[සමූහ මිනී වළෙන් කනත්තට: මන්නාරම් ප‍්‍රකාශ ගැන ප‍්‍රශ්න කිරීම]

මාස කිහිපයකට පෙර මන්නාරමේ දී සොයා ගත් ඇටසැකිලි කොටස් ගැන ආණ්ඩුවේ නිලධාරීන් නොයෙක් පැහැදිලි කිරීම් කර ඇත.

මළ සිරුරු වළ දමා තිබුණේ තට්ටු වශයෙන් බවත් ඇඳුමක හෝ මිනිසා විසින් නිමවූ මෙවලමක කිසිදු සලකුණක් සමූහ මිනී වළෙන් සොයා නොගැනීම ගැන තමන් ”අතිශයින් ම කනස්සල්ලට පත්” (මුල් ලිපියේ මෙසේ සඳහන් විය) වූ බවත් කැණීම අධීක්ෂණය කළ රජයේ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න පැවසී යැයි බීබීසීය ජනවාරි මාසයේ දී වාර්තා කළේ ය. එම ස්ථානයෙන් – කාන්තාවන්, පිරිමින් සහ ළමයින් – 83 දෙනෙකුගේ ඇටසැකිලි කොටස් සොයා ගෙන ඇත. The Republic Square සඳහන් කරන්නේ එය දිගු කලක් තිස්සේ දෙමළ බෙදුම්වාදීන්ගේ පාලනය යටතේ පැවති කාලයේ දී එල්ටීටීඊය සිදු කළ ජන සංහාරයක ප‍්‍රතිඵලයක් යැයි ආණ්ඩුවේ බලධාරීන් මුල දී පැවසූ බවත් මෙම මළ සිරුරු 1930 ගණන්වල දී එම ප‍්‍රදේශයේ ඇති වූ මැලේරියා වසංගතයක ප‍්‍රතිඵලයක් විය හැකි යැයි පොලිස් ප‍්‍රකාශකයෙකු විසින් ද සහතික කොට කියා තිබූ බවත් ය.

මාර්තු වන 9 දා එහි කරමින් තිබූ කැණීම් නවතා දැමිණ. රජයෙන් පාලනය වන පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක රොයිටර් පුවත් සේවයට සැපයූ වාර්තාවක දී ප‍්‍රකාශ කළේ මළ සිරුරු ”ක‍්‍රමානුකූලව වළ දමා” ඇති බැවින් එය සමූහ මිනී වළක් නොවන බව යි.

”මේවා අවුරුදු 50ක් විතර පැරණි යි. ඒක සොහොන් බිමක්. අපේ නිලධාරීන්ට මිනී වළවල්වල කැපුම් ලකුණු හඳුනා ගෙන තේරුම් ගන්නත් පුළුවන්. මේ දක්වා අපි ඇටසැකිලි 83ක් හොයා ගෙන තියෙනවා. හෙට ඉඳන් අපි(කැණීම්) නවත්තනවා,” ඔහු රොයිටර් පුවත් සේවයට පැවසී ය.

මෙම හෙළිදරව්වට රාජ්‍ය මාධ්‍යය තුළ පුළුල් ප‍්‍රචාරයක් ලැබිණ. මාර්තු 10 වන දා ඬේලි නිව්ස් පුවත්පත මුල් පිටුවේ මෙසේ සඳහන් කළේ ය:

”කොමසාරිස්වරයාගේ ප‍්‍රකාශය සිදු වන්නේ සොයා ගැනීමෙන් පසුව නොයෙක් පිරිස් ආණ්ඩුවේ හමුදා දෙසට ඇඟිල්ල දිගු කිරීමට උත්සාහ කිරීමෙන් පසුව යි. සොයා ගත් ස්ථානය සාමාන්‍ය සොහොන් බිමක් විය යුතු බව දැන් තහවුරු කොට ඇත.”

MG1011

මෙම ස්ථානය 1940 සිට 1953 දක්වා කාලයේ පැවති කනත්තක්” යැයි ආචාර්ය දිසානායක පැවසූ බවත් නාමල් කොඩිතුවක්කු සහ ඒ.ඒ. විජේරත්න යන ජ්‍යෙෂ්ඨ පර්යේෂක පුරා විද්‍යාඥයන් ද මෙම ස්ථානය ඉතා පැරණි සුසාන භූමියක් ය යන නිගමනයට එළඹ ඇති බවත් වාර්තා කරමින් ඬේලි නිව්ස් තවත් ඉදිරියට යයි.

1955 පෙබරවාරියේ දී මිනුම් දෙපාර්තමේන්තුව එම ප‍්‍රදේශය මැන සකස් කළ පිඹුරු පත ග‍්‍රවුන්ඞ්වීව්ස් වෙත එවනු ලැබුණේ මෙම තත්ත්වය තුළ ය.

MG1012

වඩා පැහැදිලි පිටපතක් ලබා ගැනීමට මෙම ඡායාරූපය මත ක්ලික් කරන්න. එම සුසාන ප්‍රදේශය සොයා ගත්තේත් කැණීම් සිදු කරන ලද්දේත් කහ පැහැයෙන් සලකුණු කොට ඇති ප‍්‍රදේශයෙහි ය.

MG1014

MG1016

P.Plan 677 මැයැති තිරුකේතීස්වරම් ගම්මානයේ පිඹුරු පත බිම් මැනුම සිදු කෙරෙන කාලයේ දී හෝ ඉන් පෙර එක දු කනත්තක් හෝ පැවති බවක් වාර්තා නො කරයි. 1954, 1955 සහ 1961 වසරවලට අයත් නිල මිනුම් ලේඛනවල ප‍්‍රදේශයේ බිම් කොටස් සවිස්තරාත්මකව පැහැදිලි කෙරෙයි.

MG1017

MG1018

MG1019

MG1020

MG1021

වඩා පැහැදිලි පිටපත් ලබා ගැනීමට මෙම ඡායාරූප මත ක්ලික් කරන්න. 1980 ගණන් අග දී යුද්ධය අතරතුර විනාශ වන තෙක් අංක 32 බිම් කොටසට විරුද්ධ පැත්තේ තිබුණේ මාර්ග සංවර්ධන අධිකාරියේ සංචාරක බංගලාවක් බවත් යම් කාලයක දී එම බිම් කොටසේ ම සමුපකාර වෙළඳ සලක් ද පැවතී ඇති බවත් අප වෙත දැනුම් දෙනු ලැබ ඇත. සාවද්‍ය හෝ අසම්පූර්ණ මතකයකි යි පවසා මෙය අභියෝගයට ලක් කිරීමට හෝ නිෂ්ප‍්‍රභ කිරීමට හැකියාව ඇතත් මිනුම්පතිවරයාගේ නිල ලේඛනවල වත්මන් සුසාන අඩවිය වන අංක 32 බිම් කොටස ගැන සඳහන් වන්නේ ඝන කැළෑවකින් සහ ගල් වළකින් සමන්විත වූවක් ලෙස පමණකි. යාබද බිම් කොටස් ද කනත්තක හෝ සුසාන භූමියක කිසිදු සටහනක් පෙන්නුම් නො කරයි.

මේ අනුව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශ තරමක් සැක සහිත ය. මෙම ප්‍රදේශය සැබවින් ම කනත්තක් ලෙසට පැවති බවත් සියලූ ඇටසැකිලි කොටස් එම භූමිය එසේ කනත්තක් ලෙස භාවිත කළ කාලය ආශ‍්‍රිත කාබන් දාතම් දරන බවත් තහවුරු කරමින් ආචාර්ය දිසානායකට සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට තම ප‍්‍රකාශය මීට වඩා නිවැරදිව සනාථ කළ නොහැකි වුව හොත් මන්නාරම් සමූහ මිනී වළ සම්බන්ධයෙන් මීට වඩා දැඩි සහ ස්වාධීන පරීක්ෂණ පවත්වන්නැයි ඉල්ලා සිටින්නවුන් තෘප්තිමත් හෝ නිහඬ නො විය හැකි ය.

@Groundviews වෙබ් අඩවියේ පළවූ එම ලිපියේ සිංහල පරිවර්තනය @Vikalpa

සබැදි සටහනක්

s1.reutersmedia.net_2 ‘දරැණු වධ බන්ධන විය හැකියි‘ | මන්නාරමේ සමූහ මිනී වලෙන් මතු වූ කට ඇරී ඇති මිනිස් හිස්කබල් ගැන..