Features, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance

සිංහල හමුදා සිරභාරයේ දුක්විඳින ‘‘දෙමළ කාන්තා සෙබළියෝ’’

SL_military_parades_Tamil_girls_02

ශ‍්‍රී ලංකාවේ, ලක්ෂ තුනක ධාරිතාවක් ඇති සිංහල හමුදාව, මාර්තු 24 වැනිදා පළමු වතාවට දෙමළ තරුණියන් 95 දෙනෙකු ‘කාර්යාලීය’ සේවය සඳහා බඳවාගැනීමේ ‘මමංකාරය’ ද නංවාලමින්, සිය හමුදාව ජනවර්ග මත පදනම්ව කිසිවකුටත් නො සලකන බවට ඉන් සාක්ෂියක් සැපයෙන්නේ යැයි පැවසීය. ආරම්භයේදීම, ශ‍්‍රී ලංකා හමුදාවට ඇතුළුවන ලෙස බලකොට බදවා ගත් 150 දෙනාගෙන් 55 දෙනෙක් කෙසේ හෝ බේරී පළායාමට සමත් වූහ.

‘පුහුණුව’ අතරතුර හිස්ටීරියානු තත්ත්වයට පත්කරන ලද 20 දෙනෙකු රෝහල් ගතකෙරුණි. ඔවුන්ට සහනයක් වනු පිණිස ඉදිරියට ආ මනෝචිකිත්සක දෙමළ වෛද්‍යවරයාව මානසික ආබාධයෙන් පෙළෙන්නෙකු ලෙස හංවඩු ගසනා ලදි. අනතුරුව ඔහු සිරගත කරන ලද අතර මේ දක්වා නිදහස් කර නැත. විසිරයාමේ පෙරෙට්ටුව දා, තමන්ගේ නෑදෑ හිතමිත‍්‍රාදීන් අසරණව බලාසිටිද්දීම මෙම දෙමළ තරුණියන් සිව්දෙනෙක් ක්ලාන්ත වි ඇද වැටුණහ. මොවුන්ට රුපියල් මිලියනයක නිවාස ණය ආධාරයක් පොරොන්දු වී තිබූ අතර, යෞවනියන් 44 දෙනකුට ඉන්දියාවේ නිෂ්පාදිත ‘ස්කූටර්’ ලැබී තිබිණ. එහෙත් ස්ව කැමැත්තට එරෙහි ව රඳවාගෙන සිටින සිය දියණියන්ට ගෙදර ඇවිත් යාමටවත් අවසර නැති බවට ඔවුන් ගේ දෙමාපියෝ පැමිණිලි කරති.

එක්සත් ජනපදය, ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය සහ සෙසු රටවල හඞ නො නඟන අනුබලයෙන් හෝ පාපී දුස්සහායකත්වයෙන් යුත් දිවයිනේ වර්ග සංහාරයීය එක්සත්භාවය සඳහා වන ‘හමුදා සංහිඳියාව’ මෙය බව රටේ මහජන මූලාශ‍්‍ර පැවසීය.

‘‘හමුදා කාර්ය මණ්ඩලයට සොල්දාදුවන් බදවා ගැනීම යන කාරණයේදී, ඇතැම් කොටස් විසින් නඟන චෝදනාවන්ට ප‍්‍රතිපක්ෂව, යුදහමුදාව ජනවර්ගයන්ට වෙනස්කොට නොසලකන බව දෙමළ කාන්තාවන් ගොඩපිටින්ම ශ‍්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා සෙබළියන් වශයෙන් ඍජුව බඳවාගැනීම මඟින් ප‍්‍රමාණවත් පරිදි තහවුරු කරයි’’ යනුවෙන් කොළඹ, හමුදා වෙබ් අඩවිය මාර්තු 22 වැනිදා පවසා සිටියේ ය.

අවුරුදු 63ක ශ‍්‍රී ලාංකීය හමුදා ඉතිහාසයේ, දෙමළ තරුණියන් බදවාගනු ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර හමුදා වෙබ් අඩවිය වක‍්‍රාකරයෙන් ඒත්තුගන්වන්නේ ශ‍්‍රී ලංකා හමුදාව යනු සිංහල හමුදාව වන බවයි.

ශ‍්‍රී ලංකා හමුදාවේ ක‍්‍රීඩා අංශයේ අධ්‍යක්ෂධූරය පිරිනමනු ලැබ සිටින ශ‍්‍රී ලාංකා යුද හමුදාවේ බි‍්‍රගේඩියර් ආර්. රත්නසිංහම් නම් වන ද්‍රවිඩයා, සංඛ්‍යාත්මකව 95ක් වන ‘දෙමළ කාන්තා සොල්දාදුවන්ගේ පළමු කණ්ඩායම‘ උදෙසා වූ ‘විසිර යාමේ පෙරෙට්ටුව’ පිළිගැනීමට සිංහල අධිපති හමුදාව විසින් පත්කරනු ලැබ තිබුණි.

ඉන්දියාව විසින් සියුම්ලෙස වෙනස් කළ, LLRC වාර්තාව පදනම් කරගත් ඇමරිකානු යෝජනාවට ජිනීවාහීදි ඡන්දය ප‍්‍රකාශකිරීමේ කාල නිර්ණයට සමාන්තරව මෙම හමුදා පෙරෙට්ටුව ස්ථානගත කර තිබුණි.

මේ අතරවාරයේ, හමුදා බුද්ධි අංශ ක‍්‍රියාන්විතයන් මෙම පවුල් වල අයගේ, විශේෂයෙන් තම දියණියන් හමුදා ග‍්‍රහණයෙන් මුදාගැනීමට යත්න දරන දෙමාපියන්ගේ, ක‍්‍රියාකලාපයන් නිරීක්ෂණය කරමින් උන්හ. හමුදා ‘හිර අඩස්සියේ’ පසුවන තරුණියන්ට කතා කිරීමට උත්සාහ කළ මාධ්‍යවේදීන්ද මෙම හමුදා බුද්ධි අංශ උකුසු ඇසට හසුවිය. මෙම තරුණියන් 95දෙනා හමුදා පුහුණු කඳවුරක් තුළ සිරගතකොට සිටින බවත්, ඔවුන් ගේ කැමැත්තට එරෙහි ව කිලිනොච්චියේ දී පෙරෙට්ටු ගන්වා ඇති බවත් වන්නියේ මූලාශ‍්‍ර පැවසී ය.

රැකියා දීමට පොරොන්දු දෙන ලද තම දියණියන්ට සිය කැමැත්තෙන් තොරව, පුහුණුවීම් සඳහා යුද හමුදා නිල ඇදුම් අන්දවා ඇතැයි දෙමව්පියෝ චෝදනා කළහ.

ඔවුන් වෙත පමුණුවනු ලැබූ වදදීම් ගැනත්, 2012 දෙසම්බර් මාසයේදී, මානසික කම්පනයන්ට ලක්වූ ඔවුන්ගෙන් 21 දෙනෙකු රෝහල් ගත කිරීම ගැනත් චෝදනා සහගත වාර්තාවන් පැවතිණි. මෙම තරුණියන්ගේ අයිතීන් වෙනුවෙන් හඞනැගූ දෙමළ දේශපාඥයින්ට හමුදාවෙන් හිරිහැර කෙරුණි.

2012 දෙසැම්බරය අවසානයේ, විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව තමන්ගේම නිවසට ගොඩවැදීමේ අවසරය ප‍්‍රතික්ෂේප කෙරුණ ලද්දාවූ තරුණියකගේ උදව්වට පැමිණීම හේතුවෙන්, රත්නසිංහම් සිවශංකර් නැමැති දෙමළ වෛද්‍ය නිලධාරියා සමග හමුදා නිලධාරීහු ආරවුලක් ඇතිකර ගත්හ. ශ‍්‍රී ලංකා හමුදාව වෙතින් ‘අත්අඩංගුවට පත් වූ’ ඔහු, අනතුරුව, ඔහුට එරෙහිව නගන ලද වෛවාරන්න චෝදනා යටතේ සිරගත කෙරුණි. මේ අනුව, දෙමළ තරුණියන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කළ මනෝ චිකිත්සාව පිළිබද විශේෂඥ දැනුමකින් යුත් වෛද්‍යවරයා තවමත් සිටින්නේ හිර අඩස්සිය යටතේ ය.

ශ‍්‍රී ලංකා හමුදාව, දෙමළ තරණියන් බදවා ගැනීමේ සැළකිල්ල ප‍්‍රදර්ශනය කරමින් සිටින්නේ යැයි වන්නි මූලාශ‍්‍ර පැවසීය.
සරසවිවරම්ලාභීන්ට අනිවාර්ය හමුදා පුහුණුවක් ලබා දීම සදහාද පසුගිය වසර තුනක කාලය පුරා ශ‍්‍රී ලංකා හමුදාව සම්බන්ධ විය. එසේද වුවත්, ‘නායකත්ව පුහුණුව’ ලෙසින් ලේබල් ගසා, ශිෂ්‍යයන් වෙත බලහත්කාරීව පමුණුවන ලද පුහුණුව, හමුදා කඳවුරු තුළ පැවැත්වූ මිලිටරි පන්නයේ පුහුණුවක් බව, සරසවි ශිෂ්‍ය කවයන් පැවසීය.

කිසියම් ආකාරයක මානසික ක‍්‍රියාන්විතයකට හා සිසුන් වදයට පැමිණවීමක් වීමට අමතර ව, දිවයිනේ ආර්ථික හා වාණිජ බලවේගය ලෙසින් ද සැබෑ ආධිපත්‍යය දරන්නා බවට පත්ව එමින් තිබෙන ශ‍්‍රී ලංකා මිලිටරි යන්ත‍්‍රය විසින් නුදුරේදී ම උපාධිධාරීන් ද බලහත්කාරයෙන් හමුදාවට බඳවාගනු ඇති බවත්, මෙම ‘පුහුණුව’ එසේ බඳවාගතයුත්තේ කවුද යන්න හඳුනාගැනීම සඳහා බවත් මෙම ශිෂ්‍ය කවයන් වැඩිදුරට ත් පැවසී ය.

මෙම පුහුණුව සදහා හමුදා කදවුරුවලට යෑමට බලකෙරුණු පුරුෂ හා ස්ත‍්‍රී දෙවර්ගයේම දෙමළ ශිෂ්‍යයන්, වදදීම්, පහරදීම් වලට හා අනෙකුත් සිංහල ශිෂ්‍යයන් විසින් මංකොල්ලකෑම්වලට ලක්වෙති.

දෙමළ ජාතික රාජ්‍ය නිලධාරීන් ද හමුදා නායකත්ව පුහුණුව යටතේ පුහුණුව ලැබිය යුතු බව මේ වනවිට ශ‍්‍රී ලංකා හමුදාව අවධාරණය කරයි.

අනුවාදය

මංජුල වෙඩිවර්ධන| Manjula Wediwardhana