සිංහල, Democracy, Hambantota, Human Rights, Life quips

හුංගම තලුන්නේදී එජාප අධාරකරුවන් රැගත් බසයකට වෙඩි තැබීමෙන් කාන්තාවක් මියයයි

2010-01-12-Talunna Bus
අද දහවල් 12.30 පමණ හුංගම තලුන්න ප්‍රදේශයේදී , හම්බන්තොට එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා තිස්සමහරාම ප්‍රදේශයේ සංවිධානය කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහයෝගය දැක්විමේ ප්‍රචාරක රැළියකට සහභාගීවිමට යමින් සිටි බස් රථයකට මෝටර් සයිකලයකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම නිසා එහි ගමන් ගත් කාන්තාවක් මිය ගිය අතර තවත් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලැබුවා.
වෙඩිතැබිම සිදුවන අවස්ථාවේදී බස්රථය තුළ 30 දෙනෙකුගේ පමණ පිරිසක් සිට ඇති අතර අදාල පිරිස ගමන ආරම්භකර සුළු වේලාවකින් බස්රථය හඹා ආ මෝටර් සයිකළයක් එයට වෙඩි තබා ඇත. වෙිඩි තැබීමෙන් මියගිය කාන්තාව තලුන්න හතළියේ කොළනියේ පදිංචි 60 හැවිරිදි තැනැත්තියක් බව වාර්ථාවේ. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලත් කාන්තාව මාතර මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය බව වාර්ථාවේ.
අප මේ පිළිබඳව තංගල්ල රෝහලෙන් විමසු අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කළේ මේ පිළිබදව තොරතුරු දිය නොහැකි බවයි. එසේම හුංගම පොලිසිය ඇමතීමට ගත් උතසහායද ව්‍යර්ථ විය.