සිංහල, Colombo, Life quips, Media

බන්දුල ඇමතිතුමෝ ලූනු කෝ..?


‛මහත්තයෝ ඊයේ බන්දුල ඇමතිතුමා කිව්වා ලූණූ හෙට ඉදලා ඕනම සතොසකින් රුපියල් 70.00කට ගන්න පුලුවන් කියලා. බම්බුව තමයි. මම අද ලූණූ ගන්න කියලා කොළඹ කැම්පස් එක ළග තියන ලක් සතොසට ගියා. මොන, ඒකේ ලූණු තියා ලූනු පොත්තක්වත් නෑල්ලු. බොරුමනේ කියන්නේ අපිව රවට්ටන්න. කොහොමද මහත්තයො ලූණූ රුපියල් 70ට දෙන්නේ. අර දඹූල්ලේ ලූණූ කුණු වෙනවා.’

බොරුල්ලට යන්න අද දවල් ත්‍රීවිල් එකට නැගපු අපිට ත්‍රිවිල් රියදුරකු කියපු කතාවක් ඒක.

සාමන්‍යයෙන් මැතිවරණයක් ආසන්න වෙනකොට මේ වගේ අදහස් ඕනෑ තරම් ඇමතිවරුන්ගේ කටින් පිටවෙනවා. උදාහරණයෙකට පාන් රාත්තල දෙනවා කිව්වේ රුපියල් 3.50කට අද පාන් රාත්තල කීයද?

කෙසේ නමුත් ලූණු ගැන ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණේ මෙහෙමයි.

‛‛රටින් ගෙන්වන අල-ලූනු තොග පිටින් නරක් වෙලා’’ 2009 දෙසැම්බර් 3 ලංකාදීප. එම ප්‍රවෘත්තිය වැඩිදුරටත් මේසේයි. ‛ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් ගෙන්වන ලොකු ලූනු සහ අර්තාපල් තොග බෙහෙවින් නරක් වී තිබීම එම ද්‍රව්‍යවල මිළ ඉහළ යාමට විශාළ වශයෙන් බලපා ඇතැයි අල ලූනු මෙරටට ගෙන්වන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ පවසති.’

ත්‍රිවීල් රියදුරු මහතාගේ අදහසට බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ උත්තරය කුමක් ද?