ලංකාවේ හමුදාවේ සෙබළුන් පිරිසක් විසින් හමුදා සෙබළියන්ව වධ බන්ධනයට ලක් කරමින් ඉතාමත් අමානුෂික අන්දමින් හැසිරෙන, පුහුණුවක් යැයි කියන, වීඩියෝ පටයක් යුටියුබ් ජාලය ඔස්සේ ප්‍රසිද්ධ වූයේ මීට මාස 6කට පමණ ඉහත දී ය. නමුත් එම වීඩියෝවේ සත්‍ය, අසත්‍යතාවය පිළිබදව කිසිදු අන්දමේ සාකච්ඡාවක් සිදු වූයේ නැත. එැබැවින් ඒ වීඩියෝව පිළිබදව කිසිදු ප්‍රකාශයක් හෝ ලියමනක් ප්‍රසිද්ධ වූයේ ද නැත. නමුත් මීට දින කිහිපයකට පෙර අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ මෙම රෑප රාමු රැගත් විඩියෝව ප්‍රචාරය වන්නට ආරම්භ විය.

ලංකා හමුදාවේ ප්‍රකාශය

මෙම වීඩියෝව ප්‍රසිද්ධ වීමත් සමගම හමුදාපතිවරයා උපුටා දක්වමින් අද දෙරණ වෙබ් අඩවිය මෙසේ පුවතක් පළ කලේය. ‘‘යුද හමුදාවට බඳවා ගත් හමුදා සෙබළියන් කිහිප දෙනෙකු අපහසුතාවට පත්වන ආකාරයේ පුහුණුවක් ලබාදුන් සෙබළුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට යුද හමුදාපතිවරයා අදාළ අංශ වෙත නියෝග කර තිබේ.

අන්තර් ජාලයේ “යු ටියුබ්“ අඩවියට මුදා හැර ඇති වීඩියෝවක් සැලකිල්ලට ගනිමින් යුද හමුදාපතිවරයා මෙම නියෝගය ලබාදී ඇත.

අනුරාධපුර යුද හමුදා කඳවුරේ 2012 වසරේදී සිදුකළ පුහුණුවකට අදාළ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් මෙලෙස අවධානය යොමුව තිබේ.

යුද හමුදා විනය නීති කඩකරමින් හමුදා සෙබළියන් පිරිසකට පුහුණුවක් ලබාදෙන ආකාරයක් එම වීඩියෝ පටයේ අන්තර්ගතය.

ඒ අනූව යුද හමුදා නීතියට පටහැනිව අදාළ පුහුණුව ලබාදුන් අය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස යුද හමුදාපතිවරයා අදාළ අංශ වෙත නියෝග කර තිබේ‘

පසුව හමුදා මාධ්‍ය ප්‍රකාශක රැවන් වනිගසූරිය ප්‍රකාශ කර තිබුණේ,

‘යුදහමුදාපතිවරයාගේ නියෝගය පරිදි පරීක්ෂණයක් සිදු කලා. ඒ පරීක්ෂණයේදී හෙළි වුනා ඒ, යු ටියුබ් පටයෙහි සදහන් කරැනු සත්‍ය බවත්, එ් සිද්ධිය පිළිබදව තව දුරටත් පරීක්ෂා කරගෙන යෑමේදී එයට සම්බන්ධ සියලුම අයවලුන් මේ වන විට හදුනාගෙන තිබෙනවා. හමුදාපතිවරයා විසින් නියෝග කර තිබෙනවා හමුදා පනත යටතේ ඒ අයවලුන්ට විරැද්ධය උපරිම ලෙස කටයුතු කිරීමට‘‘ (උපුටා ගැනීමකි)

දැන් වීඩියෝව සත්‍ය බව හමුදාව පිළිගෙන ඇත.

නමුත් ලංකාවේ බොහෝ මාධ්‍ය එම වීඩියෝව තමන්ගේ මාධ්‍ය තුළ පළ කර තිබෙන්නේ හුදු සිදුවීමක් පමණක් ය යන දැක්මේ සිට බව එම වාර්තා බැලු වීට පෙනී යයි. එසේම එම වීඩියෝව චිත්‍රපටයක යම් ජවනිකාවක් නරඹනවාක් මෙන් බලමින් කිසියමි ආශ්වාදයක් විදින පිරිස් ද සිටින බව ඒවා පලකල ඇතැමි මාධ්‍යවල එ් පිළිබදව දමා ඇති සිරස්තලත්, එයට ලැබී තිබෙන ප්‍රතිචාරත් බැලීමෙන් අවබෝධ කර ගත හැකිය. 2009 මැයි මස 20 වනදා වන තෙක් මෙයට වඩා බිහිසුනු, මිනිස් වේදනාවන් සමග පොරබදන රෑප රාමු ආලින්දයේ රෑපවාහිනියෙන් ප්‍රසිද්ධියේ පෙන්වූ රටක ජනතාව මේය නරඹා කිසිදු අන්දමේ කම්පාවක් ඇති විය හැක්කේ ද නැති තරම්ය. ඒ තරමටම ලේ, වෛරය, ඝාතනයන් සාමාන්‍ය කරණය කරමින් තවමත් මැයි 19වනදාට කිරිබත් කමින් මිනිසුන්ගේ මළ කදන් මතින් විනෝද වන නිසාය.

අමතක කරන සත්‍ය

ලංකාවේ බොහෝ ජනමාධ්‍ය මෙන්ම මිනිසුන් ද අමතක කරන සත්‍ය නම් තමන්ගේ සහෝදර සෙබළියන්ව අමානුෂික වධ බන්ධනයට ලක් කරන්නේ ‘මානුෂික මෙහෙයුමක්‘ කලා යැයි කියන සෙබලුන් බවය. එසේම 2009 වසරේ අවසාන භාගයේ කිසිදු සිවිල් වැසියෙක් ඝාතනයට ලක් වූයේ ද නැතැයි කියන හමුදාවය. එසේම යුද්ධයෙන් පසුව ද කිසිදු අයුරකින් උතුරේ මෙන්ම දකුණේ මිනිසුන්ගේ ජීවිත බිලි ගත්තේ නැතැයි කියන හමුදාවය.

මෙම වීඩියෝවේ රෑප රාමුවලට යටින් දිවෙන කතා විලාශයන් හොදින් විග්‍රහ කල විට එය තවත් සනාත වේ. ‘ලේ ඕන් දැක්කොත් එනවා පොඩි ගැප් එකක්, ගැම්මක්‘‘ මේ කියන්නේ සිය සහෝදර සෙබළියන්ටය. පුහුණුවක් නම් එහිදී පවා ඔවුන්ගේ මානසික තත්ත්වය එසේය.

තත්ත්වය එසේ නම් මෙම සෙබලුන් ඔවුන් සතුරන් යැයි සැලකෙන පිරිසක් තම ග්‍රහණයට ගත් විට කුමක් නම් කරනු ඇති දැයි සිතා ගැනීමට තව දුරටත් පැහැදිලි කරිම් අවශ්‍ය වන්නේ නැත.

ලේ දැකීමේ මුග්ධ ආශාවෙන් පෙළෙන මිනිසුන් සහ ඔවුන්ට නායකත්වය දුන් අය විසින් ‘මානුෂික මෙහෙයුමක්‘ යැයි නම් කරමින් දහස් ගණනක් ඝාතනය කල ‘යුද්ධයක්‘ කල විට එහි සිදු වුනා යැයි කියන ‘අපරාධයන්‘ පිලිබදව කවුරැන් හෝ වීඩියෝ පට තනා පෙන් විය යුතු වන්නේ ද නැත.

මක්නිසා ද යත්, මිනිස් වේදනාවන් ගැන සංවේදී ඕනෑම අයෙකුට මෙවැනි කෘෘරකම් බැලු සැනින් එය සිතා ගත හැකිය. නමුත් ඊනියා දේශප්‍රේමීන්ට නම් තවමත් මේවා දැකීමෙන් ද ‘නිල් මානෙල්‘ මල් මතක් වනු ඇති.