Economic issues, Features, Gampaha, Governance, Human Security, Life quips

විදුලි බිල වැඩිවුණයි පාරිභෝගිකයින් විදුලි සේවකයින්ට පහර දෙයි

IMG_1070

විදුලි මීටරය පරීක්‍ෂා කිරීමට ගිය විදුලි සේවකයකු හට ඊයේ(08) දහවල් වේයන්ගොඩ ප‍්‍රදේශයේදී පාරිභෝගිකයකු විසින් පහරදී ඇති බව ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසීය. අද දහවල් වේයන්ගොඩ වීරගුල පොලිස් වසම තුල මෙසේ විදුලි මීටරය පරීක්‍ෂා කොට බිල සැපයීමට යාමේදී අදාල පාරිභෝගිකයා විසින් විදුලි බිල වැඩිවී ඇති බවට පවසා විදුලි සේවකයා හට පහර දී ඇත. මේ සම්බන්ධව වීරගුල පොලීසියේ පැමිණිල්ලක් කර ඇති බවත් අදාල විදුලි සේවකයා මේ වන විට මීරිගම රෝහලේ ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළුවී ඇති බවද රංජන් ජයලාල් වැඩිදුරටත් මහතා පැවසීය.

ආණ්ඩුව මගින් විදුලි බිල වැඩිකිරීමට එරෙහිව තම සංගමය අතුළු වෘත්තීය සමිති ව්‍යාපාරය දැවැන්ත විරෝධතා ක‍්‍රියාමාර්ග ගත් බවත් එහිදී රටේ සමස්ත ජනතාවම මෙම ක‍්‍රියාමාර්ග සමග අත්වැල් බැඳගත් බවද, ආණ්ඩුව එම විරෝධය නොසලකමින් වැඩි වූ විදුලි බිල අහෝසි නොකිරීම නිසා මේ වන විට පාරිභෝගිකයින් තම පීඩනය විදුලි සේවකයින් වෙත මුදාහරිමින් ඇති බවත් ඔහු පැවසීය.

@unions