සිංහල, Corruption, Economic issues, Life quips, Pollonnaruwa

වෙළදපලේ හාල් හිඟයක් ඇතිවන ලකුණු

මේ වන විට විවෘත වෙළද පොළේ හාල් හිඟයක් ඇතිවෙමින් පවතින බව මැදිරිගිරිය ප්‍රදේශයේ වෙළද සල් හිමියන් පවසති. රජය විසින් රුපියල් 60 බැගින් නාඩු සහල් කිලෝවක් විකිණිය යුතු බවට නියෝග කර තිබුනද මේ වන විට මෝල්හිමියන් විසින් වෙළද සැල්හිමියන් වෙත සහල් නිකුත් කරන්නේ රුපියල් 61 ක මිළකටය. එසේ වූ විට සහල් මිටියක් රුපියල් 3050 ක් වන අතර රුපියල් 60 ගණනේ කිලෝ එකක් අලෙවිකළ විට ලැබෙනුයේ රුපියල් 3000 මුදලකි. එම නිසා අතින් පාඩුවට තමන්ට සහල් විකිනිමට නොහැකි බව පෙන්වාදෙන වෙළඳ සැල් හිමියන් කියා සිටින්නේ සම්බා සහල් වල තත්ත්වයද මෙයම බවයි.

දැනට තමන් ලඟ ඇති සම්බා සහල් රුපියල් 69 ගානේ මිලදී ගත් ඒවා බවත් රුපියලක් තබාගෙන රුපියල් 70 ට සහල් කිලෝවක් විකිනීමට රජය තමන්ට පවසා ඇති බවත් ඔවුන් පෙන්වා දෙති.

සතියකට සැරයක් මිල පාලන ඒකකය මඟින් අවුත් තමන්ව නිතියේ වරදකරුවන් බවට පත්කිරීමට උත්සාහකරමින් සිටින හේතුවෙන් තමන් සහල් විකිණීම නතර කරන තත්ත්වයකට පත්ව ඇති බවද ඔවුන් පෙන්වා දෙති.