ඉන්ධන මිළ අඩුකරන ලෙස ඉල්ලා හලාවත ධීවරයන් විසින් 2012 පෙබරවාරි මස 15 වැනි දින හලාවත නගරයේදී පවත්වන ලද විරෝධතාවයට පොලීසිය එල්ල කරන ලද වෙඩි පහරින් හලාවත එගොඩවැල්ලේ විසූ 36 හැවිරිදි ධීවර කාර්මිකයකු වූ හලාවත එගොඩවත්තේ, වර්ණකුලසූරිය ඇන්ටනි ප්‍රනාන්දු ඝාතනය වූ අතර ඇන්ටනී සහ ඝාතනය කළ අනිකුත් සහෝදර කම්කරැවන් සමරා සැමරැම් වැඩසටහනක් සහ සාමකාමී විරොධයක් ඊයේ(15) හලාවත දී පැවැත් වීය. ධිවර සංවිධාන සහ ප්‍රදේශයේ ජනතාව එක්ව සංවිධානය කල එම සැමරැම ට හැදුනුම් පත් සහිත නිළ මැරයින් පැමිණිමත් සමග උණසුම් තත්ත්වයක් හට ගත්තේ ය.

පොලීසියේ ‘විනය‘ සහ චණ්ඩිකම්
Screen Shot 2014-02-16 at 12.54.46 PM(2014)

කෙසේ නමුත් පසුගිය වසරේ(2013) දී ද හලාවත පොලීසිය අධිකරන නියෝගයක් ලබා ගෙන මෙම විරෝධය වැලැක් වූ අතර ඊයේ ද පොලීසිය විසින් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට උත්සහ දරා තිබූ නමුත් අධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා විය.

පසුගිය වසරේ වාරණ නියෝගය පොලිසිය විසින් කියැවීම සහ එදා ද පොලීසියේ භාවිතාව ගැන බලන්න මෙම වීඩියෝව සහ සටහන,

2013
2013

පිවිසෙන්න, (‘‘කන්නමයි හදන්නේ’’ ගොරහැඩි සිනහවකින් යුතුව, හලාවත පොලීසියේ ප‍්‍රධාන නිළධාරියෙකු මදෙස බලා කීවේ ය. ඒ පසුගිය 15වනදා හලාවත නගර මධ්‍යයේ පැවති විරෝධතාවයක් මැඩ පැවත්වීමට ලබාගත් අධිකරණ නියෝගයක් අතැතිවය.) | 2013

කෙසේ නමුත් මහජනතාවට සාමකාමීව විරෝධය දැක්වීමට ඇති අයිතියත්, මිය ගියවුන් සිහි කිරීමේ අයිතියත් මෙසේ රාජපක්ෂ ආණ්ඩුවේ පොලීසිය විසින් අධිකරණයෙන් නැතිනම්, සිය ප්‍රචණ්ඩකම් ඔස්සේ ද වලක්වා ලීමට ගත් උත්සහය; ඊයේ නැවතවරක් හලාවත දී දිස් වූයේ එළෙසය. එසේම හැදුනුම්පත් සහිත නිළ මැරයින් සමග පොළිසියේ ඇති දෘඩ සබදතාවය ද රෑපමය සාක්ෂිත් සමග නැවත වරක් හෙළිදරව් වූයේ ගිරිය කඩාගෙන කෑ ගසන රාජපක්ෂ ආණ්ඩුවේ යහපාලනයේ නිරැවත ද සමගය.