‘‘2010 ගස් බැදපු පුද්ගලයා මම. මම මේක මාධ්‍යට දෙන්න තීරණය කළේ හුගක් දුරට මම සමාජයෙන් දුක් වින්දා. ඒ කාලේ මට දෙන්ඩ අවස්ථාවක් ලැබුනේ නෑ. මම ඒ විස්තරේ මුල ඉදන්ම මම කියනවා. ඇත්තටම…ඒකේ දුක දරා ගන්න බැරිව තමයි මම ඔයගොල්ලන්ට මේක කියන්නේ. ඒදා මම ඩෙංගු වැඩසටහනට මම සහභාගී උනේ නෑ. ඒ මගේ ළමයි දෙන්නම අසනීපෙන් හිටිය නිසා. මම ගෙදර ඉන්නකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කෝල් එකක් ආවා. දවල් 2.30ට මර්වින් සිල්වා ඇමතිතුමා ඔයාට එන්න කියනවා කියලා. මම දැනගෙන හිටියේ නෑ මේ ගස් බදින සිද්ධිය. සමෘද්ධි නිළධාරීන් ඔක්කොම කිව්වා උඹව ගස් බදින්න යන්නේ කියලා. මම ඒක ලොකුවට හිතුවේ නෑ..මම හිතුවෙම නෑ, මම ගස් බදියි කියලා…….‘‘

..යැයි 2010 අගෝස්තු මස 03වනදා මොහොමඩ් ඉර්ෂාඩ් නම් සමෘද්ධි නිළධාරියා, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන මර්වින් සිල්වා විසින් ප්‍රසිද්ධියේ, මාධ්‍යෙව්දීන් ඉදිරිපිට ගසක බැන්දේය. ගස් බැදීමට මූළික හේතුව ලෙස සදහන් වන්නේ අගෝස්තු 01වනදා ඩෙංගු මර්දන වැඩසටහනට මෙම සමෘද්ධි නිළධාරියා සහභාගී නොවීමය.

‘‘කැළනි ගොනා කුලප්පු වෙයි‘‘
4862475291_19932f8825_z[මර්වින් සිල්වාට එරෙහිව අම්පාරේ විරෝධතාවයක්..]

පසුව මෙම ගස් බැදීමට මුල්වු ඇමති මර්වින් සිල්වාට එරෙහිව සමෘද්ධි නිළධාරීන් කැලණිය ඇතුලු ප්‍රදේශ ගණනාවක දැවැන්ත විරෝධතාවයන් කැදවා තිබිණි.

ඉන්පසු මර්වින් සිල්වා ඇමතිවරයා විසින් සමහරක් මාධ්‍ය ඔස්සේ පවසා සිටියේ ඔහු විසින්ම ගස් බැදගත් බවය.එය ඩ්රාමා එකක් බවය. දැන් එම ප්‍රකාශවල අසත්‍ය සහ තර්ජනාත්මක බව මොහොමඩ් ඉර්ෂාඩි විසින් හෙළි කරයි.තමන්ට මර්වින් සිල්වා ඇමතිවරයා බලපෑම් කළ හැටිත්, තර්ජනය කළ හැටිත් දැන් ඔහු හෙළි කරයි. කෙසේ නමුත් මර්වින් සිල්වා විසින් ගස් බැදි මොහොමඩ් ඉර්ෂාඩ් පිළිබදව සමාජයේ ද, මාධ්‍ය යේ ද වූ සාකච්ඡාව මගහැරී ගිය අතර දැන් වසර 3කට පසු ඔහු එම සිදුවීම සිදු වූ ආකාරයත්, සිදුවීමෙන් පසු සමාජයෙන් මෙන්ම අනිකුත් පාර්ශවයන්ගෙන් තමන්ට විදින්ට සිදුවූ අපහසුතාවයන් ගැනත් සියලු විස්තරයන් මොහොමඩ් ඉර්ෂාඩ් ප්‍රකාශ කරයි. නමුත් ඔහු මෙසේ තම අදහස් ප්‍රකාශ කරන්නේ ලංකාව තුළ සිට නොවේ. විශ්‍රාම වැටුපක් හිමි සමෘද්ධි නිළධාරියෙකු වූ මොහොමඩ් ඉර්ෂාඩ් එම සිදුවීමෙන් පසු ආශ්චර්යමත් යැයි කියනා ලංකාවේ ජීවත්වීමට අපහසු තත්ත්වයක් තුළ සෞදිආරාබියේ බේකරි රස්සාවකට යෑමෙන් පසුවය.

මේ මොහොමඩ් ඉර්ෂාඩ් ගේ සත්‍ය කතාවයි.

Interview with Mohammed Irshad from Centre for Policy Alternatives on Vimeo.

මොහොමඩ් ඉර්ෂාඩ් නම් රජයේ නිළධාරියා සෞදියේ දුක් විදිද්දී, මොහොමඩ්ව පීඩාවට පත් කළ මර්වින් සිල්වා නම් රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයා අදත් ඇමතිවරයෙක් ලෙස ජනතාව ඉදිරියේ සිටින්නේ ‘සුදු සරමක්‘ ඇදගෙන ය.

[Editors note: මෙම වීඩියෝව උපුටා ගනු ලැබූවේ ග්‍රව්න්ඩ්වීව්ස් වෙබ් අඩවියෙන් වන අතර මෙම වීඩියෝ සටහනේ මුල් ලිඛිත සටහනක් I’m not mad to tie myself to a tree නමින් සිලෝන් ටුඩේ පුවත්පතේ පළ කර ඇත.]