික සමුළුව යෝජනාවන්නේ ද මේ සංහිඳියාව ඇති කර ගැනීමට ය. අද වන විට එය ද අර්බුදයට ලක් වූ බවක් පෙන්නුම් කරයි. එසේ වුව ද එ් පිළිබඳ කතිකාවතක් ගොඩනැඟී තිබේ. දැවෙන ප‍්‍රශ්නයට අදාලව යම් සාකච්ඡුාවක් ඒ තුළ විය. එය සුබදායක ය. දැන් දැන් එම තත්ත්වය ද හීන වී යන බවක් හැෙඟ්.ීජාතික ගැටලූවට විසඳුම් සෙවිය හැක්කේ යුදමය ක‍්‍රියාමාර්ග මගින් පමණිv. යනුවෙන් මොරදෙන යුදවාදී-ජාතිවාදී උන්මත්තක රැුළගේ අඳෝනා යටපත් කරන්නට සර්වපාක්‍ෂික සමුළු වැනි දේ මෙවන් මොහොතක වැදගත් වේ. එය ද වියැකී ගිය කල යුදවාදීන්ගේ හඬ යළිත් ශක්තිමත් වනු ඇත. අර්බුදයට ගිය ද, ක්‍ෂණික ප‍්‍රතිපල අත් නො වුණ ද සර්ව පාක්‍ෂික සමුළුවක හෝ සමගාමී කතිකාවක හෝ අවශ්‍යතාව දැඩිව දැනෙන්නේ එ විට ය.

එහෙත් ව්‍යවස්ථාදායකයේ වන නියෝජනයේ ඔළුගෙඩි එහාට-මෙහාට වීම හරහා පැනනැඟී ඇති හුදු අවස්ථාවාදී, දේශපාලනික කටයුතු දැන් න්‍යාය පත‍්‍රයේ මුඳුනටම පැමිණ ඇත. ඒ සඳහා මාධ්‍ය තුළ විශාල ඉඩක් ද වෙන් වී තිබේ. මෙය සැබෑ ප‍්‍රශ්නය අමතක කරවීමේ හා එය මග හැරීමේ කූට දේශපාලනඥයින්ගේ වුවමනාවන්ට පොහොර යෙදීමකි. එ වැනි ගැටයකට හසු නොවී කටයුතු කිරීම සැබෑ මාධ්‍යයක ප‍්‍රතිපත්තිය විය යුතුය. ඒ සඳහා වන කතිකාවතක් වහාම ඇරඹිය යුතු ය.

ඒකීය හෝ එක්සත් හෝ වචන හරඹයක පැටලී ජාතික ගැටලූවට විසඳුම් සෙවිය නො හැකි බව ප‍්‍රකාශ කිරීමට වත් මාධ්‍ය තුළ යම් ඉඩක් වෙන් වී තිබුණි. එය ද මඟ හැරී ගොස් අවස්ථාවාදීන්ගේ හා විහිළුකාරයන්ගේ භූමිකා සඳහා මාධ්‍ය විසින් ඉඩ වෙන් කිරීම කොතෙක් දුරට ප‍්‍රායෝගිකදැයි මේ අවස්ථාවේ ප‍්‍රශ්න කිරීමට සිදු වේ. දශක ගණනාවක් තිස්සේ පරම්පරා ගණනාවක් දුකට හෙළුෑ, තවත් කාලයක් යන තුරු නිට්ටාවට සුව කළ නො හැකි තත්ත්වයක පසුවන තුවාලයක් බඳු ජාතික ගැටලූව කුමන හෝ තලයක සාකච්ඡුාවට බඳුන් කළ යුතු වන්නේ මනුෂ්‍යත්වයේ නාමයෙනි.

ඒ අතර ලංකාවේ ජාතික ගැටලූව හා බැඳුණු අර්බුදය, ජාත්‍යන්තර තලයේ උණුසුමක් ඇති කරනු ලබන ප‍්‍රවෘත්තීන්ද අසන්නට ලැබේ. ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය අබියස මෑත දී සිදු වූ යැයි පතල සංසිද්ධිය මෙයට අදාළ ප‍්‍රවණතාවකි. එ වන් තත්ත්වයන් ඉදිරියේ දී ප‍්‍රසාරණය වන්නේ නම් ලංකා රජය ජාත්‍යන්තර වශයෙන් අනුගමනය කළ යුතු පියවර සේම විදේශයන් ලංකාව කෙරෙහි අනුගමනය කරන පිළිවෙත ද ගැඹුරින් අධ්‍යනය කළ යුතු විෂයයක් වනු වැළැක්විය නො හැකි ය.

ආර්ථික හා සමාජයීය වශයෙන් අසීරු අඩියකට පැමිණ සිටින ලංකාවට මේ ප‍්‍රවණතා තදින් බලපෑම් ඇති කරයි. විශේෂයෙන් අසාර්ථක රාජ්‍ය ලේඛනයේ ඉහළ ස්ථානයක වැජඹීමට ලංකාවට ඇති අයිතිය ද ඒ මගින් සනාථ කරනු ඇත. ඒ කෙසේ වෙතත් ශ‍්‍රී ලාංකේය ජාතියක පරම පැතුම දරා සිටින මිනිසත් බව නඟන හඬට වැඩි ඉඩක් වෙන් වෙන වේදිකාවක් වහ වහා නිර්මාණය විය යුතු බව අවධාරණය කරමි.

Download my article here as a fully formatted PDF.