වැලිකඩ මැගසින් බන්ධනාගාරය තුළ 2012 නොවැම්බරයේ සිදු කළ වෙඩි තැබීමෙන් රැදවියන් 27 දෙනෙක් ඝාතනය වී විශාල පිරිසක් තුවාල ලැබූ අතර ඒ පිළිබදව සොයා බැලීමට පත් කල කොමිසමේ වාර්තාව මේ වන විට එලි දක්වා ඇති බව මාධ්‍ය වාර්තා කළේ මීට දින කිහිපයකට පෙරය. එම ප්‍රසිද්ධ කර ඇති මාධ්‍ය වාර්තාවලට අනුව බන්ධනාගාරය තුළ සිටි රැදවියන් ඝාතනය වූයේ තමන් විසින්ම වෙඩි තබා ගැනීමෙන් බව පැවසේයි. කෙසේ නමුත් එම සිදුවීම වූ දිනයේ ඒ බන්ධනාගාරය අසල සිටි ජනමාධ්‍යවේදීන් සහ අනිකුත් ජනතාව ‘සත්‍ය ලෙසම සිදු වූ දෙය‘ සියැසින්ම දුටුවේ ය. එසේම ඝාතනය කරන ලද ඇතැම් රැදවියන්ගේ සිරැරැ වැටී තිබුණේ එක පෙලට බව එවකට නිකුත් වූ ඡායරෑප වලින් පැහැදිලි විය. කෙසේ නමුත් එම ඝාතනය පිළිබදව පත් කරන ලද කොමිසමේ වාර්තාව එළි දක්වා ඇති තත්ත්වයක් තුළ දී එම කොමිසමේ වාර්තාවත්, එම වර්තාවේ ඇතැයි පැවසෙන ආන්දෝලනාත්මක කරැණුත් මෙන්ම ලංකාවේ මෙතෙක් පත්කල එවැනි පරීක්ෂණ කොමිසම් වල වර්ථාත් පිලිබදව, ජ්‍යේෂඨ නීතිඥයෙක්, මානව හිමිකම් ක්‍රියාධරයෙක් මෙන්ම ලේඛකයෙක් ද වන එස්. ජී. පුංචිහේවා මහතා, ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක් විය.

නීතිඥ එස්. ජී. පුංචිහේවා
නීතිඥ එස්. ජී. පුංචිහේවා

‘‘කොමිසමක් පිහිටුවන්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරැ කිරීම සදහා. ඒ කියන්නේ තමන් පක්ෂපාත නෑ නමුත්, අපක්ෂපාතව මේ කරැණු සොයා බලන්න, සුදුසු මණ්ඩලයක් පත් කරලා ඒ අයගෙ වාර්තා බලලා කාරණයට විසදුමක් දීම සදහා. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදී පදනම. ඒකටයි කොමිසමක් පිහිටු වන්නේ. මේ කොමිසම් වර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි කොමිසම කරැණු පමණයි ඉදිරිපත් කරන්නේ, ඒක විභාග කරලා දඩුවම් දෙන්න බැහැ. අනිත් එක ජනාධිපතිවරයාට පුලුවන් දඩුවම් දෙන්න පුලුවන් බලතල ඇති කොමිසමක් පත් කරන්න. එහෙම එකක් තමයි ජේ.ආර් ජයවර්ධන පත් කරේ මැතිණියට එරෙහිව. එයාගේ ප්‍රජා අයිතියත් අහෝසි කරලා දඩුවම් ඔක්කොම කොමිසමෙන් නියම කරා. ඒක කොමිසමට කියලා හදවන්නත් පුලුවන්. කොහොම උනත් ඒ කොමිසම් වල එන තොරතුරැ ඊට පස්සේ සගවාගෙන ඉන්නවා එළියට දාන්නේ නැතුව. එතකොට ලංකාවේ කොමිසම් කියන්නේ, එක්කො තමන්ගේ වරද හංග ගන්න කොමිසමක්, එක්කෝ තමන්ගේ වරද කල් දාගන්න, ඒක හෙළිදරව් වීම ක්‍රමයෙන් අමතක කරලා දාන්න පවත්ව ගන්නා කොමිසමක්. ඔය ස්වාභාවයේ කොමිසම් තමයි මෙතෙක් ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ස්වරෑපයේ කොමිසම් නෙවෙයි.‘‘

පහත දැක්වෙන්නේ විකල්ප වෙබ් අඩවියේ සම්පත් සමරකොන්, නිතිඥ එස්. ජී. පුංචිහේවා මහතා සමග සිදුකරන ලද සාකච්ඡාවේ වීඩියෝ සටහනයි.