මීගමුව කලපුවේ මෝය ආශ‍්‍රිත ව පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන විශාල කඩොලාන පද්ධතියකට අයත් අක්කර අටක කඩොලාන භූමි ප‍්‍රදේශයක් නිවාස ව්‍යාපෘතියක් ඇතුළු සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා විසින් නැවත වරක් ක‍්‍රියා කරමින් සිටී.

2014 ජුනි මස 9 වන දින මීගමුව, කඩොල් කැලේ, කලපු කළමනාකරණ කමිටු රැුස්වීමට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මහජනතාවගේ අදහස් විමසමින් මෙම ව්‍යාපෘතිය නැවතත් ක‍්‍රියාත්මක කිරීමට ධීවර ජනතාවගේ අදහස් ලබා ගෙන තිබේ. 2009 වසරේ දී පළමු ව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා කඩොල් කැලේ, කඩොලාන වනාන්තරය එළි කළ අවස්ථාවේ දී ඊට එරෙහි ව ජනතාව හා පරිසර සංවිධාන ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රතිඵලයක් ලෙස එම ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමූ බව පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර වාර්තාවක් නිකුත් කරමින් පවසා සිටියි. එම සම්පූර්ණ වාර්තාව සදහා පිවිසෙන්න.
Negambo Lagoon 2

Negambo Lagoon