Image Credit: bbc.com

පසුගිය දා අලුත්ගම, දර්ගා නගරයේ දී හාමුදුරැනමක්(අයගම සමිත හිමියන්) සමග ගමන්ගත් තවත් පිරිසක් සමග එහි මුස්ලිම් තරැණයන් දෙදෙනෙක් අතර ඇති වුනා යැයි පැවසෙන ගැටුමත් නිසා අලුත්ගම නගරය තරමක් උණුසුම් විය. එහිදී භික්ෂූන් ඇතුලු පිරිසක් අලුත්ගම නගරයේදී විරෝධතාවයක් පැවැත් වූ අතර මුස්ලිම් ජාතිකයන්ට අයත් ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ද අලාභානි කිරීමටත් විරෝධතාකරැවන් පසුබට වූයේ නැත. එහිදී තත්ත්වය උණුසුම් වූ බැවින් ඔවුන් විසුරැවා හැරීමට කදුලු ගෑස් භාවිතා කිරීමට ද සිදු වූ බව වාර්තා විය. ඉන් පසු එම තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් තිබිණි.

බොදුබල මැදිහත් වීම හෙවත් ගින්නට පිදුරැ දැමීම

_75544438_mayday121

එම තත්ත්වය පහව යනවාත් සමගම ඊ‍යේ(15) බොදු බල සේනාව විසින් එම ප්‍රදේශයේදී විරෝධතාවයක් කැදවා තිබිණි. නමුත් එම සංවේදී තත්ත්වය නීතිය ආරක්ෂා කරන නිළධාරීන් ඇතුලු සිවිල් මැදිහත්වීමකින් තත්ත්වය පාලනය කරනවා වෙනුවට බොදු බල සේනාව මැදිහත් වූයේ සිය සුපුරැදු නග්න ස්වරෑපය පෙන්වමිනි. බොදු බල නම් කල්ලියේ ඥාණසාර ලේකම් යැයි හදුන්වන චීවරධාරියා විසින් වේදිකාවක් මත සිට සිය වර්ගවාදය වමාරනු ලැබූවේ බුද්ධ පුත්‍රයන්වත්, බුදුන්ගේ ධර්මයවත් අල්ප මාත්‍රයකට මායිම් නොකරමින්ය. ඔහුගේ කටින් පිටවූයේ පෂ්චාත්භාගයෙන් වත් පිට නොවන දේවල්ය. ඒ දේවල් පිටවනවාත් සමග රැස්ව සිටි පිරිස සාධුකාර වෙනුවට දුන්නේ ඔල්වරසන්ය. ‘හූ‘ ය. එපමණක් ද නොව ප්‍රථම වරට ඥානසාර නම් භික්ෂුවගෙන් තමන් නියෝජනය කරන කුලකය ඔහුගේ මුවින්ම පිටවිය. ‘ඔවු යකෝ අපි ජාතිවාදීය, අපි වර්ගවාදීයි‘ යනුවෙන් තමන් නියෝජනය කරන ඇත්ත තත්ත්වය හෙළි කලේය.(බලන්න වීඩියෝව) මේ සියලු වියරැ නාඩගම කිරීමට ඉඩ දෙමින් රාජපක්ෂ ආණ්ඩුවත්, ආණ්ඩුවේ ආරක්ෂක අංශත් බිල්ලන් සේ බලා සිටියේ ය. වෙනත් අවස්ථාවලදී ශිෂ්‍යන්, වෙනත් සංවිධාන වැනි කවුරැන් හෝ විරෝධතාවයන් පවත් වන විට ඊට පෙර සාමය කඩවනවා යැයි කියමින්, අධිකරණ නියෝග තුළින් විරෝධතාවයන් මැඩ පැවැත් කළ ආණ්ඩුව මෙහිදී ඒ කිසිවක් සිදු කළේ නැත. ගින්නට පිදුරැ දැමීමට ගිය බොදුබලට, ඉන්ධන ද සපයා පසුව සමාජ මාධ්‍ය හරහා වෙනත් කතාවන් කීමට පටන් ගත්තේය.

මේ එවැනි ‘කතා‘ ය,

එවැනි තක්කඩි කතා ඉදිරිපත් කර ලෝකයා රවටා දැමීමට උත්සහ කළ ආණ්ඩුවේ නිරැවත ලෝකයටම හෙලි කරමින් ප්‍රථිපලය බියකරැ ලෙස ඉදිරියට ආවේ, අලුත්ගම ප්‍රදේශයේ කඩසාප්පු ගිනි ගනිද්දීය. එය දෙහිවල දක්වා පැමිණ තවත් ව්‍යාපාරික ස්ථානයකට පහර දීමක් සිදු වූ විටය. අද(16) පානදර වන විට සිදු වූ ගැටුම්වලින් 80කට අධික පිරිසක් රෝහල් ගත කළ බවටත් වාර්තා වූ අතර, දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් අද උදෑසන වන විට වාර්තා විය. දැන් තමන් හදා වඩා ගත් පිස්සු බල්ලන් පාරට බැස ජීවිතත් සමග ගනුදෙනු කිරීමට පටන් ගෙන ඇත. අලුත්ගම ගින්නට බොදුබලය පිදුරැ දමන විට, රාජපක්ෂලා ඉන්දන දැම්මේ ද, පුද්ගලයන් කිහිප දෙනෙක් අතර ඇතිවූ ගැටුම ජාතීන් අතර ගැටුමක් බවට පත්කරමින් බොදුබලයේ ප්‍රචණ්ඩත්වයට ආණ්ඩුව උඩගෙඩි දුන්නේ එළෙසය.

වාර්ගික හා ජාතිවාදී හැගීම් අවුස්සමින් ඇතැම් පිරිස් ප්‍රචණ්ඩත්වයට ඇද දැමීම පහසු කාර්යයකි. නමුත් ඔවුන් අතර සුහදදත්වය වර්ධනය කරමින් ඇති වීමට යන ව්‍යසනය පාලනය කිරීම පසෙකලා බොදු බලයට සිය නග්න භාවිතාවයට ආණුඩුව විසින් පහසුකම් සපයා දුන්නේය. එළෙස, උණුසුම් තත්ත්වය මැද මුසල්මානුවාට ප්‍රසිද්ධියේ බැන වැදී සිංහලයා මහපාරට ඇද දමා මුසල්මානුවාට එරෙහිව නැගිටපියවු කියන චීවරධාරීන්ට උඩගෙඩි දුන්නේ වෙන කවුරැත් නොව ආණ්ඩුවය.

එය අලුත්ගම දී පමණක් නොව පසුගිය කාලයේදී බොදුබල ඇතුලු එවැනි කල්ලීන් විසින් තැන්තැන්වල සිදුකළ සියලු ප්‍රචණ්ඩ හැසිරීම් වලදී ද මනාවට පෙන්නුවේය. එතැනින් නොනැවතී ඔවුන්ව හුරතල් කළේය. මහපාරේ, රාජ්‍ය ආයතනවල සේම අධිකරණයේත් පිස්සු බල්ලන් සේ හැසිරීමට ඉඩ හැර අහක බලා සිටියේ ය. එහි බියකරැ ප්‍රතිඵලය ඊයේ සිට අද උදෑසන වන විට දක්නට ලැබෙමින් තිබේ.

එපමණක් ද නොවේ, බොදුබල ඇතුලු ඔවුන් විසින් උසි ගැන්වූ ප්‍රචණ්ඩකාරීන් නිසා ඇති වූ ව්‍යසනය, ප්‍රචණ්ඩත්වය බොහොමයක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ, විශේෂයෙන් අන්තර්ජාල මාධ්‍ය තුළ, අද උදෑසන වන තෙක් සිය නිහඩ බව ද ප්‍රකාශ කිරීම මෙහි තවත් විශේෂත්වයකි. වෙනත් අවස්ථාවලදී නිදි නොමැතිව අන්තර්ජාල මාධ්‍ය තුළ සිය ගනණක් පුවත් දමන එම බොහොමයක් මාධ්‍ය මෙහිදී සිය නිහඩ බව රැක්කේය. නමුත් සමාජජාල පදනම් වෙනත් මාධ්‍ය අවකාශයන් සහ පුද්ගලයින් විශේෂයෙන් ට්වීටර් සහ ෆේස්බුක් හරහා අලුත්ගම සත්‍ය තත්ත්වයන් ඊයේ රාත්‍රී සිට යාවත්කාලීන කරමින් තිබේ. මෙයද මෙවැනි සංවේදී ගැටලු වලදී වැදගත් ය. එසේ වැදගත් වන්නේ ලංකාවේ මාධ්‍ය ද මෙවැනි සංවේදී තත්ත්වයන් වාර්තා කිරීමේදී දක්වන උනන්දුව තුළ ලංකාවේ තවත් එක් පැතිකඩක් කියවා ගැනීමට හැකියාව ලැබෙන බැවිනි.

බලන්න මෙම ප්‍රධාන ධාරාවේ සිංහල වෙබ් අවකාශයන්ගේ ටිවීටර් ගිණුම්,(අවසන් යාවත්කාලීන් කළ වේලාවත් සමග)

මේ ජූනි මසය,

දෙමළාට එරෙහිව වීදි බට සිංහලයින් දකුණේ දී දෙමළාව හැකි පමණ කුඩුපට්ටම් කළේ, ජයවර්ධන පාලනයේ ආශිර්වාදයෙනි. ඒ 83 ජූලියේ දීය.

දැන්, 2014 ජූලිය ආසන්න ය. බොදුබල වැනි කල්ලිවලට තමන්ට රිසි සේ මුසල්මානුවාට එරෙහිව, පොලු අතට ගන්නටත්, ගිනි තබන්නටත් උඩගෙඩි දෙන රාජපක්ෂ ආණ්ඩු සැරසෙන්නේ මුසල්මානුවාට එරෙහිව තවත් කලු ජූලියකට ද?

එවැනි බියකරැ ව්‍යසනයන් වලක්වා ලීමට අවශ්‍ය වන්නේ රටේ යහපාලනය ය. යුක්තිය ය.

එසේ නොමැතිව ‘බහුතරය අපි, අපි කියන විදිහට තොපි ඉදපල්ලා‘ යැයි සංඛ්‍යාෙවන් අඩු වෙනත් ජාතීන්ට ‘තග‘ දමා කියන අන්තවාදී කල්ලින්ට උඩගෙඩි දෙමින්, තමන්ගේ දේශපාලන ශරීරය උස්මහත් කර ගැනීමෙන් නොවේ. එය තවතවත් ව්‍යසනයට අත වැනිමකි.

##

අලුත්ගම තත්ත්වයන් වල ප්‍රධාන තොරතුරැ යාවත්කාලීන කිරීමක් කරන @ග්‍රව්න්ඩ්වීව්ස්