Ampara, සිංහල, Democracy, Governance, Peace and reconciliation

තිරුක්කෝවිල්හි දී කරුණා හා පිල්ලෙයාන් කණ්ඩායම් අතර ගැටුමක්

අද දහවල් අම්පාර තිරුක්කෝවිල් ප්‍රදේශයේදී කරුණා පාර්ශවයේ පිරිසක් හා පිල්ලෙයාන් පාර්ශවයේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ. දහවල් ආරම්භ වූ ගැටුම හවස් වනතුරුත් පැවති අතර සිද්ධියෙන් පැජරෝ රථයක්ද ගිනිගෙන දැවෙමින් පවතින බවත් ඒ තුල කිසිවෙකු සිටිනවාද යන්න පැවසිය නොහැකි බවත් යුධහමුදාව පැවසූවා. සිද්ධිය පිළිබඳව විමසීම සඳහා අප තිරුක්කෝවිල් පොලීසිය ඇමතීමට උත්සහ කළ ද පොලීසියේ දුරකතනයට කිසිවෙකු නොපැමිණි නිසා තොරතුරු දැනගැනිමට නොහැකි වුනි.