[Video Interview]

“ඇත්තෙන්ම මෙය පැවැත්වීම විවාදයට කරැණක්. දැන් මේක ආරම්භ වූනු දවසේ ඉදලා, මානව හිමිකම් ක්‍රියාකාරීන්, ජාත්‍යන්තර සංවිධාන විසින් විශාල උද්දේශණයනයක යෙදුනා. මේක ලංකාවේ පැවැත්වීම සුදුසු නැති බවට. මේකට කාරණාවක් තිබෙනවා. මොකද පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන සාරධර්ම අතර නීතියේ ආධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය කියල කරැණු 3 ඉතාමත්ම සුවිශේෂයි. එතකොට ඒ මතින් බලනකොට, විශේෂයෙන්ම 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීතිගත කිරීමත් සමගම මතු වෙලා තිබෙනවා ව්‍යවස්ථාව මත පදනම් වුනු අධිකාරිවාදයක්. ඒ මතින් තමයි ශිරාණි බණ්ඩාරණායක මහත්මියව අවනීතික ලෙස අගවිනිසුරැ ධූරයෙන් ඉවත් කරන්න හැකි උනේ. පාර්ලිමේන්තුව හුදෙක් රබර් ස්ටෑම්ප් එකක් පමණයි. එවැනි අවනීතික පාලනයක් දිගින් දිගටම පවත්වාගෙන යන, කිසිදු හිරිකිතයකින් තොරව මහින්ද රාජපක්ෂ වගේ කෙනෙක් කොහොමද පොදුරාජ්‍ය මණ්ඩලයට නායකත්වයකක් දෙන්නේ.” යැයි, මෙම සතියේ 15වනදා නිළ වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වන CHOGM හෙවත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායකයින්ගේ සමුලුව පිළිබදව, ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිණියක් වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය, ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

ඇය සමග පැවැත්වූ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ සටහන පහතින් දැක්වේ.

සැලකිය යුතුයි | මෙම සම්මුඛ සාකච්ඡාව සිදු කරන ලද්දේ 2013 නොවැම්බර් 04වන සදුදා බව සලකන්න.