Poems

විප්ලවවාදියෙකුට වලංගුද

ආත්මාර්ථය පැමිණ
කරවටම යටකර
හිස මුදුනටම පැමිණි කල
විප්ලවාදියෙකුට හැකි වේ නිහඬ වීමට

නිහඬ බවෙහි ගිලෙමින්
මළ මිණියක් ලෙස
තමා කළ දේ
හෘද සාක්ෂියකින් තොරව
විවරණයකට නොපැමිණ
නිහඬව මිය යා හැකිද
අවිචාරවත් බැතිමත්
යථාවාදී තථාකාරී නොවන
ළදරුවන්
පරණ තැටියකින්
යළි උපදවන්නට
ගුණ ගයන
වෙන වයන
අනුගාමික පූජා දෙස
හොරෙන් එබිකම් පාමින්
සතුටු වෙන
කාලකණ්නිකම තරම්
ආත්මාර්ථයක් විප්ලවවාදියෙකුට තිබිය හැකිද

මිනිසුන් සමාජය
අධම යැයි කියමින්
අත්පිස ගන්නට
විප්ලවවාදියෙකුට වලංගුද

රත්තරං පත්ඉරුවලට
නම් ලැබෙන්නට
හිසට කිරුලු මිණි
අහංකාරය පැළඳගන්නට
නිවැරදිම දේ
නිවරදිම මිනිසා කියා
නිහඬ වන්නට
විප්ලවවාදියෙකුට වලංගුද

ගස්නැති කැලෑවල
ගස්වේ එඬරුගස්
මිනිසුන් නොමැති බිම් පළසක
මිනිසෙක්ව කම්මලක තියා
කුළු ගෙඩියෙන් තලන
අලුත් ලේබලයකින්
බෞතිස්ම කරන
අරගල මර්ධන
වෙළෙඳපලට පටවන
පටවා ස්වං වින්දන මිලක් හොයන
මිය ගිය භාණ්ඩයට යළි පණ දෙන
හැටි බලා සතුටුවෙන
කය පණැති
ළය මිය ගියැති
නිහඬ බවින් ලාභ උපයන්න
විප්ලවවාදියෙකුට වලංගුද
ඒ සතුට තරමට
ආත්මාර්ථයක්
කාලකණ්නිකමක්
නිහඬව සතුටු වෙන විප්ලවවාදියෙකුට තිබිය හැකිද

කටු ගේක
මයින හමකින් තලන
අනුගාමික ස්වං වින්දකයන් දැක
පරණ රිද්මයෙන්ම
මිනිසාට කෙළවන්නට
ඉඩ දීම තරම් නපුරක්
දරාගෙන නිහඬව සතුටු වීමට
විප්වාදියෙකුට වලංගුද

මෙල්ස් මාකැස්චේ | Mels Macasche