ඇත්ත විභුතීය මුල බැස ගනිමින් පැතිර යයි. බොරු විභූතිය මල් මෙන් පොළවට අද වැටෙයි, කිසිම ව්‍යාජයක් දීර්ඝ කාලින නොවේ – [මාර්කස් ටිලියස් සෙසේරියෝ]

පසුගිය වසරේ මැද භාගයේදී නිකුත් කරනු ලැබූ වාර්තාමය චිත්‍රපටියකින් චීනයේ සමාජ ක්‍රියාකාරීන් ගැන මෙන්ම බ්ලොග් කරුවන් ගැන සහ ඔවුහු චීන ආණ්ඩුවට කළ බලපෑම සම්බන්ධයෙන් වාර්තා කොට තිබුණි. අදාල චිත්‍රපටිය පුරා අතිශය තියුණු ලෙස චීනයේ සාමාන්‍ය ජන ජීවිතය ප්‍රශ්න කරන අතර ඊට අදාළ බොහොමයක් සිදුවීම් වෙනත් රටවල මෙන්ම ප්‍රධාන මාධ්‍ය මඟින් වාර්තා නොකරන දෑය.

590

විශේෂයෙන්ම මහජන කැරැල්ලක් දක්වා වර්ධන වූ ගුවන්ජු පළාතේ ගැහැණු ළමයෙකු දූෂණය කොට මරා දමා ඇගේ සිරුර එහි ඇලකට විසිකොට තිබීම ප්‍රධාන පෙලේ මාධ්‍ය හිතාමතාම මඟහරින ලද සිදුවීමක් විය. එය එහි ප්‍රධාන ආරක්ෂණ නිලධාරියෙකුගේ පවුලට සම්බන්ධ අයවලුන් විසින් සිදුකළ එකක් වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණ වලට ඔවුන්ගෙන් දැඩි බලපෑම් එල්ල විය. අවසානයේදී පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවෙන් කියවුනේ ඇය අදාළ ඇලට පැනීම හෝ වැටීම නිසා මරණය සිදුවී ඇති බවයි. චීනයේ මෙවැනි සිදුවීම් ගණනාවක් සෑම දිනකම පාහේ සිදුවන බව අදාළ වාර්තා චිත්‍රපටය ලබා දෙන පණිවිඩය වේ.

අදාළ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක්‌ වන ඔහු, තාක්ෂණික ඉංජිනේරුවෙකු ලෙස ඉගෙන ගත් අයෙකි. ආදායම් මාර්ගය ලෙස එළවලු විකිණීම තෝරාගන්නා ඔහු ප්‍රදේශයේ සෑම මාර්ගයක් ඔස්සේම ගොස් එළවලු විකුණනු ලැබුවේය. ඒ අතර ඔහුට තාකෂණය ගැන තිබු දැනුම මෙන්ම කැමැත්ත මඟින් ජොව් ෂුගුආන් චීනයේ ප්‍රධාන මාධ්‍ය මඟින් හිතා මතාම මඟහරින පුවත් ප්‍රසිද්ධ කිරීමට පටන් ගත්තේය. තාමාට තිබු තාක්ෂණික ඥානය මඟින් චීන ආණ්ඩුව තාමාගේ වෙබ්, බ්ලොග් අඩවියට සිදුකරන බලපෑම් මඟ හරවා ගැනීමට ඔහු සමත් විය.

චිත්‍රපටය බලා දින දෙකකට පසු, ඔහු සමඟ දීර්ඝව කතා බහ කිරීමට මට අවස්ථාව ලැබුණි. ඔහුට බොහෝ දෑ කතා කිරීමට වුවමනාව තිබු අතර ඔහු තම කටයුතු වලින් දැඩි ලෙස තෘප්තිමත් වන අයෙකු බව මනාව හඳුනා ගත හැකිය.

‘‘පිටත ඇතැම් මිනිසුන් කතා කරන තරම් චීන ආණ්ඩුව හොඳ එකක් නෙමෙයි, චීන කොමුනිස්ට් පක්ෂය රටේ හැම දෙයක්ම මර්ධනය කිරීම එහි දේශපාලන න්‍යායයි,”
ඔහු තම කතාව ආරම්භ කළේ එලෙසය. ‘‘කිසිම විරෝධයකට ඉඩක් නැති, සිදුවෙන ඇත්ත නිදහසේ ප්‍රසිද්ධ කිරීමට නැති, වටපිටාවක ජීවත් වෙන අපි, ඊට ‘‘නිදහස” යයි අර්ථ ගන්වමින් එය පිළිගැනීමට යයි ඔවුහු බලකරනු ලබනවා”, ජොව් සඳහන් කළේය. ‘‘එසේ නොකරන අයට ඇති එකම විසඳුම සිරගත කිරීමට පෙර පැනයෑම පමණයි.” ඔහු වැඩිදුරටත් කිව්වේය.

චීනයේ හුන්නාන් පළාතේ උපත ලැබූ ඔහු, 2004 වසරේ සිට බ්ලොග් කරුවෙකු ලෙස තම අදහස් ප්‍රසිද්ධ කිරීමට පටන් ගත්තේය. අපි අතර කතාබහ ආරම්භ වූ අවස්ථාවේදී ඔහු තම විකිපීඩියා පිටුව විවෘත කොට යමක් පෙන්වීමට උතසහ කළද යමෙකු විසින් ඊට ඇතුළු වී ඔහුගේ සෙයාරූ ඉවත් කොට තිබුණි. ‘‘හපොයි..‘‘ ඔහුන් මගේ ඡායාරූපය මකා දමලා…” ඔහු සඳහන් කළේය. වරක් චීන ආණ්ඩුව තම ලිපි අන්තර්ජාලයෙන් ඉවත් කළද ඉන් පසු ඔහු අදාළ ලිපි වලට ඇතුළු මකා දැමිය නොහැකි වන පරිදි අවශ්‍ය ක්‍රමෝපායන් භාවිතා කළේය.

ඉන් පසු චීන ආණ්ඩුවට අදාළ ලේඛන අන්තර්ජාලයෙන් මකා දැමීමට නොහැකි වූ බව සඳහන් කරන හෙතම, ‘‘එය කොමුනිස්ට් පක්ෂය තමා කෙරෙහි බරපතල අවදානයක් යොමු කිරීමටද” හේතුවක් වූ බව සඳහන් කළේය.

අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස සහ රටේ ප්‍රධාන පෙලේ මාධ්‍ය හැසිරෙන ආකාරය ගැන කතා කළ හෙතම, ර්‍‘‘බොහෝ දෙනෙක් සාමාන්‍ය මිනිසුන්ට වෙන දේවල් නොවැදගත් ලෙස සැලකීමට උත්සහ කරන බවත්, බොහෝ අනතුරු කොමුනිස්ට් පක්ෂයේ ප්‍රතිරූපයට හානී වෙයි යැයි බියෙන් වාර්තා නොකරන බවත්,” සඳහන් කළේය.

සැබවින්ම අපි දෙදෙනා අතර කතාබහ සිදුවෙන අවස්ථාවේදී ද ඔහු පසුගිය දෙසැම්බර 22 වැනිදා කාබන් පතලක සිදුවූ අනතුරක් පිළිබඳව සඳහන් කරමින් කියා සිටියේ අදාළ සිදුවීමේදී මියගිය පිරිස් ගැන වාර්තා කිරීම දැඩි බලපෑමකින් නවත්වා හොර රහසේම අදාළ සිරිරු ආදාහනය කොට තිබේ. මේ ආකාරයෙන් සිදු කරන අකටයුතුකම් රැසක් පවතින බව ඔහු ප්‍රකාශ කළේය.

චීනයේ ආර්ථික වර්ධනය ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ කොමුනිස්ට් පක්ෂය කේන්ද්‍රකරගත් ආර්ථිකයක් මිස ඉන් ග්‍රාමීය මට්ටමේ සිටින කිසිවෙකුට සහනයක් නොලැබෙන බවයි. එමනිසා රටේ දුප්පත් පොහොසත් පරතරය වැඩිවී ඇති බව හෙතම සඳහන් කළේය.

2

රටේ ඇතිවන දුෂණ වලක්වා ගැනීම සඳහා චීන කොමුනිස්ට් පක්ෂය කටයුතු කරන බව එරට පලවෙන බොහොමයක් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනු ලබයි. එසේම ජනාධිපතිවරයාගේ සිට ඉහළ පෙළේ සිටින බොහෝ දෙනෙක් වංචා සහ දුෂණ වලක්වා ලීම සඳහා කතා කරනු ලබයි. සැබවින්ම මෙය පිට සිට බලන ඕනෑම අයෙකුට සිත් ඇද ගන්නා කාරණයකි. එහෙත් චීනයේ ජීවත් වෙන අයට එය තවත් එක් දේශපාලන කපටිකමක් පමණක් බව ජොව් ෂුගුආන්ගේ අදහසයි.

‘‘වංචා සහ දූෂණ වලට එරෙහිව කොමියුනිස්ට් පක්ෂය කටයුතු කරන බව ප්‍රධාන පෙලේ මාධ්‍ය මඟින් හුවා දක්වනවා තමයි, නමුත් ඒ හැම එකකදීම සිදු වුනේ කොමුයුනිස්ට් පක්ෂය තමන්ගේ ඉලක්ක වූ පුද්ගලයන් හොර රහසේ අල්ලාගෙන ගොස් හොරෙන් සිදුකරන පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස අදාළ පුද්ගලයාට දඬුවම් දීමයි. සාමාන්‍ය මිනිසුන් ඒ කිසිවක් දන්නේ නැහැ. ඉතින් කොමුනිස්ට් පක්ෂයේ දේශපාලන උපායන් සහ පසුගිය කාලයේ හැසිරුණ ආකාරය ගැන සැලකීමේදී මෙවැනි දෑ එනම් ‘‘දුෂණයට එරෙහි පරීක්ෂණ” ගැන විශ්වාසය තැබීම දෙවරක් නොව කිහිපවරක්ම සිතිය යුතු කාරණයක්,”
ඔහු සඳහන් කළේය.

චීනයේ ජන ජීවිතය අලලා සකස් කළ අදාළ වාර්තාමය චිත්‍රපටය නැරඹීමෙන් එරට පවතින සැබෑ ගැටලූ ගැන අවබෝධයක් ලබාගත හැකිය.

හයි ටෙක් ලෝ ලයිෆ් චිත්‍රපටයේ නිල වෙබ් අඩවිය : www.hightechlowlifefilm.com

indexනිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa