Poems

රිදවිය හැකිද මෙතරම්

නිමිත්ත: සිරියන් දරුවෙක් තම මිය ගිය දෙමව්පියන්ගේ සොහොන් දෙක අතර නිදා සිටි ඡායාරූපය

unnamed

මිනිස්කම සියුම් කර පෙන්නන්න පුළුවන්

ඇස් දෙකක් බලා ගෙන බොඳ වෙන්න පුළුවන්

හදවතක් දරාගෙන කකියන්න පුළුවන්

මිනිහෙකුට රිදවන්න මේ තරම් පුළුවන්

|

ඇස් පියන ලෝකයට පිළිතුරක් නැති නම්

වෙන කුමක් කරන්නද යුද්ධය මේක නම්

මළ කඳක් තනිකමට හව්හරන පතයි නම්

කතාවෙන් පලක් වෙද වදාරන මිනිස්කම්

|

තැනින් තැන සළකුණුය හිත පුරා හාරන

බරින් බර හදවතට දරන්නට බැරිවෙන

ලෝකයක් පටු වෙවී කාචයට ලංවෙන

යුද්ධයක සිතුවම සොඳුරු නැත කිසිතැන

|

කරන්නනට දෙයක් නැති ක්ෂතියකින් තනිවෙන

කියන්නට කෙනෙක් නැති මිනිසුන්ය අපි හැම

බලන්නට ඇස් දුන්න මිනිසුන්ය වාවන

දරාගනු නිසාවෙනි වමාරන මේ වචන

මෙල්ස් මාකැස්චේ | Mels Macasche