]‘අමතක නොකිරීම’ | සංජන හත්තොටුව සමග ’30වසරකට පෙර’[

[Sanjana Hattotuwa | Image Credit:Ruha Devanesan]
[Sanjana Hattotuwa | Image Credit:Ruha Devanesan]

“මේ වැසටහන ගැන, සරලව කිව්වොත් අවුරැදු 30කට ඉස්සෙල්ලා සිදුවෙච්ච දේවල් ඒකාලේ, අවුරැදු 30කට පෙර මාධ්‍යයෙන් කොහොමද නිරෑපනය උනේ, ඒ කාලේ හිටිය පුද්ගලයන්ගේ, ඒවා කොහොමද මතකයේ රැදිලා තිබෙන්නේ, කොහොමද ඒ මතකයත් එක්ක ජීවිතය ගත කරලා තිබෙන්නේ, විශේෂයෙන් අවුරැදු 30ක් තුළ ලංකාවේ, නැතිනම් ලංකාවෙන් පිටත් උනාට පස්සේ. ඊට පස්සේ ඉපදුන කට්ටිය කොහොමද දැන් ඒ ඛේදවාචකය ගැන බලන්නේ, ඒ ඒ අයගේ දෘෂ්ඨීන් ගොනු කිරීමක් තමයි “30වසරකට පෙර” වෙබ් අවකාශයෙන් බලාපොරොත්තු වෙන්නේ” යැයි “30වසරකට පෙර” වෙබ් අවකාශයේ ප්‍රධාන භූමිකාව සිදු කරන, ග්‍රව්න්ඩ්වීව්ස් වෙබ් අඩවියේ සංස්කාරක, සංජන හත්තොටුව, විකල්ප වෙබ් අඩවියේ, සම්පත් සමරකෝන් සමග සාකච්ඡාවකට එක්වෙමින් එසේ පැවසීය.

ඔහු මේ සාකච්ඡාවේදී සුවිශේෂී අදහසක් මතු කරා, ඔහුට අනුව මෙම ව්‍යාපෘතිය ගැන කෙටියෙන් අදහස් දැක්වුවහොත් ඔහු පවසන්නේ “අමතක නොකිරීම” වැනි අදහසක්. කෙසේ නමුත් මෙවන් සංවේදී මාතෘකාවක් සමග නව මාධ්‍ය භාවිතා කරමින්, තාක්ෂණික තත්වයන්ගෙන් ඉහල අගයක් සමගින්, 83 කලු ජූලිය පිළිබදව මතකය නැවතත් ආවර්ජනය කරමින්, එවැන්නක් යළි කිසිදා සිදු නොවීමට මතක තබා ගැනීමට සමාජයට ආරාධනා කරමින් මෙවැනි ව්‍යාපෘතියක්, මෙවන් ආකාරයකට ලංකාව තුල සිදු කිරීම, වර්තමාන සමාජ දේශපාලනික ත්ත්ත්වය තුළ ඉතා සුවිශේෂයි. කෙසේ නමුත් “30වසරකට පෙර” ව්‍යාපෘති පිළිබදව සංජන හත්තොටුව වැඩිදුරටත් පවසා සිටියේ “සත්‍යයේ පැතිකඩවල් කතාකිරීමෙන් දේශද්‍රෝහී ත්ත්වයකට පත්කරන විදිහට තමයි අද ලංකාවේ දේශපාලනය හැදිලා තියෙන්නේ”……යනුවෙනි…සංජන හත්තොටුව සමග පැවත්වූ සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ සටහන සදහා පහත වීඩියෝවට පිවිසෙන්න.

©VIKALPA