දර්ගාවට ඇදිරිනීතිය දැමුවේ ඊයේ(15) සවස ය. රාත්‍රිය උදා වෙත්ම දර්ගා නගරයේත්, අලුත්ගම, බේරැවල නගරවලත් ගැටුම් හටගත්තේය.ඒ ඇදිරි නීතිය දමා තිබියදීය. ඒ ගැටුම වර්ධනය වී දෙහිවල ෆාමසියක් ද කලහකාරීන්ගේ පහරදීම්වලට ලක්විය.

ඉන්පසු තත්ත්වය උණුසුම් වූයේත් අැදිරි නීතිය දමා තිබිය දී ය. මුස්ලිම්වරැන්ට අයත් දේපල විශාල වශයෙන් ගිණිබත් වුයේත් ඇදිරි නීතිය දමා තිබිය දීය. මේ වනවිට මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් මරණයට පත්ව ඇති බව අලුත්ගම වෙසෙන මුස්ලිම් ජාතිකයන් ප්‍රකාශ කල බව අද බීබීසී ය වාර්තා කර සිටියේ ය. එහි වැඩිදුරටත් සදහන් වන්නේ ‘දෙපාර්ශවය පැය ගණනාවක් මුළුල්ලේ ගල් මුල් හා බෝතල් යොදා ගනිමින් කලහකාරී ලෙස හැසිරී ඇති බවත්, ඉන් අනතුරුව මධ්‍යම රාත්‍රියේ දී, වයස තිහත් හතළිහත් අතර වයසේ පසු වූ මරණයට පත් මුස්ලිම් ජාතිකයන් තිදෙනාට වෙඩි තබා ඝාතනය කර තිබෙන බවත් පැවසෙයි.‘‘ එසේම තුවාල ලැබූ පිරිස් තාවකාලිකව රැඳී සිටි දර්ගා නගරයේ පිහිටි පල්ලියක් ලේ විලක් බවට පත් වී තිබූ අතර ඒ අවට මාර්ගයේ ලේ පැල්ලම් හා වෙඩි තැබීමෙන් ඇති වූ සිදුරු දැක ගත හැකි වූ බව එහි ගිය බීබීසී වාර්තාකරු සංදේශයට පවසා ඇති බවත් බීබීසිය වාර්තා කළේය.

මේ සියලු දේ සිදු වූයේ ඇදිරි නීතිය දමා තිබිය දී ය.
පැවසෙන අකාරයට වෙඩි තැබීම් සිදුව ඇත්තේ ද ඇදිරි නීතිය දමා තිබියදී ය.!

කෙසේ නමුත් දර්ගා නගරය අතුලු එම ප්‍රදේශවල ඇති වුනු තත්ත්වය පිළිබදව තොරතුරැ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කිරීමට කිසිදු උනන්දුවක් දක්වන බවක් ඊයේ සිටම දක්නට නොලැබිණි. එසේ වුවත් ස්වාධීන වෙබ් අඩවි සහ සමාජ ජාල මාධ්‍ය එම ප්‍රදේශවල සියලු තොරතුරැ මේ වනවිට ද මුදා හරිමින් තිබේ.

පහත පළවන්නේ ෆේස්බුක් සහ ට්විටර් සමාජ ජාල මගින් දර්ගා නගරය ඇතුලු ප්‍රදේශවල සිදුවීම් අලලා ප්‍රසිද්ධ කරන ලද ඡායාරෑපයි. එම ඡායාරෑපවලින් පෙනෙන ප්‍රචණ්ඩ ක්‍රියාවන් ද සිදු කර ඇත්තේ පොලීසිය, හමුදාව සහ විශේෂ කාර්ය බලකාය සිටියදී මෙන්ම ඇදිරි නීතිය දමා තිබියදී ය.

එසේ ආරක්ෂක අංශ සිටිය දී, ඇදිරි නීතිය දමා තිබිය දී මෙවන් මැර, ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදු කිරීමට හැකියාවක් ඇත්තේ කාට ද?

Image Credit: Twitter, Charles Haviland @cfhaviland


##
Image Credit: Twitter, Azzam Ameen @AzzamAmeen

##

10451065_662575437157119_7570081819826020932_n

Image Credit: Face Book

https://www.facebook.com/photo.php?fbid=574258742691154&set=pcb.574258939357801&type=1&theater
https://www.facebook.com/photo.php?fbid=645176268885291&set=pcb.645176375551947&type=1&theater
https://www.facebook.com/photo.php?fbid=574268619356833&set=pcb.574269806023381&type=1&theater
https://www.facebook.com/photo.php?fbid=645348352201416&set=pcb.645348502201401&type=1&theater
https://www.facebook.com/PureSriLanka/photos/pcb.689636581119972/689636417786655/?type=1&theater
https://www.facebook.com/466308066773849/photos/pcb.667885683282752/667885293282791/?type=1&theater
https://www.facebook.com/photo.php?fbid=662575433823786&set=pcb.662575577157105&type=1&theater