ඉරණමේ අධිපතිව
ආත්මයේ සෙන්පතිව
ලෝකය පුබුදා ලූ ඔබ
මැන්ඩෙලා මදීබා!
දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රදීපය
නිසංසල වී ඇත අද!

ත‍්‍ර‍්‍රස්තවාදියෙක් යැයි හංවඩු ගසා
තිරිසනෙකු සේ සිරගත කෙරුනද
නිදහසේ, ප‍්‍රජාතන්ත‍්‍රයේ හා සාමයේ
යහපත් ලොවක පැතුමන් ඔසවා
රුදුරුබවට සුසිරිතෙන්ද
නින්දා අපහාස වෙත ගරුත්වයෙන්ද
මුහුණ දුන්නේය ඔබ

දිවියක අරුත මැනෙන්නේ
හුදෙක් ජීවත් වීමෙන් නොවේය
අනෙක් අයගේ ජීවිතවල
අප ඇති කරන වෙනසෙන් යැයි
කියූ දේ ඔබ ප‍්‍රගුණ කෙළෙහිය
මදීබා!

සූරාකෑම හා අසාධාරණය නැති
සුවිනීත ලොවකට ඔබින
අපේ මතු පරම්පරා පුබුදු‍්‍රවනු වස්
බොහෝ මදීබාවන් අවැසිය අපට අද!

ලයනල් බෝපගේ
2013 දෙසැම්බර් 8 වැනිදා
පරිවර්තන සහාය – ගාමිණී වියන්ගොඩ