Image Credit: english.peopledaily

“එක මිනිසෙකුගේ අයිතිය තර්ජනයට ලක් වූ තැන සෑම මිනිසෙකුගේම අයිතීන් අහිමි වේ”

– ජෝන් එෆ් කෙනඩි

මීළඟ අගමැති වීම සඳහා ලොකුම සිහිනය ඇත්තේ කාටද? දි.මු. ජයරත්න වූ කලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ කාලයක් රැඳි සිටීමේ සාදාරණ අයිතිය මත මෙන්ම හැඟීම් බර ඉල්ලීම මත බලෙන් ලබාගත් අගමැති ධූරයට මේ වන විට අකල්වැසි වසිමින් තිබේ. එය ඔහුගෙන් ඉවත් වීමට තවත් කෙටි කාලයක් ඇත. ඉන් පසු එක්කෝ නිවසට වී විවේක ගත යුතුය, නැතහොත් කාර්යභාරයක් නොමැති ජේෂ්ඨ ඇමතිවරයෙක් වී තම පක්ෂය “ ශ්‍රේෂ්ඨ” සේවාවක් කළ හැකිය. කෙසේ වෙතත් අගමැතිවරයා ඉන් ඉවත්වීම හෝ ඉවත්කිරීම සඳහා සාදාරණ වටපිටාවක් තිබිය යුත්තේය.

අගමැති තනතුර වෙනස් කිරීමේ අදහස මහින්ද රාජපක්ෂට මීට මාස කිහිපයක සිට නොව, දි . මු. අගමැති තනතුරේ දිවුරුම් දුන් දා සිටම ඒ පිළිබඳව ජනාධිපතිවරයා සිතු බව නොරහසකි. සැබවින්ම වත්මන් ව්‍යවස්ථාවට අනුව අගමැතිධුරයට, එකම පක්ෂයෙන් පත් වූ ජනාධිපතිවරයෙක් සිටින්නේ නම් , කිසිඳු බලාධිකාරියක් නොමැති නමුත් ඊට හිමි දේශපාලන වටිනාකමක් තිබේ. මේ නිසා අගමැතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ඕනෑම දේශපාලන පක්ෂයක් වැදගත් කාරණයක් ලෙස සලක බව නොරහසකි.

කෙසේ වෙතත් වත්මන් ව්‍යවස්ථාවට අනුව අගමැතිධූරයට බලාධිකාරියක් ලැබුන වසර වූයේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරය හෙබ වූ කාලයේදීය. ආර්ථිකමය වශයෙන් රටේ තිබුන කඩාවැටීම එහිදී යම් පමණකට යථාතත්වයට පත් වූ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා පෙර නොවූ විරූ අන්දමින් දේශපාලන අඝාදයකට ඇද දැමීමට එය ඉවහල් විය. ඉන් පසු ඔහුට ඉතුරු වූයේ දෙලොවක් අතර සිරවී රාජපක්ෂ එනම් තම පෞද්ගලික මිතුරා රටේ බලය ලබාගත් ආකාරයෙහි දිග පළල මැනීමටය. එසේ බලන තෙක් දේශපාලන ටයිටැනික් සිහින දැකීමටය. එම සිහිනය ඔහු ටයිටැනික් නැව උඩ සිටම දකිමින් කවදා හෝ තමන්ගේ සිහිනය ඉටුවන්නේය යන තිර අදිටනින් කල් ගත කරනු ඇත. මෙවැනි දෑ බොහොමයක් රටවල සිදු වී තිබේ.

කෙසේ වෙතත් මේ වන විට වත්මන් අගමැතිවරයා සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති දේශපාලන කතාවේ සලකා බැලිය යුතු කාරණා තිබේ. රටේ බොහොමයක් දේශපාලනඥයින් මෙන්ම ඔහුද තැන තුටු තැන වල හිහගත්තෙකි. ඔහුටද රටේ අඥාදායකයාට මෙන් තමන්ගේ ලේ වලින් මෙලොවට ජනිත වූ අයෙක් තමන් වැනිම තත්වයට තමන්ගේ බලය භාවිත කොට හෝ පත් කිරීමේ සාදාරණ ආශාව ඇත. නමුත් ආඥාදායකයා නීතිය සහ සදාචාරය සොයන්නේ එහිදීය. මන්ද එය ඔහුට තර්ජනයකි. “ අපි කරණ දේ වැඩක් නෑ, අපි කියන දේ කරපන්”, නමැති තමාගේ වින්දනය සහතික කරණ සහ අනෙකා තමාගේ වින්දනයට යටත් විය යුතුය, යන දේශපාලන වාක්සම්ප්‍රදාය දක්නට ලැබෙන්නේ මෙහිදීය.

අනෙකා වෙනුවෙන් අනෙකාගේ යුක්තිය සෙවීම, තමාගේ වාසීන් සඳහා සියලු දෑ වෙනස් කිරීම, ජනධිපති රාජපක්ෂ බොහෝ කලක සිට පෙන්වනු ලැබූ දේශපාලාන උපායකි. එය මේ වන විට සියලු තැන් අතික්‍රමණය කරමින් ඇති අතර, රාජපක්ෂ එහිදී සංස්කෘතික ගත කිරීමට උත්සහ කරනු ලැබුවේ රාජපක්ෂලා නොමැතිව ලංකාවක් නැත යන, න්‍යායය. සාමය යැයි බොහෝ දෙනෙක් බධාගෙන සිටින මුලාව වූ කලී එම න්‍යායයේ උත්සන්න අවස්ථාවකි. සෑම අඥාදායකයෙක්ම නිදහසේ සතුරෙක් වන අතර නිතීයේ විරුද්ධවාදියෙකි, යැයි පුරාණ ග්‍රීක බුද්ධිමතෙකු වූ ඩිමොස්තිනිස් කියූ මුලික දෑ රාජපක්ෂ විෂයෙහිලා අවබෝධ කරගැනීමට ප්‍රමාණවත් සිද්ධි ඔහු විසින්ම සිදු කොට ඇත.

පසුගිය කාලවකවානුව සලකා බැලීමෙදී රාජපක්ෂ තම දේශපාලන විරුද්ධවාදීන්ගේ අභියෝග දිනා ගනු ලැබුවේ තෙවැනි පාර්ශවයක් භාවිතයෙනි. ඔහු කොටි සංවිධානය සමඟ පැවතී යුද්ධයට දේශපාලන වටිනාකමක් දී තවමත් එය විකුණමින් සිටින්නේද ඒ ආකාරයෙන්මය. එසේම තවමත් කිසිඳු පිළිගත හැකි පරීක්ෂණයක් නොමැති බොහොමයක් ඝාතනවල ඇත්ත කතාව වන්නේද මෙයයි.වත්මන් අගමැතිවරයා සහ කුඩු කන්ටේනරය අදාලව ගොඩනැගී ඇති දේශපාලනයද මෙහිම දිගුවක් ලෙස කිසිවෙකුට හෝ සැක සිතෙන්නේ නම් ඊට සාදාරණ හේතූ තිබේ.

මුලික හේතුව, අදාළ කුඩු කන්ටේනරය ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට මෙරටට පැමිණි එක ලෙස කිසිවක් නොදන්නා ආකාරයෙන් මේ ගැන සොයා බලන්න යැයි ඝෝෂා කරණ පිරිසය. ගලබොඩ අත්තේ ඥානසාර හිමි, මෙහිදී පෙන්වන කැපවීම පැහැදිලිය. ඔහු බෞද්ධ ආගම සහ සිංහල ජාතිය විනාශවීම නමැති භයානක සිහිනයට ගොදුරු වී, තල් කොලයක් උඩට වැටුණු බෙලි ගෙඩියේ සද්දයට අහස කඩා වැටෙනවා යයි කියා පිම්මේ පැනගිය හාවා සේ, කුඩු කන්ටේනරය අරම්භයාද ලොකු වගකීමක් ඉටුකරමින් සිටින්නෝය. උන්වහන්සේට සිංහල ජාතිය හෝ බෞද්ධාගම බේරා ගැනීම කෙසේ වෙතත් තවත් කලකින් තමාට තමා අහිමි වී ඇති බව තේරුම් ගිය පසු වෙන්නේ එක්කෝ “ තමන් නිර්වාණය දුටුවා” යයි කියමින් එය කුමන වර්ගයේ එකක් දැයි විස්තර කරමින් තම නාමය කුමන හෝ බද්‍ර නමකින් වෙනස් කර ගැනීමටය, නැතහොත් පවතින අවුලේම කොටසක් වී අවුලේම අවසන් හුස්ම හලන තෙක් කෙකර ගෑමටය.

කෙසේවෙතත් මෙහිදී වැදගත් වන්නේ එය නොවේ. අදාළ හිමිනමට පිම්මේ පැනයාම සඳහා ලැබෙන රාජ්‍ය අනුග්‍රහය සහ එම රාජ්‍ය අනුග්‍රහය හෝ ආරක්ෂාව ලබදෙන්නාගේ දේශපාලන අවශ්‍යතාවයය. ජනරාල් ෆොන්සේකා නිදහස් කළ අවස්ථවේදී “ සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ දේශපලාන කොලමෙහි , “ ෆොන්සේකා නිදහස් කිරීම නාමයෙන් කෑව ලණුව ගැන සෞදිය පුරමින්, තමා දේශපාලනයට පැමිණෙන බවට සහ අගමැතිවීමට අපේක්ෂා කරණ බවට පලවෙන වාර්තා සහ පැතිරයන කතා විහිළුවක් බව සඳහන් කළ,” ආරක්ෂක ලේඛම් ගෝටාබය ගැන සඳහන් විය. එය එසේම විය හැකිය. එසේම එය වෙනස් වීමේ හැකියාවද ඇත. මන්ද මෙය ශ්‍රී ලංකාවය.

කුඩු කන්ටේනරය වටා ගෙතී ඇති දේශපාලන උපාය, මෙම සිද්දියේ අවසාන සිනහව උරුමක්කාරයා සතු ව පවතින බව නොරහසකි. එමඟින් දී.මූ. ගේ දේශපාලනය නැති කිරීම පමණක් නොව මහනුවර දිස්ත්‍රික්කයේ පවතින දේශපාලන කලබැගෑනියටද දේශපාලන විසඳුම් සොයා ගත හැකිය.

indexනිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa