Image: Screen Shot | Derana Video

පසුගිය බ්‍රහස්පතින්දා එජාප මංත්‍රීන් පිරිසට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ ගුවන්තොටුපලේ දී එල්ලවූ මැර ප්‍රහාරයට අදට දින 4කට ආසන්නය. සියලු රෑප රාමු, වීඩියෝ සටහන් තිබියදී කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගෙන නැත. කෙරෙමින් පවතින්නේ ප්‍රකාශ සටහන් කරන ගැනීම පමණකි. පිස්තෝලයක් රැගෙන පැමිණි නගරාධිපතිවරයාත්, වාහනයට ගල් ප්‍රහාරයන් එල්ල කරන ලද මෙන්ම බිත්තර ප්‍රහාරයන් එල්ල කල මැරයින් එහි දී සෙල්ලම් කලාක් මෙනි.

Image Credit; Lankadeepa
Image Credit; Lankadeepa

පොලිසිය මුලින්ම පවසා සිටියේ ගුවන්තොටුපලත්, වරායත් නැරඹීමට යන්නට පෙර පොලීසියෙන් එම මංත්‍රීවරැන් ආරක්ෂාව ඉල්ලා නොසිටි බවය. එසේ කීවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණය. දැන් ලංකාවේ ජාත්‍යන්තර වරායක් සහ ගුවන්තොටුපොළෙක් නැරඹිබට යාමට පොලීස් ආරක්ෂාව තිබිය යුතු බව ඔහු වක්‍රව පවසයි. එය සත්‍යක් විය හැකි බැවින් අපි මාධ්‍ය ප්‍රකාශකට ස්තූවන්ත විය යුතුය. ඒ මක් නිසාද යත්, රාජපක්ෂ ආණ්ඩුවේ ඇත්ත තත්ත්වය නිළ වශයෙන් ප්‍රකාශ කිරීම ගැනය.

එය නම් හම්බන්තොට වරාය, ගුවන් තොටුපල කිසිදු ආරක්ෂාවක් නැති ස්ථානයන් බවත්, කිසිවෙකුත් යනවා නම් පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටිය යුතු බව ඔහු වක්‍රව කියා සිටි බැවිනි. තත්ත්වය එසේ නම් ඒ තරමටම හම්බන්තොට අනාරක්ෂිතය. ජනතාවගේ මුදලින් තැනු සංවර්ධන ව්‍යාපෘති යැයි හදුන්වන ඒවා අනාරක්ෂිතය. ඒ අපට අනුව නොවේ. ලංකාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අනුවය. එය ඔහුගේ වචන වලින්ම කියවන්න.

‘‘එම ස්ථානවලට යන බව සදහන් කර, ආරක්ෂාව ඉල්ලලා පොලීසියට කිසිදු දැනුම් දීමක් කර නැහැ. කෙසේ වෙතත් හම්බන්තොට ප්‍රදේශයේ දී කිසියම් සිදුවීමක් ඇති වෙලා තියනවා වරාය නැරඹීමට ගිය අවස්තාවේ දී. ඒ සිදු වීම දැන ගත් විගසම පොලීසිය එම ස්ථානයට ගියා. (Video| Time-05.18-05.36)‘‘

එසේ නැතිනම්, වරායත්, ගුවන් තොටුපළත් නැරඹිමට යාමට පෙර පොලීස් ආරක්ෂාව ඉල්ලා සිටිය යුතු යැයි පවසන හේතුව මාධ්‍ය ප්‍රකාශක වරයා පැහැදිලි කළ යුතුය.

පොලීසිය බලා සිටියදී බිත්ත ප්‍රහාර | Image by, Dailymirror
පොලීසිය බලා සිටියදී බිත්ත ප්‍රහාර | Image by, Dailymirror

අනෙක් කරැණ නම් එතැන සිටි පොලිස් නිළධාරීන් උඩ බලං සිටින අයුරැ ඉතා පැහැදිලිව රෑප රාමුවලින් පෙනෙද්දී මාධ්‍ය ප්‍රකාශක එවැනි කතා කීමෙන් පැහැදිලි වන්නේ ලංකාවේ නීතියේ අධිපත්‍ය බිද වැටී ඇති තත්ත්වයයි. පොලීසියේ බබාලාට නීතියේ අධිපත්‍ය වැඩක් වන්නේ නැති බව ඔප්පු කළේ ද අද ඊයේ නොවේ. රාජපක්ෂ පාලනය ආරම්භ වූ දා සිට එය වැඩක් නැති බවත්, දැන් වන විට නීතියේ අධිපත්‍ය වෙනුවට, රාජපක්ෂ අධිපත්‍ය වෙනුවෙන් ඔවුන් වැඩ කෙරෙන බව මේ සියලු දේවල් වලින් ඔප්පු කරමින් තිබීම ගැන මේ පොලිස් බබාලාට තේරේන විට කෝච්චිය ගොස් හමාරය.

ඒ පොලිස් බබාලාගේ කියුම් කෙරැම්ය

33(114) l 350

සරමක් කැහැපොට ගසා ගත් මැරයෙක් සමග පිස්තෝලයක් අතින්ගත් හම්බන්තොට නගරාධිපතිවරයා දුව එන අයුරැ ඒකවරම දකින විට එය චිත්‍රපටයක රෑප රාමුවක් වැනිය. නමුත් එය සැබෑ රෑප රාමුවක් බවත්, එය මහින්ද රාජපක්ෂලාගේ අගනුවර වන හම්බන්තොට දේශපාලන චන්ඩීන් මහදවල් පොලීසිය ඉදිරියේ හැසිරැනු අයුරැ බවත් දැන් වසා දැමීමට නොහැකිය. පසුව එහි ගොස් සිටි මාධ්‍යවේදීන් ලබා ගත් ඡායාරෑප සහ විඩියෝ සටහන්වල පිහිටෙන් මැරයින් සිදුකල මැර වැඩ දැන් රහසක් නොවේ. පසුව නගරාධිපති සිනා වෙවි මුලින්ම කීවේ මම ආවේ ආරවුල බේරන්න බවත් ය. පිස්තෝලය ගැන ඔහු කීවේ එය සෙල්ලම් පිස්තෝලයක් බවත්ය. දැන් අසභ්‍ය වචනයෙන් බැණ වැදී, මංත්‍රීවරැන්ට සහ ඔවුන්ගේ වාහනයට පහර දුන් පසුත් නගරාධිපතිවරයා කියන්නේ ඔහු ගෙනාවේ සෙල්ලම් පිස්තෝලයක් බවය. දැන් මෙම සෙල්ලම් පිස්තෝල කතාව පොලීසියද පිළිගන්නා බවක් පෙනෙන්නට තිබේ. පොලීසියේ කිසිවෙක් මෙම පිස්තෝලය වැඩිය යමක් කතා නොකර සිටීමට පරෙස්සම් වන්නේ ඒ නිසාය. එපමණක් ද නොවේ මෙය නගරාධිපති තනියම මෙහෙය වූ මෙහෙයුමක් ද නොවන නිසා පොලීසිය ද, නගරාධිපති ද, බබාලා වී ඇත. එජාප මංත්‍රීන් ඉදිරියේ මැරයන් වූ නගරාධිපති සහ පාලකයින්ගේ ඉදුල් කන ඇම්බැට්ටයන් දැන් වැඩේ පත්තු වූ නිසා බබා ලා වී නැළවෙන්න සූදානම් වන අයුරැ පෙනෙන්නට තිබේ. නමුත් දැන් සෙල්ලම් පිස්තෝලය ගැනද, පොලීසියේ බබාලා ගැනද, නගරාධිපති මැරයා සහ ඔහුගේ බබා කතා ගැන ද, ‘ඇත්ත‘ මුලු ලෝකයාම දන්නේ ය. දැන් නගරාධිපති බබාගේත්, රාජපක්ෂකරණය වූ පොලිස් බබාලා ගැනත් වපසරිය සියල්ලන් ඉදිරියේ හතරගාතෙන් වැටී නිරැවත් වී ඇත.

එජාපය පංදුව නිදැල්ලේ යවයි ද?

එජාප මංත්‍රී අජිත් පී පෙරේරා ඇතුලු මංත්‍රි පිරිසට, රාජපක්ෂලාගේ දංකුඩ කන මැරයින් විසින් සිදුකල මෙම ත්‍රස්ත ක්‍රියාවට ඉතාමත් ඉවසිලිවන්තව මුහුණ දෙමින් එය ලෝකය හමුවේ තැබීමට එම මංත්‍රී පිරිස සමත් විය. ආරම්භයේ සිටම දූෂීත සහ අසාර්ථක ව්‍යාපෘතීන් ලෙස නම්දරා තිබූ මෙම ව්‍යාපෘති වල සත්‍ය තත්ත්වය හෙළිදරවු කර ගැනීමට සමත් වූ මෙම සිදුවීම තරම්, සිදු වීමක් තවත් නැත. ‘වහන්න මොනව හිරි තිබෙන නිසා තමයි අපිට ගැහුවේ‘ යැයි පසුව පැවති සාකච්ඡාවකදී එජාප මංත්‍රීවරැන් පැවසුවේත් ඒ නිසා විය හැකිය.

නමුත්, සිදුවීම පිළිබද මාධ්‍ය සාකච්ඡාවකින් ඔබ්බට ගොස් මෙම සිදුවීම සමස්ත සංවර්ධන ව්‍යාපෘතිවල දූෂණයත්, අසාර්ථක තත්ත්වයත් වගේම, ලංකාවේ නීතියේ පාලනය බිදවැටීම පිළිබදව ප්‍රශ්න කරන වේදිකාවක් බවට පත් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තවමත් සමත් ව නැත. දැන් එය අජිත් පී පෙරේරා ඇතුලු මංත්‍රී පිරිසකගේ වැඩක් පමණක් බවට උණනනය වෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ. නමුත් මෙම සිදුවීම ලංකාවේ පොලීසිය සහ පොලීසිය රාජපක්ෂකරණය කර තිබෙන ආකාරය ගැනත් ප්‍රශ්ණ කරමින් ලංකාවේ නීතියේ පාලනය බිද වැටිමත්, පොලීසියේ පක්ෂපාතීත්වයත් ප්‍රශ්න කරන විපක්ෂයේ දැවැන්ත අරගලයකට සරැ බීජයන් හම්බන්තොටින්ම සපයා දී තිබේ. නමුත් එජාපය මෙයට සක්‍රීය ලෙස මැදිහත් වෙමින් මෙම සිදුවීම පාර්ලිමේන්තුවටත්, සමස්ථ සමාජයත් ගෙන යාමට තවමත් සූදානම් නැතිබවකුත් දක්නට ලැබෙයි. මෙම සිදුවීම පමණක් නොව පොදුරාජ්‍ය මණ්ඩල සමුලුව අවස්ථාවේ එජාප මුලස්ථානයට කඩා වැදී තර්ජනය කරමින්, රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයාගේ රථයටත් හානි කරන ලද අවස්ථාවේත් එජාප ය හැසිරැනේ මෙලෙසය. එහි දී එසේ හැසිරැණා පමණක් නොව පසුව රවී කරැණානායක සහ දයා ගමගේ වැනි අයව යොදවා බොදුබල නම් කල්ලියෙන් සමාව ද ගත්තේ ය.

එබැවින් මේ සියලු දේ පිළිබදව දේශපාලනිකව කල්පනා නොකර, හුදකලා සිදුවීමක් ලෙස පාවෙන්නට හැරියහොත් එජාපය ඇතුලු විපක්ෂයට සිදුවන්නේ පසුගිය පළාත් සභා මැතිවරණයෙන් ලැබුණා යැයි කියන සුලු හෝ පදනම ද දෙදරවා ගැනීමට ය.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon