Colombo, Democracy, Education, Features, Governance, Media and Communications, Politics and Governance

ශිෂ්‍ය විරෝධතාවයෙන් කොළඹ යටවෙයි

IMG_1118

නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් මූළික සටන්පාඨය කර ගනිමින් මෙන්ම වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදු කරනු ලබන ශිෂ්‍ය මර්ධනය වහා නතර කරන ලෙස බල කරමින් දහස් ගණනක් විශ්ව විද්‍යාල සිසුන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිට කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත විරෝධතා පාගමනක් පැවැත්වීය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විශාල රැලියක් පැවැත් වූ අතර ඒහිදී ඔවුන් නිකුත් කර තබූ පත්‍රිකාවක මෙසේ සටහන් විය.

‘‘මෙහෙම ප්‍රශ්ණ ඔබටත් ඇති. ඉගෙන ගන්න ආවා නම් ඉගෙන ගන්නේ නැතිව ආණ්ඩු පෙරලන්න හදනවා කියලා අපට බයින අයත් ඒ අතර ඇති. ඒ නිසා අපට මෙහෙම පාරට බහින්න උන හේතුව කියන එක අපේ වගකීමක්. කල්පනා කරන්න, අපට ජීවිතයේ බොහෝ දේවල් දැනටමත් අහිමි වෙලා නේද? මේ නිසා සමාජයත් අපේ ජීවිතත් විශාල අනතුරකට ලක් වෙලා. ආශ්චර්යයි, සංවර්ධනයයි කියන්නේ මවාපාන මිත්‍යාවන් විතරයි. ජීවන බර අහස උසට. ඒත් වැටුප් හරි ආදායම් හරි වැඩිවෙලා නෑ නේද? අන්තිමේදී ජීවිතේ ඉතිරිවෙලා තියෙන්නේ අපේක්ෂා භංගත්වයයි, කළකිරීමයි, දැරිය නොහැකි පීඩාවයි විතරයි. ඒ අතරේ දෙමාපියන් විදිහට ඔබට පුංචි හරි බලාපොරොත්තුවක් තිබුනානම් ඒ තමයි ඔබේ දරැවා. ඔවුන්ට හොද අනාගතයක් හදලා දෙන්න හීනයක් ඔබට තියනවා. ඒත් අද ඒකත් හීනයක් විතරයි‘‘ යනුවෙන් එහි සදහන් විය.

පහත එම විරෝධතාවයේ ඡායාරෑප පහත පළවන අතර එහි සියලු ඡායාරෑප සහ වීඩියෝ දර්ශන අතුලත් සම්පූර්ණ විස්තරයක් ඉතා ඉක්මනින් ‘විකල්ප‘ තුළින් බලාපොරොත්තු වන්න.

IMG_0283

IMG_0331

IMG_0395

IMG_0418

IMG_1111

IMG_1118

@Image: Vikalpa.org