Image Credit : reuters | More Photos : reuters

ඉතාම අස්වාභාවික ලෙස මුඛය සහ මුලින්ම ඇර‍ තිබිය දී වළ දමන ලද අයෙකුගේ හිස් කබලක් පසුගිය බ්‍රහස්පතින්දා මන්නාරම සමූහ මිනී වළෙන් හමු වී තිබේ. මෙවැනි ඉරියව්වකින් කෙනෙකු වැළලෙන්නේ එක්කෝ ඝාතකයින් විසින් උවමනාවෙන්ම කළ දරුණු වධ හිංසා නිසා මුඛය වසා ගැනීමට බැරිව මිය ගිය නිසා හෝ විය හැකි යැයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට ‍මෙම සමූහ මිනි වළෙන් පුද්ගලයින් 36 දෙනෙකුගේ අස්ථි කොටස් හමු වී තිබේ. මෙසේ වළ දමන ලද බොහෝ පුද්ගලයින් ඝාතනය කර ඇත්තේ සිටුවා පස් ගසා ඇති පරිදි කෙලින් අතට ය.

මෙයට පෙර මාතලෙන් දී හමු වු සමූහ මිනි වළෙහි තිබූ සිරුරුද ඉතා අස්වාභාවික ඉරියව් වලින් වළ දමා තිබූණි. එම පරීක්ෂණයට වූ දෙයක් තවම නැත.

මෙම සිරුරු ‍හමුදාව විසින් මරා දමන ලද දෙමළ ජනයාගේ යැයි දෙමළ දේශපාලන පිරිස් ප්‍රකාශ කරන අතර, ඒවා ඒලටීටීඊ ය විසින් ඝාතනය කරන ලද හමුදා හෝ දෙමළ ජනයාගේ සිරුරු විය හැකි යැයි ආණ්ඩුවට සම්බන්ධ පිරිස් ප්‍රකාශ කරති.

මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවයට අදහස් දක්වන හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ප්‍රධානියකු කියා ඇත්තේ ‘සත්‍ය කුමක්දැයි දැන ගැනීම පිණිස පාරදෘශ්‍ය පරීක්ෂනයට ඉඩ සැළසීම ආණ්ඩුවේ වගකිම‘ බවයි.[සටහන උපුටා ගැනීම-යුක්තිය]

s1.reutersmedia.net

s1.reutersmedia.net e

s1.reutersmedia.net c