Colombo, Democracy, Features, Human Rights, Politics and Governance

ශිරාණී බණ්ඩාරනායකට එරෙහි දඩයම නවතනු!

IMG_0816

අගවිනිසුරු ශිරාණී බණ්ඩාරනායක හට 2013 මාර්තු 18 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (අල්ලස් කොමිසම) ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වා තිබීම සම්බන්ධයෙන් නීතීඥ එකමුතුවට සැළව තිබේ.

පුළුල් ව පැතිර පවත්නා, රටේ පොදු ආයතන සියලූ ම තලයන්ගෙන් දේශපාලනීකරණය වීම සාමාන්‍යයක් වීමේ තත්ත්වයක් යටතේ, සිය අණට යටත් නොවන්නන් දඩයම් කිරීමේ ආණ්ඩුවේ සුපුරුදු පිළිවෙත ආණ්ඩුව විසින් අරඹා ඇති ද යන්න පිළිබඳ අපගේ දැඩි අවධානය යොමුව තිබේ. විසම්මුතිය නොඉවසීම හා විවිධත්වයට කිසිදු ඉඩක් නොතැබීම බලයේ සිටින්නවුන් ගේ සන්නාමය වී ඇත. එබැවින්, පොදු සංස්ථාපිතයන් පිළිබඳ පොදු මහජනතාවගේ ද, නීතීඥ ප‍්‍රජාවගේ ද විශ්වාසය බිඳවැටීම සාධාරණ වේ. මෙම සන්දර්භය තුළ, දෝශාභියෝගයට අභියෝග කිරීමට අගවිනිසුරු ශිරාණී බණ්ඩාරනායක සතු වූ ධෛර්යය හේතුවෙන්, ඇය ආණ්ඩුවේ හිංසා පීඩාවන්ට ලක්කිරීම ආරම්භ කර ඇතිබව අප ගේ අදහස යි.

මෑත දී අවසන් වූ ශ‍්‍රී ලංකා නීතීඥවරුන් ගේ සංගමයේ (BASL) නිලවරණයේ දී නීතීඥවරු පැහැදිළිව පෙන්වා සිටියේ, අධිකරණ පද්ධතියට එරෙහි ආණ්ඩුවේ බියගැන්වීම්වලට තමන්ගේ ඇති විරුද්ධත්වයත්, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමේ ඇති අවශ්‍යතාවත් ය. අප ආණ්ඩුවට අවධාරණය කරසිටින්නේ දෝශාභියෝගයෙන් පසුකාලීන අගවිනිසුරු බණ්ඩාරනායකට හා නීතීඥ ප‍්‍රජාවට එරෙහිව සිදුකරන තර්ජනයන් වහා නවතන ලෙස ය.

එසේ ම වඩා භයානක තත්ත්වයක් දක්වා ඇදීයාමට ප‍්‍රථමයෙන්, අප ආණ්ඩුවෙන් සහ එහි සියලූ ආයතනවලින් ඉල්ලා සිටින්නේ, විසම්මුතියටත් ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමටත් රටේ පුරවැසියාට ඇති අයිතියට ගරුකරන ලෙස ය.

නීතීඥ එකමුතුව

2013 මාර්තු 12.

@Image: Vikalpa file