Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance

”වතුර ඉල්ලූ ජනයාට උණ්ඩ, ලැජ්ජයි රජෝ”

” වතුර ඉල්ලූ ජනයාට උණ්ඩ, ලැජ්ජයි රජෝ” වැලිවේරිය ඝාතනයට විරැද්ධව කොළඹ දී සත්‍යග්‍රහයක්

x

නිරායුධ මිනිසුන් මරා දමන රාජ්‍ය ත්‍රස්ථවාදය හෙළා දකිමු.! යනුවෙන් අද(07) කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත් විය. ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය සංවිධානය කර තිබූ එම සත්‍යග්‍රහයට ක්‍රිස්තියානි පූජ්‍ක පක්ෂය මෙන්ම සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වී සිටියේය. එම සත්‍යග්‍රහ ව්‍යාපාරයේදී නිකුත් කළ පත්‍රිකාවක මෙසේ සදහන් කර තිබිණි.

‘‘මේ සහගහන අපරාධය අනුමත කිරීමට කිසිදු මිනිසෙකුට නොහැකිය. එය සාධාරණීය කිරීමට කිසිදු ධර්මයකට නොහැකිය. පක්ෂ, පාට, ජාති, ආගම් බේදයෙන් තොරව එය හෙලා දැකිය යුතුය. විභාග ශාලාවට යා යුතු දරැවන් සුසාන භූමියට යවන නිර්ලජ්ජිත ප්‍රහාර මගින් පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ ජනතාවාදය ව්‍යාජයක් බව නොවේද? මහපොළවට වස විසත් මහජනයාට මුදලට වතුරත් සපයන ආණ්ඩුවේ විසදුම් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ දේශප්‍රේමය ව්‍යාජ බවක් නොවේද?

ඊයේ කටුනායකදී රොශේන් චානක, හලාවත දී ඇන්ටනී, වව්නියාවේ සිර කදවුරේදී දෙමළ සිරකරැවන්, වැලිකඩ සිරගෙදරදී සිංහල සිරකරැවන් වෙඩි තබා මැරැවේ ය. අද වැලිවේරියේදී අඛිල දිනේෂ් රවිෂාන් පෙරේරා, නිලන්ත පුෂ්ප කුමාර මරා දැමුවේ ය. හෙට ඔබද? ඔබේ දරැවාද?

ජනතාව එක හඩින් මේ ඝාතන හෙළා නොදකින්නේ නම් රාජ්‍ය ත්‍රස්ථවාදයට තිත තැබීමට බළ නොකරන්නේ නම් හෙට ඔබ ද, ඔබේ දරැවා ද මේ ඉරණමට ගොදුරැ වනු ඇත.‘‘

පහත පළවන්නේ එම සත්‍යග්‍රහයේ ඡායාරෑපයි.

1

2

3

4

5


Created with flickr slideshow.