#NPE | ‘අපිට ගල් ගහලා ඔවුන් දිව්වේ හමුදා කඳවුරට‘ TNA අපේක්ෂක කේසවන් සාජන්දන් ##

සිවිල් ඇඳුමින් සහ නිළ ඇඳුමින් සැරසුනු හමුදා භට පිරිසක් ඊයේ(18) පස්වරැ 01.30ට පමණ චාවකච්චේරි,නාවල්කාඩ ප්‍රදේශයේ TNA අපේක්ෂක කේසවන් සාජන්දන් ඇතුලු පිරිසට තර්ජනය කර ඉන්පසු සැගවී සිටිමින් ගල් ප්‍රහාරයන් එල්ල කළ බව TNA අපේක්ෂක කේසවන් සාජන්දන් පවසයි. ගල් ප්‍රහාරයන් එල්ල කිරීමට පැමිණි එම පිරිසට පසුව හමුදාවේ මේජර් වරයෙක් ආරක්ෂාව දුන් බවත්, ගල් ප්‍රහාරය එල්ල කළ පසු ඔවුන් අසල ඇති හමුදා කදවුරට දිව ගිය බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ TNA අපේක්ෂක කේසවන් සාජන්දන්

DSC_0304 590[කේසවන් සාජන්දන්(යාපනය දිස්ත්‍රික් අපේක්ෂක-TNA)]

මට ඊයේ හවස කෝල් එකක් ආවා. මගේ අධාරකරැවන්ගෙන්. ඔවුන් මට කිව්වවේ හමුදාව සිවිල් ඇදුමෙන් සංධානයේ අපේක්ෂකයන්ට කැම්පේන් කරනවා කියලා. මෙයට පෙරත් මිනිස්සු මේ සිවිල් ඇදුමින් සැරසිලා ඉන්න හමුදාවේ අය කියලා මට කියලා තියනවා. ඊට පස්සේ ඊයේ, මම එතනට ගියා. ගිහිල්ලා ඒ සිවිල් අදුමින් සිටි හමුදාවේ අයට මම කතා කරා. ඊට පස්සේ ඔවුන් කැඩිච්ච දෙමළෙන් කතා කරා. පස්සෙ මම කොඩිකාමම් පොලීසියට මේ සම්බන්ධයෙන් දැනුවත් කලා.

ඒ වගේම මම ඒ තැනට යනකොට ආයුධ සන්නද්ධ හමුදා නිළධාරීන් පිරිසක් මගේ ආධාරකරැවන් වට කර ගෙන හිටයා. මම කිව්වා, අපේ ආධාරකරැවන් ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරගෙන ඉන්නේ. ඒකට බාධා කරන්න එපා කියලා. මේවා ඔගොල්ලන්ගේ වැඩත් නෙවෙයි. කියලා කිව්වා. නමුත් ඒ පිරිස එතැනින් ඉවත් උනේ නෑ. පසුව මම ඒ හමුදාවේ පිරිසට කිව්වා අපි ඔයගොල්ලන්ට එරෙහිව නීත්‍යානූකූල පියවර ගන්නවා කියලා.

ඊට පස්සේ අපේ ආධාරකරැවන් එතැනින් ඉවත් කරගෙන ගියා . ඒ යන විටත් හමුදා වාහනයක් අපිව ලුහුබැදගෙන ආවා. ඊට පස්සෙ අපි අතුරැපාරවල්වලින් යන කොටත් ඒ අය අපේ පිටිපස්සෙන්ම ආවා. අපේ ආධාරකරැවන්ගේ ආරක්ෂාවට ඒ අයව කොවිල තුලට රැගෙන ගියා. ඉන් පස්සේ අපේ පිටිපස්සෙන් ආපු හමුදා වාහනයෙන් අපි ඇහුවා, ඇයි අපේ පිටිපස්සෙන් එන්නෙ කියලා. ඔවුන් කිව්වා අපි සාමාන්‍යෙයන් මුර සංචාරයේ(Patrol) යෙදෙනවා කියලා ඔවුන් කිව්වා. ඊට පස්සේ මම ඇහුවා ඇයි ඡන්ද අපේක්ෂකයෙක් පස්සේ ලුහුබදින්නේ කියලා?

ඊට පස්සේ අපි කිව්වා මගේ ප්‍රචාරක කටයුතුවලට බාධා කරන්න එපා කියලා. ඒත් ඔවුන්වත්, ඔවුන්ගේ වාහයවත් එතැනින් ඉවත් කරගත්තේ නෑ.

පස්සේ මට ප්‍රෙද්ශයේ මිනිස්සු කිව්වා හැම තැනම වගේ ආයුධ සන්නද්ධ හමුදා නිළධාරීන් සහ, සිවිල් ඇදුමින් සැරසුනු හමුදා පිරිස් ගල් තබා ගෙන තැන තැන හැංගිලා ඉන්නවා කියලා. ඊට පස්සේ මම කොඩිකාමම් පොලීසියේ ස්ථානාධිපතිට කෝල් කරලා කිව්වා, හමුදාව මේ වගේ හැසිරෙනවා කරැණාකරලා පොලීසියේ කණ්ඩායමක් එවන්න කියලා. ඊට පස්සේ ස්ථානාධිපති මට කෝල් කරලා කිව්වා, ‘දැන් හමුදාවේ වාහනය එතැනින් ඉවත්කර ගත්තා, දැන් ප්‍රශ්ණයක් නෑනේ‘‘ කියලා කිව්වා.

නමුත් වාහන එතැනින් ඉවත් කරාට ආයුද සන්නද්ධ හමුදාවත්, ගල් සහ පොල් ඇතැතිව ඉන්න හමුදාවේ සිවිල් අයත් එතැනින් ඉවත් උනේ නෑ ඒ නිසා ඉක්මනටම පොළිස් කණ්ඩායමක් එවන්න කියලා මම ආපසු පොලීසියට කිව්වා. ඊට පස්සෙ ටික වෙලාවකින් පොලීසියේ කණ්ඩායමක් ආවා.

ඒ නිසා අපිට ආරක්ෂාව ඇතැයි කියලා හිතලා අපි අපේ වාහනය හරවගෙන ආවා. ඒත් මීටර් 500ක් විතර ගිහිල්ලා බලනකොට පොලීසිය අපිට ආරක්ෂාව ට ආවේ නැති බව පෙනුනා. ඉන් පසසේ අපේ වාහනය එතනම නතරකරන කොට අපි ඉන්න තැනට ගල් ප්‍රහාරයන් එක දිගටම එන්න ගත්තා. අපේ වාහනයට ගල් ප්‍රහාරයන් නිසා බරපතල ලෙස හානි සිදු උනා. ඊට පස්සේ අපේ කණ්ඩායම වාහනෙන් බැහැලා ගල් ගහපු කණ්ඩායම එළවගෙන යනකොට ඔවුන් ඇද සිටි ටීෂර්ට් ගලවාගෙන අසල තිබුණ හමුදා කදවුරට ඇතුල් උනා.

සිවිල් ඇදුමින් සැරසී ගල් ප්‍රහාරයන් එල්ල කර පිරිස සංධානයේ අපේක්ෂකයෙකුට සහය දක්වන හමුදා පිරිස් බව අපි හදුනා ගත්තා.

ඒ වෙලාවේ එතන තිබූ යුහ 2464 දරණ හමුදා වාහනයේ සිටි මේජර් අපිට ගල් ප්‍රහාරයන් එල්ල කළ හමුදා බටයන් එම වාහනයට දමා ගෙන නැවතත් අපට තර්ජනය කළා. මේ සිදුවීමට පෙරත් මේ වාහනයම තමයි අපි ව ලුහුබැදන් ආවේ. ඊට පස්සේ පොලීසිය පැමිණි නිසා ඔවුන් අපව මග හැර ආපසු යන්න ගියා. ගල් ප්‍රහාරයන් එල්ල කරන්න ත්‍රිවීල් දෙකක් පැමිණ තිබූ අතර එම ත්‍රීවිල් අපි පොලීසියට බාර දුන්නා.

දැන් මේකෙන් අපිට වැටහෙන්නේ හමුදාව සෘජුවම මැතිවරණ කටයුතුවලට හවුල් වෙනවා. ඒ වගේම සංධානයේ අපේක්ෂකයන්ට ඔවුන් ආරක්ෂාව ද දෙමින් සිටිනවා.

හමුදාව ඒ අපේක්ෂකයන්ගේ පෝස්ටර් පවා අලවනවා. මේ සිදුවීම ගැන මම පොලීසියට නිළ වශ‍යෙන් පැමිණීල්ලක් කරේ නෑ. හේතුව මට ඔවුන් විශ්වාස නැහැ. නමුත් මම ඉදිරියේදී නීති්‍යානුකූලව පියවර ගන්නවා. ඒ වගේම ඒ පහරදීමට සම්බන්ධ උනු හමුදා නිළධාරීන් සහ සමාජිකයන් අධිකරණයට ගෙනගොස් ඔවුන්ට එරෙහිව නීති්‍යානූකූල පියවර ගන්නවා.

Lawer Sayanthan Arquing with army 590

#NPE | උතුරේ මැතිවරණය පිළිබද විශේෂ සටහන්

විකල්ප වෙබ් අඩවියේ මාධ්‍ය කණ්ඩායම යාපනයේ සිට…