උතුරු පළාත් සභාවට නාම යෝජනා කැදවන අවස්ථාවේ සිට දකුණේ ජාතිවාදී පෙරමුණු මෙන්ම උතුරේ ආරක්ෂක අංශ කැළඹුණු සළකුණු අතර ප්‍රධාන සළකුණක් විය. එනම් උතුරු පළාත් සභාවේ මැතිවරණයට, දෙමළ ජාතික සංධානයෙන් ඉදිරිපත්වන ආනන්දි සෂිධරන් පිළිබදවය. ඉන්පසු මැතිවරණ කාලයේදී දකුණේ ඇතැම් මාධ්‍ය ද උතුරේ ආරක්ෂක අංශ ද ඇයට හැකි තරම් අවලා ද, තර්ජනයන්, බිය ගැන්වීම් වලින් නොමසරැව සංග්‍රහ කල අතර මැතිවරණයට පෙර දින රාත්‍රියේ ඇයගේ කාර්යාලයකට කඩා වැදුනු ආයුද සන්නද්ධ පිරිසක් එහි සිටි ඇයගේ ආධාරකරැවන්ට පහරදී, කාර්යාලයට ද අලාභානි කරමින් පළා ගියේ ය. නමුත් මැතිවරණය අවසන් වූයේ ආනන්දි සෂිදරන් උතුරු පළාතෙන් ඉතා ඉහළ මනාප ප්‍රමාණයක් ලබා ගනිමින්ය. ඒ උතුරේ වත්මන් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්ට පමණක් දෙවැනි වෙමින් ය. ආනන්දි, එල්ටීටීඊ සංවිධානයේ, ත්‍රිකුණාමල පළාතේ දේශපාලන අංශයේ නායකයෙක් වූ එළිලන්ගේ බිරිදය. එපමණක් ද නොවේ වත්මන් උතුරු පළාත් සභාව නියෝජනය මංත්‍රීවරැන් අතර එකම කාන්තාව වන්නේ ද ඇයයි.

ආනන්දි සෂීධරන්
ආනන්දි සෂීධරන්

මැතිවරණයෙන් පසුව ද පළාත් සභා මංත්‍රිවරියක් ලෙස ඇය ආරක්ෂක අංශවල දැඩි දෝෂ දර්ශනයන්ට ලක් වූයේ අන් කිසිවක් නිසා නොව, අතුරැදහන් කරන ලද මිනිසුන් වෙනුවෙන් සහ විශේෂයෙන් යුද්ධයේ අවසන් අදියරේදී රජයේ ආරක්ෂක අංශවලට බාරදුන් සිය සමීපතමයින් පිළිබදව සෑම තැන් හී දීම කතාකරමින්, ඒ වෙනුවෙන් පෙනී සිටි නිසාවෙනි. එය වරදක් සේ දුටු සහජීවනය ඇතිකරනවා යැයි කියන උතුරේ හමුදා පාලනය විසින් ඇයව ‘පුනරැත්තාපනය කල යුතු යැයි‘ ද වරෙක පවසා සිටියේ ය. ඉන් පසු ඇයට මරණිය තර්ජනයන් සහ අනියම් ලෙස බලපෑම් එල්ල වූ බව ද වාර්තා වූ අතර එහිදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පාර්ලිමේන්තු මංත්‍රීවරයා වරෙක පවසා සිටියේ ‘‘ආනන්දිගේ ජීවිතයට කරදරයක් වුවහොත් ආරක්ෂක අංශ වගකිව යුතුයි.‘‘ යනුවෙනි. කෙසේ නමුත් මේ සියලු දෑ සිදුවෙමින් තිබිය දී ලබන මාර්තු මස ජීනිවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් සදහා ආනන්දිව ජීනිවා යැවීමට උතුරැ පළාත් සභාව ගත් තීරණයත් සමග තත්ත්වය තවත් උණුණුසුම් විය. එතෙක් ආනන්දි සෂිධරන් පළාත් සභා මංත්‍රීවරියට විවිධ තර්ජනයන් සිදු කරමින් සිටි පාර්ශවයන් හට ගැරඩින්ට භූමිතෙල් ගැවුනාක් මෙන් විය.

තත්ත්වය එසේ වන විට ආනන්දි සශීධරන් කියා සිටියේ තමන් ජීනිවා නොයන බවත්, එසේ නොයන්නේ, තමන්ගේ ජීවිතාරක්ෂාව පිළිබදව සිතා බවත් ඇය පවසා සිටියා ය. නමුත් එම තත්ත්වය ද වඩාත් උණුසුම් වූයේ පසුගිය 12දා බීබීසී ය විසින් උතුරැ පළාත් සභාවේ ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන් උපුටා දක්වමින් ප්‍රකාශ කර සිටි පුවතක් සමගිනි. ‘‘ලබන මාසයේ ජිනීවා නුවරදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට ආනන්දී සසිධරන් උතුරු පළාත් සභා මන්ත්‍රීවරිය සහභාගි කර වීමට තීරණය කළ බව පළාතේ මහ ඇමතිවරයා ප්‍රකාශ කරයි.‘‘ යනුවෙන් වූ එම පුවතින් පසුව(ඊයේ බීබීසී ය වාර්තා කළේ ජීනීවා ගොස් සිටි ආනන්දි නැවත ලංකාවට පැමීණ ඇති බවයි.)

පසුගිය 12වනදා බීබීසී පුවත උපුටා ගනිමින් ලංකා සී නිව්ස් වෙබ් අඩවිය අපූරැ සිරස්තලයක් සමග එම පුවත නැවත පළ කර සියේ ‘‘මං ජිනීවා යන්නෙ නෑ.. ඒත් කොටි එලිලන්ගේ පවුල යවනවා..‘‘ යනුවෙනි.

CNEWS and KOTI 600
(මේ එම පුවතේ ස්ක්‍රීන් පිටපතයි)

දැන් මෙම සිරස්තලයේ අති ‘‘ඒත් කොටි එලිලන්ගේ පවුලයවනවා‘‘ යන කොටස බිබීසී වාර්තාවේ කොතනකවත් නැත. නමුත් සී නිව්ස් බළධාරින්ට ‘කොටි‘ කතාව නැතිව එය ලිවීමෙන් ඒ තරම් වටිනා දෙයක් අත්නොවන බවක් පෙනෙන්නට තිබේ. එසේම ආනන්දි සෂීධරන්, හිටපු එල්ටීටීඊ නායකයෙක් වූ එලිලන්ගේ බිරිද බව මේ පිළිබදව විමසිල්ලෙන් සිටින සියලු දෙනා දන්නා කරැණකි. එසේම ආනන්දි ත් පවසන්නේ එලිලන් තමන්ගේ ස්වාමියා බවත්, ඔහුත් යුද්ධය අවසන් අදියරේදී ආරක්ෂක අංශවලට තමන් ඉදිරියේ දී බාර වූවත් ඔහුත් ඇතුළු එසේ බාර වු කිසිවෙක් පිලිබදව කිසිදු තොරතුරක් තවමත් නැති බවය. (විශේෂයි.මෙවැනි පුවත් සිරස්තල දමන බොහෝ මාධ්‍ය, රජයේ ඇමතිවරයෙක් වන හිටපු එල්ටීටීඊ නායකයෙක් වූ, කරැණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් ඇමතිවරයා පිලිබදව මෙම ‘විශේෂනය‘ යොදන්නේ නැති අතර ඒ වෙනුවට සිදු කරන්නේ ඔහුට ‘සැලූට්‘ කිරීම පමණි.) නමුත් ආනන්දි සෂීධරන්ට පහර ගැසීමත්, කරැණාට සැලූට් කිරීමත් අතර විශේෂ වෙනසක් ඔවුන් විසින් සළකුණු කරගෙන තිබේ. ආනන්දී තමවමත් වෙහෙසෙන්නේ තමන්ගේ සමීපතමයින්ට යුක්තිය ලබා ගැනීමටය. ඔවුන්ට කුමක් වූවා දැයි සොයා ගැනීමටය. එය රාජපක්ෂ මහත්වරැන්ගේ සංහිදියාවට අදාල නැති සේයකි. නමුත් කරැණා අම්මාන් දැන්, දුමින්ද සිල්වා වැනි සියල්ල අමතක, රාජපක්ෂ සුරතලයෙක් නිසා ඔහුට සෑලුට් වදින්නේ ඒ නිසාය. ඒ සංහිදියාවේ තවත් පැතිකඩකි.

නමුත් සියලු දෑ එසේ තිබියදී එලිලන් සහ කොටි පිළිබදව මේ අය නැවත නැවතත් වමාරන්නේ ඇයි.?

ප්‍රධාන කරැණු කිහිපය අතුරින් එකක් නම්, 2009 මැයි මස, මුල්ලිවෛක්කාල් වලින් ප්‍රභාකරන් ඇතුලු එල්ටීටීඊ හෙවත් කොටි සංවිධානය මිලිටරි ලෙස පරාජය කළ මුත් මෙම වෙබ් අඩවි සහ ඒවා මෙහෙයවන වංශවත් ඇමතිලා අැතුලු පිරිස්වලට තවමත් ප්‍රභාකරන් ඇතුලු එල්ටීටීඊ ය අමතක කර තමන්ගේ ජාතිවාදී ව්‍යාපෘතිය සිංහල ජනයා මතින් ඉදිරියට ගෙන යා නොහැකිය. එය කෙසේ ද යත්, තමන්ගේ ප්‍රභල සතුරා පිළිබද ව වූ මෘග සිහිනය දකුණේ සිංහල ජනයාගේ ඔලුවලට ඔබ්බවා තමන් විශාල වශයෙන් මානසික සහනයක් මෙන්ම කායික වින්දනයක් ලැබූ සහ තවමත් ලබමින් සිටින බැවිනි. නමුත් ඒ ප්‍රභල සතුරා කිසියම් ලෙසකින් දකුණේ සිංහල ජනයා අමතක කර දැමුව හොත් තමන් විසින් වසර ගණනාවක් හදා වඩා ගත් තමන්ගේ ජාතිවාදි දරැවාත් සමග දෙමළාගේ රැධිරයෙන් තැනූ මාළිගා බිමට සමතලා වන බව මේ අය හොදින්ම දනී. එබැවින් සෑම විටම සතුරා මරා දමුවත් ‘සතුරා‘ පිලිබදව ගොඩනගන ලද ප්‍රතිරෑපය මරා දැමීමට ඉඩ දීම මේ මහත්වරැන්ගේ ජාතිවාදී ව්‍යපෘතියේ අවසානය බව ඔවුන් හොදින් දන්නේ ය. එබැවින් කොටි, එලිලන්, ප්‍රභාකරන්, ආනන්දී ඇතුලු ‘නම්‘ වත් භාවිතා කරමින් එය සක්‍රීයව පවත්වා ගැනීමට සී නිව්ස් වැනි මාධ්‍ය ද එයට සම්බන්ධ ඇමතිවරැ සහ වත්මන් පාලනයේ බොහෝ උදවිය ද මාරාන්තික උත්සාහයක යෙදෙයි. ඇත්තටම කිව්වොත් මෙය ලෙඩකි.

තමන් විසින් කරනු ලැබූ අපරාධය, ව්‍යසනය තුළින්, නරැමසතුටක් ලබමින් ස්වයංවින්දනමය තත්ත්වයකට තමනුත් පත්වෙමින්, අනෙකාත් එයට හවුල් කර ගැනීමට දරනු ලබන උත්සහයකි. එම මුග්ධ වින්දනමය තත්ත්වය නොකැඩී පවත්වාගෙන යාම සදහා වෙබ් අඩවි, සංහාරික යුද්ධය වීර කාව්‍යව් ලෙසින් පිංතාරැ කරන චිත්‍රපට, එවැනි ආකාරයේ පිටු සිය ගනන් වලින් යුත් පොත් ද දකුණේ සමාජය වෙත මුදාහරිනු ලබයි. එසේම යුද සංචාරක කර්මාන්තය ලෙස නම් කරමින් දහස් ගණන් මිනිසුන් මිය ගිය තැන්වලට අනෙක් මිනිසුන් රැගෙන ගොස් අපරාධයන්ගෙන්, ඛේදවාචකයන්ගෙන් සතුටු වීමට ඉඩහසර සැළැස්වීමේ ‘අමාණුෂික වින්දනයන්‘ සදහා සමාජය තල්ලු කිරීම ද සංචාරක කර්මාන්තය ලෙසින් සිදුකරයි. එසේ දකුණේ ගොඩනගන ලද ජාතිවාදී, ආගම්වාදී, යුදමය මනෝබාවයන් දිගින් දිගටම පවත්වා ගෙන යාමට බොහෝ මාධ්‍යන් භාවිතා කරමින් උත්සහ දරයි. එය අද දවසේ පාසල්වල ගුරැවරැන්ට හමුදා පුහුණුව, විශ්ව විද්‍යාලවලට ඇතුලුවන නවක සිසුන් සදහා හමුදා පුහුණුව, දකුණ ලස්සන කිරීමේ වැඩසටහන් සදහා හමුදාව, වෙළදාමට හමුදාව යෙදවීම දක්වාම ඉතා ප්‍රභල අන්දමින් දියත් කරමින් තිබේ. එය අනෙක් පසින් දකුණේ සමාජය තුළ මේ වන විට මුදා හැර තිබෙන ප්‍රජාතන්ත්‍රවිරෝධි තත්ත්වයන් නිසා ඇතිවිය හැකි ජනනැගිටීම් පාලනය කර ගැනීම සදහා හොදම ක්‍රමයක් යැයි පාලකයින් කල්පනා කරන බවක් පෙනෙන්නට තිබේ. එය විශේෂයෙන් තමන්ගේ සහෝදර ජනතාවගේ දේශපාලන ප්‍රශ්නය විසදීම සදහා දසදහස් ගණනින් මිනිසුන් මරා දැමීමට බිය නොවන ඕනෑම පාලකයෙක් එම සංහාරයෙන් පසු තමන්ගේ රාජ්‍ය තුළ වපුරන ව්‍යාපෘතියක එක් කොටසකි.

එබැවින් ලංකාවේ ව්‍යවස්ථාව ඇතුලු රාජ්‍ය ක්‍රමයත් හෝ එවන් දේශපාලනික තත්ත්වයන්, ප්‍රධාන ගැටලුවල කේන්ද්‍රය බවට හදුනා නොගත් දකුණේ පාලකයින් අතුලු ජාතිවාදීන් විසින්, එල්ටීටීඊ සංවිධානය ඇතුලු දෙමළ දේශපාලන ව්‍යාපාර තමන්ගේ ප්‍රධාන සතුරා ලෙස හදුනාගෙන ඒවා මිලිටරිමය ලෙස අවසන් කලත් ‘සත්‍ය ගැටලුව‘ තවමත් අවසන් වී නැති බව මෙම භාවිතාවන්ගෙන් නැවතත් ප්‍රත්‍යක්ෂ කරමින් තිබේ. කවදා හෝ එවන් දේශපාලනික තත්ත්වයන් තාර්කිකව අවබෝධ කර ගන්නා තෙක් ජාතිවාදීන් තමන් හදුනාගත් ප්‍රධාන සතුරා හෙවත් කොටියා පිළිබදව ඇති සිය වර්ගවාදී මනෝබාවයන් තුළ, ඝාතනය කල කොටියාත්, ජීවත්වන කොටින්ගේ යැයි කියන සමීපතමයිනුත් මේ වර්ගවාදීන්ගේ මුග්ධ ව්‍යාපෘතින්ට නැතිවම බැරිය. ඒ නිසා ඔවුන් තව තවත් පීඩාවට පත් කිරීම අත්නොහරින්නේ ය. එම ව්‍යාපෘතින්ට පිවිතුරැ නම් ලෙස ‘සංහිදියාව‘, ‘උගත් පාඩම්‘, ‘උතුරැ වසන්තය‘ ලෙස නම් කරමින් සියලු දේට පිළිතුරැ දුන්නා යැයි මහා බොරැ ඇදබාමින් සිටී. එයින් නොනැවතී එම බොරැ පිවිතුරැ වෙබ්අඩවි වලට ඒවා ඇතුල් කරමින් ජිනීවා වල දී ඒවා එළිදැක්වීමටත්, ඉන් පසු ඉන් ඇතිවේ යැයි කියන ප්‍රථිපලයට පෙර සිටම බටහිරට බැන වදිමින්, පිටුපස දොරෙන් ගොස් ඔවුන් සමග එකට ඡායාරෑප ගනිමින් අදත්, හෙටත් දකුණේ ජනයා රැවටීමත් සිදු කරනු ලබන්නේ ‘විජයග්‍රහණය‘, ‘දිනා ගත් නිදහස‘ ආදී ඊනියා මතවාදයන් සෑම විටකදීම මතුරමින් ය. ඉන් නොනැවතී ජාත්‍යන්තර සමාජය කෙසේ හෝ රවටමින් ඔවුන් සමග අත්වැල් බැද ගනිමින් සිය ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනය දිගටම ගෙන යාමට පාලකයින් නොගන්නා උත්සහයක් නැත.

එහිදී රටේ ඉහළම තැන සිට පහළම තැන දක්වා රටකරවනවා යැයි කියන මහත්වරැන්ට, හම්බන්තොට දී මෙන්ම ජීනිවා වල දීත් ‘කොටි‘ යන ‘වචනයවත්‘ නැතිවම බැරි සේයකි.!