Colombo, Democracy, Education, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance

සිසුන්ට පහරදුන් සන්නද්ධ අංශ නැවතත් සිසුන් පසුපස

IMG_4511

පසුගිය 01 වෙනිදා විරෝධතාවයේ යෙදුනු සබරගමු සරසවි සිසුන්ට, පඹහින්න මහාමාර්ගයේ දී පොලීසිය හා හමුදාව ප්‍රචණ්ඩ ලෙස පහරදුන්නේ ය. එම පහර දීමෙන් සිසුන් විශාල පිරිසකට තුවාල සිදු වූ අතර සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන අද නිදහස් කල බවත් වාර්තා විය. නමුත් අත්අඩංගුවට ගෙන නිදහස් කල පිරිසට අමතරව විශ්ව විද්‍යාල අනද්‍යන කාර්ය මණ්ඩලයේ සේවකයෙකු වන හර්ෂනාත් නැමති රියදුරැ වරයෙකුත් සිටින බවත්, ඔහුට විරැද්ධව නගා ඇති චෝදනාව වන්නේ කදුළු ගෑස් ප්‍රහාරයට ලක්වූ සිසුන්ට වතුර ලබා දීම බවට තමන්ට දැන ගන්නට ලැබී ඇති බව, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරැ සංජීව බණ්ඩාර ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ‘‘මුල ඉදලම මෙ විරෝධයට තර්ජන එල්ලකරමින් තිබුණා. සත්‍යග්‍රහය ආරම්භ කරාට පස්සේ දිගින් දිගටම ශිෂ්‍ය නායකයින්ගේ දුරකථන වලට මරණිය තර්ජන එල්ලකරමින් තිබුණා. සත්‍යග්‍රහය ඉවත් කර ගන්න නැතිනම් මරණවා.. කියා බලපෑම් කළා. මේ වන විට ශිෂ්‍ය නායකයින් පසුපස ආණ්ඩුවේ නිළ සහ නොනිල සන්නද්ධ අංශ පන්නන්න පටන් අරගෙන තිබෙනවා.“

පහත පළවන්නේ සංජීව බණ්ඩාර සමග කළ සම්පූර්ණ සාකච්ඡාව සහ ශිෂ්‍ය විරෝධයේ සහ පහරදීමට අදාල‍ සම්පූර්ණ ඡායාරෑප සටහනයි.


Created with Admarket’s flickrSLiDR.