All photos by the author.
@www.vikalpa.org

ජුනි 15වන දින අලුත්ගම සහ බේරැවල ප්‍රචණ්ඩ සිදුවීම් ඇති වීමෙන් පසු සති දෙකක් ගත වී ඇත. එම දිනය ලංකාවේ ඉතිහාස පොත්වල ලියැවෙනු ඇත්තේ අදුරැම අදුරැ දිනයක් ලෙස මිස අන්ලෙසකින් නොවේ. මේ ගැටුමෙන් විනාශ වූ නිවාසවල සුන්බුන් අතරින් පරෙස්සමින් ඇවිද යමින් සටහන් කර ගත හැකි වූ ඡායාරෑප කිහිපයක් සහ සිදුවීම්වලින් ජීවිත අහිමි වූ අයගේ පවුල්වල සාමාජිකයන් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් විපතට පත් වූ නිවැසියන් සමග යෙදුනු කතාබහක් පිළිබදව වූ සටහනකි මෙම ලියවිල්ල.

එහි පැවති සාමාන්‍ය තත්ත්වය වූයේ බොදුබල සේනාව වෙත වූ දැඩි වෛරයකි. ගින්නට හසුවී විනාශ වූ නිවාසවල ඉතිරිව තිබූ බිත්ති මත අගුරැ කැබලිවලින් ලියැවුනු මෙම හැගීම් දැන් ඒවා නැරඹීම පිණිස ගෙයින් ගෙට යන සෙනග ආකර්ශණය කර ගන්නක් වී ඇත.

සිංහල, මුස්ලිම් හැටියට බලන්න එපා. නීතිය ක්‍රියාත්මක කරන්න‘ එවැනි එක් සටහනක් විය.

ත්‍රස්ථවාදී බොදුබල සේනාව‘ / ‘බොදු බල සේනාව එපා‘ තවන් එවැනි සටහන් වැකි බොහෝමයක් විය.

14536997364_c690e3e777_k

ගලගොඩඅත්තේ ඥාණසාර පිළිබදව ලියැවුනු බොහෝ වැකි ද තිබිණි. කෙටියෙන් කිවහොත් ඒවා එතරම් හොද ඒවා නොවීය.
බුද්ධාගමේ කියන කරැණාව මේක ද?‘ ඇතැම් වැකි වලින් කියැවිනි.

රජයේ ආයුධයි පාවිච්චි කළේ, ගොඨාභය රාජපක්ෂ වගකියනු‘, ‘මහින්ද රාජපක්ෂ වග කියනු‘ වැකි කිහිපයකින් ද කියැවිනි.

‘‘මේ ගොල්ලො තමයි අපිට මෙහෙම කළේ‘‘ එක් අයෙකු කියා සිටියේ මාගේ අතේ බැදි පිරිත් නූල දෙස දැඩි බැල්මක් හෙළමිනි. පිරිත් නූල බෞද්ධයන් තම අතෙහි බදින පූජනීය නූලකි. එය නපුරැ නරක බලපෑම් මගහැර වීමේ හා සුව කිරීමේ බලයක් ඇතැයි සැලකේ. මා මෙතැනින් ඔබ්බට යෑමට පෙර පිරිත් නූළ ගලවා දැමිය යුතු දැයි කල්පනා කරමි. නමුත් අවසානයේ මා තීරණය කළේ එය නොගලවා තබා ගැනීමටයි. මධ්‍යස්ථ බෞද්ධයන් බොදුබල සේනාව නියෝජනය නොකරන බවට අලුත්ගම ජනතාව දැන ගත යුතුය. ‘‘අපි ඔක්කොම එහෙම නෑ‘‘ මිතුරෙකු වහාම කියා සිටියේ මාගෙ ආරක්ෂාවට මෙනි. නමුත් ඔහු එයට එතරම් එකග වූ බවක් නොපෙනෙනි.

14515400986_44190239b1_h

‘‘මේක මංකොල්ලයක් මිස්. ජාතිවාදී මොකක්වත් නෙවෙයි‘‘ එක් පුද්ගලයෙකු කීවේය. තවමත් වෙවුලමින් සිටි තවත් අයෙක් ඊට එකග වෙමින් හිස සෙල වුයේ ඔහුගේ ගෙදරින් රැපියල් ලක්ෂ 7ක් පමණ වටිනා බඩු භාණ්ඩ සොරකම් කර ඇති බව කියමිනි.

16වනදා උදෑසන තම ජීවිත අහිමි වූ දෙදෙනාගේ බිරියන් තවමත් සිටියේ තම වැළපීමේ හා ශෝක කාලයේ ය. මොහොමඩ් සහිරාන් සහ මොහොමඩ් ශිරාස් සිට ඇත්තේ ගමේ පල්ලිය මුර කරමිනුයි. ඔවුන්ගේ ගෙවල්වල දී කිසිම ආරක්ෂාවක් නොවූ නිසා තම බිරියන් සහ දරැවන් තාවකාලිකව ආරක්ෂාව පිණිස රදවා සිටියේ එම පල්ලියේ බව, ඔවුන්ගේ ඥාතීන් කියා සිටියා. මා වීඩියෝ පටයක දැක තිබූ මොහොමඩ් සහිරාන්ගෙ වැඩිමහල් දියණිය හදුනා ගැනීමට මට හැකි වූනා. සති දෙකකට පෙර අප්ලෝඩ් කර තිබූ වීඩියෝ පටයේ සිටියා මෙන්ම ඇය තවමත් සිටියේ කදුලු පිරි දෙනෙතිනි. එම බිහිසුනු සිදුවීමෙන් මොහොමඩි ෂිරාස්ගේ, දියණිය ගේ මතකය ඉවතට ගැනීමට මිතුරෙකු උත්සහ කරමින් සිටියේ ස්මාට් ෆෝන් එකක් භාවිතා කරමිනුයි. ශිරාස්ගේ මස්සිනා එම රාත්‍රීයේ වූ සිදුවීම විස්තර කලා. නමුත් ශිරාස්ගේ බාලම දියණිය තම මව සිටි කාමරයට සැනසීම පතා දිව යමින් සිටියා. එවිට මව තම දෑසෙහි කදුලු වැගීරීම පාලනය කර ගැනීමට වෙර දරමින් කුඩා දැරියගේ දෙපාවල දූවිලි පිස දමමින් සිටියා. ‘‘මිස් මෙහෙම තමයි යාපනෙත් තියෙන්න ඇත්තේ‘‘ මට කියන්නට වචනයක් සොයා ගත හැකි වූයේ නෑ. තවත් කෙනෙක් කිවා, මෙය වෙස් වලා ගත් ආශිර්වාදයක් බව. ‘‘මේවා දැකලා දැන්වත් මේක නැවැත්තුවොත්… මොනවා නැතත්, ඒක මොකක් හරි.. ‘‘

ඔහු කියන දෙය නිවැරදි වේ යැයි මගේත් බලාපොරොත්තුව උනා.!

ත්‍යාගී රැවන්පතිරණ | Thyagi Ruwanpathirana [ත්‍යාගී රැවන්පතිරණ විසින් ග්‍රව්න්ඩ්වීව්ස් වෙබ් අඩවියට ලියූ The aftermath: Aluthgama two weeks on ලිපිය ඇසුරිනි @Vikalpa]

See all of the 98 photos in the album in full screen here.