Colombo, Featured Articles, Health, Media

කළම්බු ටෙලිග‍්‍රාෆ් ලිපියට පිළිතුරක්

කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවියෙහි පළ වූ ලිපියක් (PDF පිටපතට මෙතැනින් පිවිසෙන්න, සියලූ අන්තර්ජාල සේවා සම්පාදකයන් නීති විරෝධී ලෙස මෙම අඩවිය තව මත් ශ‍්‍රී ලංකාව තුළ අවහිර කර ඇත) මට එරෙහිව චෝදනා කිහිපයක් නගයි. මෙය මා පෞද්ගලිකවත් ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය වේදිකාවක් ලෙසත් ඉලක්ක කර ගෙන එම අඩවියෙහි ලිපියක් පළ වී ඇති පළමු වතාව නො වේ. කෙසේ වෙතත් මා සිතන පරිදි එය අනාගතයේ දී පළ වීමට යන එවැනි ලිපි මාලාවක වඩාත් ම බරපතළ ලිපිය යි. මා කලම්බු ටෙලිග‍්‍රාෆ් අඩවිය තුළ ම ඊට පිළිතුරු දීමට අදහස් නො කරමි – ලිපියට පහළින් ඇති ඒ ගැන අදහස් දැක්වීම් කෙරෙන(Comments) කොටස නිර්නාමිකත්වයේ වෙස් මුහුණ පිටුපස සැඟවුණවුන්ගේ කැකෑරෙන කෝපය වගුළ වසුරු වළකි – ලිපිය ගැන කරුණු දෙකක් පමණක් අවධාරණය කිරීමට මම අදහස් කරමි.

ලිපිය CPA මාධ්‍ය ඒකකයේ සම්බන්ධීකාරකවරයා නම් නො කර පිරිමියෙකු ලෙස සඳහන් කිරීම ගැන මම මවිත වෙමි. CPA මාධ්‍ය ඒකකයේ අවසන් වරට පිරිමි සම්බන්ධීකාරකවරයෙකු සිටියේ 2004ට පෙර ය. 2004න් මෙපිට එම ආයතනයෙහි කාන්තා සම්බන්ධීකාරකවරුන් දෙදෙනෙකු සිට ඇත – එක් අයෙකු 2004 සිට 2012 දක්වාත් අනෙක් අය 2012 සිට මේ දක්වාත් වශයෙනි.

2009 දී CPA මාධ්‍ය ඒකකයේ එවක සම්බන්ධීකාරකවරයා ද CPA විධායක අධ්‍යක්ෂවරයා ද කලින් CPA සේවා නියුක්තිකයෙකුව සිටි කළම්බු ටෙලිග‍්‍රාෆ් සංස්කාරකවරයා ද අතර සිදු වූ විද්‍යුත් තැපැල් හුවමාරු මාලාවක දී ද දැන් එළිපිට සඳහන් කෙරෙන ආකාරයේ චෝදනා ඉඟියෙන් සඳහන් විය. මේ අනුව ලිපියේ දී ඉදිරිපත් කෙරෙන ලදු පත් හා ඒ ආශ‍්‍රිතව එල්ල කෙරෙන ව්‍යාකුල චෝදනා මාලාව කළම්බු ටෙලිග‍්‍රාෆ් සංස්කාරකවරයා සන්තකයෙහි වසර දහයකටත් වැඩි කාලයක් තිස්සේ තිබී ඇති බව පෙනී යන අතර අතීතයේ දී විද්‍යුත් තැපැල්වල සඳහන් කර ඇතත් කිසි විටෙක සනාථ කර නැති එම තොරතුරු මේ දැන් හදිසියේ ප‍්‍රසිද්ධ ක්ෂේත‍්‍රයෙහි පළ කෙරෙන්නේ මන්ද යන්න මවිතයට කරුණකි.

මෙය ද පැවසීමට මට ඉඩ දෙන්න.

අද දින මට එරෙහිව පළ කර ඇති ලිපිය වර්තමානයේ දී සියලූ අන්තර්ජාල සේවා සම්පාදකයන් ශ‍්‍රී ලංකාව තුළ කළම්බු ටෙලිග‍්‍රාෆ් අඩවිය නීති විරෝධී ලෙස අවහිර කරන්නේ මන්ද යන්නට තවත් උදාහරණයක් යැයි පැවසුව හොත් එය අමනෝඥ වූත් අපරීක්ෂාකාරී වූත් කතාවකි. අඩවිය අවහිර කිරීමෙන් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව කරන්නේ එහි පළ වන විවරණයේ ගුණාත්මකත්වයට නොගැළපෙන අධිකාරයක් ඊට ලබා දීම යි. එහෙත් කිසිදු සනාථ කිරීමකින් තොරව සහ අප ප‍්‍රශංසාවට ලක් කරන දෑ තරමට ම අපට ගරහන දෑ ද පළ කිරීමට අයිතියක් ඇතැයි යන මූලධර්මය ඉතා ම පටු අරුතින් ගෙන අප පිළිබඳව ලියන නරක ම දෙයට පවා ඉඩ දීමට අපට නොහැකි නම් අපි මාධ්‍ය නිදහසේ සැබෑ ආරක්ෂකයන් නොවන්නෙමු. කළම්බු ටෙලිග‍්‍රාෆ් සංස්කාරකවරයා පළ කර හා ලියා ඇති අන්තර්ගතයෙන් සැබවින් ම තැති ගෙන සිටින මම මේ හේතුව නිසා ම පමණක් එම අඩවිය අවහිර කිරීමට එරෙහිව කැප වී සිටින්නෙමි.

76-5-110
සංජන හත්තොටුව
| Sanjana Hattotuwa

* Groundviews වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක සංජන හත්තොටුව විසින් සටහන් කළ Response to article in Colombo Telegraph යන ලිපිය පරිවර්තනය කරමින්, විකල්ප වෙබ් අඩවිය විසින් පළ කරන ලද්දේ උදක්ම සිංහල පමණක් ඇසුරැ කරන සහෘද පාඨකයාගේ දැන ගැනීම සදහාය.