[Video Interview]

“ජාත්‍යන්තර වශයෙන් ශ්‍රි ලංකා රජය නැත්නම් මහින්ද රජපක්ෂ රජයට, දිනෙන් දින පීඩනය වැඩිවෙමින් පවතිනවා. ඒකට ප්‍රදානතම හේතුව වන්නේ, 2009 අවසන් යුද සමයේදි සිදුවූ බව කියන මාණුෂීය නීති උල්ලංඝනය කිරීම් පිළිබද චෝදනා යි. ඒ සමග රටතුල සිදුවන ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම්, ප්‍රාකාශනයේ නිදහස සහ මානව හිමිකම් කඩවීම් යන මේ කාරණා නිසාත් ජත්‍යන්තර වශයෙන් පීඩනයට පත්වී සිටින ආණ්ඩුව මේ සමුලුව ඔස්සේ නැගී සිටින්න උත්සහ දරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා සිටින රටවල්වලින් 1/3 පොදුරාජ්‍ය මණ්ඩල සමුලුවට සහභාගි වෙනවා. මෙය තුලින් තමා සතුව තිබෙන කුණු සෝදා ගැනීමට මෙය සුදුසු අවස්ථාවක් ලෙස රජය සිතනවා.” යැයි, මෙම සතියේ 15වනදා නිළ වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වන CHOGM හෙවත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායකයින්ගේ සමුලුව පිළිබදව, ලේඛකයෙක් සහ නීතිඥයෙක් වන ඊ. තම්බයියා, ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

ඔහු සමග පැවැත්වූ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ සටහන පහතින් දැක්වේ.

සැලකිය යුතුයි | මෙම සම්මුඛ සාකච්ඡාව සිදු කරන ලද්දේ 2013 නොවැම්බර් 07වන බ්‍රහස්පතින්දා බව සලකන්න