සිංහල, Colombo, Life quips, Poems

මගේ නත්තල් රැය

පාර වැරදුණ සිහිනයක්
ඇත්තෙන්ම අනවසර සිහිනයක්
කවුළුවෙන් හිස පොවා කුටියට
මේසයේ හිස ගසාගෙන නිදන
කවියකට කූද්දයි ග

වෙඩි වැදුණ වල්ග තරුවක් නගන
අවසාන කෙඳිරිල්ල
මඩු පල්ලියට ඉහළ ආකහේ
රැව් නැඟෙයි ග

තරු ළකුණු නැතියෙන්
රජ තුන් කට්ටුවට
පාර වරදියිග

ඒ නයින් මඟ දිගේ වන්නියට
සාමයේ පණිවුඩය රැගෙන යන
ලව්ඩ්ස්පීකර් කැරොල් කටකත්
ගීතිකා ෂෙල් වෙඩිග
ර්‍ණශ්‍රී ලංකා රාණි මෑණියේ
ත්‍රී සිංහලේම මෑණියේ ෿

වතිකානුවේ
තලෙන්තු ගණන් කළ පියතුමා
පිදුරු ඔරුවක පිපෙන
බිම් මලට නම තියයිග

පරෙවියෝ
නත්තල් රැයෙත්
සුදු කොඩි ගැන වාදග

සමනොළ කන්ද මුදුනේ
ආදම්ගෙ සිරි පතුළ දැදුරු වී
සතර අත ලේ ගලයිග

අනවසර සිහිනය
සතපවා යහනත
කවිය ඇහැරී හිඳියිග

මංජුල වෙඩිවර්ධන
2009 දෙසැම්බර් 25