‘සංවර්ධනය පිළිබඳ නැවත සිතීමක් ’ – කෙටි චිත‍්‍රපට නිර්මාණකරුවන් සඳහා කෙරෙන අනුග‍්‍රාහකත්ව වැඩසටහන | (Sponsorship for Short Filmmakers on ‘Reimagining Development’)

අධිපති මතවාදය තුළ ‘සංවර්ධනය’ පිළිබඳ සිදුකෙරෙන සාකච්ඡාව ප‍්‍රධාන වශයෙන්ම යොමුවෙන්නෙ දේශපාලන-ආර්ථික කේෂත‍්‍රයත් එක්ක. නමුත් කලාව එහෙමත් නැත්නම් සිනමාව තූළින් සංවර්ධනය නැවත කියවනවා කියන්නෙ අළුත් අදහසක්. බැලූ බැල්මට පාරාසයන් දෙකක් පුරා විහිදිලා තියෙන කේෂත‍්‍රයන් දෙකක් එක මාවතක ස්ථානගත කරන්නෙ කොහොමද? මෙන්න මේ ගැටළුව විසඳන්න සංවර්ධනය සහ සිනමාව බද්ධ වුණු අළුත් සංවාදයක් ගොඩනගන්න අවශ්‍ය වෙනවා.

සිනමාව තුළින් සංවර්ධනය නැවත සිතීමක් පිළිබඳ සිදුවන සංවාදය සමාජගත කිරීමේ අරමුණින් CEPA ආයතනය සහ Agenda 14 ආයතනය එක්ව කෙටි චිත‍්‍රපට නිර්මාණකරුවන්ට මූල්‍යමය අනුග‍්‍රාහකත්වයක් ලබා දීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. සංවර්ධනය පිළිබඳ පවතින අධිපති මතවාදයන්ට එහා ගිය අළුත් පරිකල්පනයක් සහිතව කෙටි චිත‍්‍රපටියක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන වයස අවුරුදු 35ට අඩු තරුණ නිර්මාණකරුවන්ට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්.

මේ පිළිබඳව සාකච්ඡා කෙරෙන විශේෂ වැඩසටහනක් (Pitching Session) 2013 දෙසම්බර් 9 වෙනි දින උදේ 9.30 සිට 11.30 දක්වා කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ (Goethe Institute), Agenda 14 කෙටි චිත‍්‍රපට උළෙලේදී පැවැත්වීමට නියමිතයි. උනන්දුවක් දක්වන්නන් හට මේ සඳහා සහභාගී වෙන්න පුළුවන්.